බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා මේ සතියේ ඩුබායි රාජ්‍ය බලා පිටත්ව යාමට නියමිතය.
මන්නාරම් ද්‍රෝණියේ ඇතිය කියන ඛනිජ තෙල් නිධි ගවේෂණය කිරීම සම්බන්ධයෙන් ඩුබායි රාජ්‍යයේ සිටින දැවැන්ත සමාගම් සමග සාකච්ජා කිරීම මෙම සංචාරයේ අරමුණ බව දැනගන්නට ඇත.
එහිදී ලොව දැවැන්ත සමාගමක් වන ‘එක්ස්සන් මොබිල්’ සමාගමේ ඉහළ පෙළේ නිලධාරීන් සම සහ තවත් සමාගම් කිහිපයක නියෝජීතයන් සමග ගම්මන්පිල මහතා සාකච්ජා පැවැත්වීමට නියමිත බවද දැනගන්නට තිබේ.











