ඖෂධ නියාමන අධිකාරිය අති දූෂිත ස්ථානයක් බවත්, එහි කාර්යාල කාර්ය සහායකයන් පවා පැමිණෙන්නේ බීඑම්ඩබ්ලිව් රථවලින් බවත් පාහියන්ගල ආනන්ද සාගර හිමියෝ පැවසූහ.
එහි ඇති ලිපිගොනුවක් පවා එහෙට මෙහෙට කිරීමට ලක්ෂ 5ක මුදලක් ගන්නා බවත් උන්වහන්සේ කීහ.
ආනන්ද සාගර හිමි අද දිනයේදී ඖෂධ නියාමන අධිකාරිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මේ බව සදහන් කර සිටියේය.










