• About us
  • Contact us
Wednesday, June 10, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

ක්‍රිකට් ගහපු ෂවේන්ද්‍රට හිටිහැටියේම තරු 4ක් ලැබුණෙ කොහොමද?

January 12, 2021
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
ක්‍රිකට් ගහපු ෂවේන්ද්‍රට හිටිහැටියේම තරු 4ක් ලැබුණෙ කොහොමද?
Share on WhatsAppShare on Facebook

1848 මාතලේ කැරැල්ල ඔබට මතකද? ටොරිංටන් සාමිවරයා විසින් පැනවූ අසාධාරණ බදුවලට එරෙහිව වීරපුරන් අප්පු, ගොංගාලේ ගොඩබණ්ඩා සහ ඩිංගිරාළ ඇතුළු පිරිස මෙම කැරැල්ලට පණපෙවීය. ඒ නයින් ගත්කල මාතලේ යනු වීරවරුන්ගේ නිජබිමකි. වීරවරුන්ගේ අඩිපාරේ යන තවත් වීරවරු පිරිසක් මාතලෙන් බිහිවිය. ඒ වීරවරුන් තුන්වැනි ඊළාම් යුද්ධයේ දී තමන්ගේ ලේ දහදිය කඳුළු මෙන්ම ජීවිතයද මාතෘභූමිය වෙත පුදකරමින් තම මව්බිම ආරක්ෂා කරන්නට කැපවූහ.
අපේ කතානායකයාද එවැන්නෙකි. ඒ අන්කිසිවෙක් නොවේ. ඒ 1964 ජූනි 22 දින මෙලොව එළිය දුටු වර්තමාන යුද්ධ හමුදාපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා මහතාය. අනුරාධපුර ශාන්ත ජෝශප්, මාතලේ විජය සහ මාතලේ ශාන්ත තෝමස් විදුහල්වලින් අධ්‍යාපනය හදාරා ඇති ශවේන්ද්‍ර සිල්වා මහතාගේ පාසැල් දිවියේ ස්වර්ණමය යුගය ආරම්භ වන්නේ 1975 වර්ෂයේ මාතලේ ශාන්ත තෝමස් විදුහලට ඇතුළත් වීමත් සමඟය.
දක්ෂයින්ට තෝතැන්නක් වූ ශාන්ත තෝමස් විදුහලේදී විෂය සමගාමී මෙන්ම විෂය බාහිර ක්‍රියාකාරකම් තුළදීත් තමන්ගේ අනන්‍යතාව ගොඩනඟා ගැනීමට එතරම් කාලයක් ගතවූයේ නැත. ඔහු යන්තම් හය වසරේ සිටියදීම ශාන්ත තෝමස් විදුහලේ 15 න් පහළ ක්‍රිකට් කණ්ඩායමේ නිත්‍ය ස්ථානයක් තහවුරු කර ගැනීමට සමත් විය. ඒ කඩුලු රකින පිතිකරුවෙකු ලෙසිනි. එසේම හත්වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටිද්දී තෝමස් විදුහලේ බටහිර තූර්යවාදක කණ්ඩායමේ සාමාජිකත්වය හිමිකරගත් මොහු අටවැනි ශ්‍රේණියට පැමිණෙත්ම එහි නායකත්වය දරන්නට තරම් දක්ෂයෙක් විය. එසේම තෝමස් විද්‍යාලයීය කණිෂ්ඨ ශිෂ්‍යභට කණ්ඩයේ සැරයන් තනතුරට පත්වන්නටත් ශවේන්ද්‍ර සිල්වාට හැකි වූයේ ඔහු තෝමස් විදුහල තුළ තමන්ගේ දක්ෂතා ඉතා ඉහළ මට්ටමින් ප්‍රගුණ කළ නිසාවෙනි. විදුහලට දැවැන්ත කීර්තියක් අත්කරදෙමින් සිටි ශවේන්ද්‍ර සිල්වා ශිෂ්‍යාට පාසැලේ ශිෂ්‍යනායක මණ්ඩලයේ සාමාජිකත්වය පවා ඔහු අට වසරේ ඉගෙනුම ලබමින් සිටියදීම ලබා දෙන්නට විදුහලේ බලධාරීන් කටයුතු කරන්නේ මේ දීප්තිමත් සිසුවා තවත් දිරිගැන්විය යුතු බව අවබෝධ කරගත් නිසාවෙනි.

විශේෂයෙන්ම තෝමස් විදුහලේ විදුහල්පතිවරයෙකු ලෙස කටයතු කළ විජේසිංහ මහතාත්, කපිතාන් වෙලගෙදර මහතාත් ශවේන්ද්‍ර සිල්වා තරුණයාගේ දක්ෂතා ඔපමට්ටම් කරවීම වෙනුවෙන් නොමසුරු දායකත්වයක් ලබා දී ඇති බව පැවසේ. මාතලේ ශාන්ත තෝමස් ඉතිහාසයේ අටවැනි ශ්‍රේණියේ දී ශිෂ්‍යයෙකු ශිෂ්‍යනායක මණ්ඩලට ඇතුළත් වූයේ පළමු වරටය. එපමණක්ද නොව 11 ශ්‍රේණියේදී ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායක මණ්ඩලයට ඇතුළත් වූ ශවේන්ද්‍ර සිල්වා තෝමස් විදුහලේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යනායක ධූරයටත් තේරී පත්විය. අඩුම වයසින් ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය නායකධූරයට පත්වූ සිසුවා ශවේන්ද්‍ර සිල්වාය. එය මාතලේ ශාන්ත තෝමස් විදුහලේ තවමත් නොබිඳුණු වාර්තාවකි. එසේම මාතලේ ශාන්ත තෝමස් විදුහලේ වයස අවුරුදු 15, 17, 19න් පහළ ක්‍රිකට් කණ්ඩායම් තුනේම නායකත්වය දරන්නට මේ කඩුලු රකින පිතිකරුවාට හැකියාව ලැබුණි.
1979 දී පැවැත්වූ ඇස්ට්‍රා මාගරින් කුසලාන අවසන් මහා තරඟයේ දී කොළඹ රාජකීය විද්‍යාලය ලබා ගත් ලකුණු 256ට පිළිතුරු වශයෙන් තෝමසුවන් වෙනුවෙන් ශතකයක් රැස්කරමින් 1979 ඇස්ට්‍රා මාගරින් කුසලානය තෝමසුවන් නමින් ලියා දෙන්නට ශවේන්ද්‍ර සිල්වා විශාල මෙහෙයක් ඉටුකරනු ලැබීය.
ශවේන්ද්‍රගේ පාසැල් ක්‍රිකට් දිවියේ තවත් සුවිශේෂි වකවානුවක් උදාවන්නේ 1983 වසරේදී එංගලන්ත සහ ඉන්දීය සංචාරය වෙනුවෙන් 19න් පහළ ජාතික සංචිතයට සුදුසුකම් ලැබීමත් සමඟිනි. අර්ජුන රණතුංග, අරවින්ද ද සිල්වා, රොෂාන් මහානාම වැනි පසුකලෙක ක්‍රිකට් ලොව පතාකයන් වූ පිරිසක් සමඟ උරෙනුර ගැටී ක්‍රීඩා කරන්නට ශවේන්ද්‍ර සිල්වාට එහිදී අවස්ථාව ලැබුණි. නමුත් 1983 වසරේ රටේ ඇතිවූ අර්බුදකාරී තත්ත්වය නිසා ඒ සංචාරය අවලංගු කෙරුණු අතර එසේ නොවන්නට තරුණ ශවේන්ද්‍ර සිල්වා ක්‍රිකට් ක්‍රීඩාවෙන්ද කීර්තියක් රටට අත්කර දෙන්නට ඉඩතිබුණි.
ක්‍රිකට් සිහිනය එසේ බොඳවන්නට ඉඩ නොදිය යුතුයැයි වූ තිර අදිටනින් ක්‍රිකට් ක්‍රීඩා කිරීමම පළමු අරමුණ කරගනිමින් ශවේන්ද්‍ර සිල්වා පාසැල් ජීවිතය නිම කිරීමෙන් අනතුරුව 1984 මාර්තු මස 5 වන දින පාඨමාලා අංක 19හි කෙඬේට් නිලධාරීවරයෙකු වශයෙන් යුද්ධ හමුදා විද්‍යාපීඨයට ඇතුළත් විය. හමුදා පුහුණුව සාර්ථකව නිම කිරීමෙන් අනතුරුව වර්ෂ 1985 නොවැම්බර් 16 වන දින අධිකාරියට පත්වූ මොහු ගජබා රෙජිමේන්තුව පිහිටවීමෙන් අනතුරුව ගජබා රෙජිමේන්තු නිලධාරීයෙකු ලෙස පත්කළ පළමු නිලධාරියාද වෙයි. කෙසේවෙතත් ගජබා රෙජිමේන්තුවට බැඳුණු පසු එහි රෙජිමේන්තු අධිපති මේජර් ජෙනරාල් විජය විමලරත්න මහතා මුණගැසුණු අවස්ථාවෙන් පසුව තම එකම සිහිනය වූ ක්‍රිකට් සිහිනය පසෙකට දමා ත්‍රස්තවාදීන්ගෙන් රට නිදහස්කර ගැනීමේ සිහිනය තම එකම සිහිනය කරගැනීමට තමා අදිටන් කරගත් බව ශවේන්ද්‍ර සිල්වා නිරන්තරයෙන්ම සිහිපත් කරයි.

එතුමන් හෙබවූ අණදීම් තනතුරු අතර ශ්‍රී ලංකා හමුදාව මෙතෙක් බිහිකළ ළාබාලතම අණදෙන නිලධාරියා වන අතර වර්ෂ 1995 දී යාපනය අර්ධද්වීපය එල්ටීටීඊ ත්‍රස්තවාදී ග්‍රහණයෙන් මුදවාගැනීම සඳහා දියත් කෙරුණු “රිවීරැස” මෙහෙයුමේ දී පාබල බලඇණියකට අණදීමද එතුමන් විසින් සිදු කරන ලදී. ත්‍රස්තවාදීන්ට එරෙහි මෙහෙයුම් ඉතා තීරණාත්මක අවධියක පැවති සමයේදී එවකට යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ගුවන් සංක්‍රමික බලසේනාවේ බලසේනාධිපති ලෙස එතුමන්ව පත් කරන ලදී. වර්ෂ 2006 අගෝස්තු මාසයේදී එතුමන් මුහමාලෙයි ඉදිරි ආරක්ෂක වළල්ලෙන් කොටසක් එල්ටීටීඊ ත්‍රස්තවාදී පාලනය යටතේ පැවති අතර එය නැවත මුදාගැනීමටද එතුමන් දායකත්වය දැක්විය.
ඉන් අනතුරුව, එතුමන් විජයග්‍රාහී 58 වන සේනාංකයට සහ කමාන්ඩෝ බළසේනාවට අණදීම් සිදුකරමින් “වන්නි මානුෂීය මෙහෙයුම” තුළ වැඩිම ජයග්‍රහණ ප්‍රමාණයක් වාර්තා කරමින් ත්‍රස්තවාදයෙන් මවුබිම මුදවාගැනීමට පෙරමුණ ගෙන කටයුතු කළේය. මෙම මෙහෙයුම තුළ එතුමන් තම සේනාංකය අවසන් ජයග්‍රහණය තෙක් රැගෙනයාමේදී කිලෝමීටර් 200කට අධික දුරක් එල්ටීටීඊ ත්‍රස්තවාදීන් සමඟ සටන් කර ඔවුන්ගේ අවි ආයුධ සහ අනෙකුත් උපකරණ ඇතුළු මෙතෙක් මුදවාගනු ලැබූ විශාලතම භූමි ප්‍රමාණය මුදාගැනීමට සමත්විය.

කුරිරු ත්‍රස්තවාදී ග්‍රහණයෙන් සිවිල් වැසියන් ලක්ෂ දෙකකට අධික ප්‍රමාණයක් මුදාගනිමින් මෙතෙක් සිදු කළ විශාලතම ප්‍රාණ ඇපකරුවන් බේරාගැනීමේ මෙහෙයුමද එතුමන්ගේ අණදීම යටතේ පුදුමාතලන් ප්‍රදේශයේදී සාර්ථකව දියත් විය. මානුෂීය මෙහෙයුමේ දී එතුමන් ඉතිහාසයේ සුවිශේෂී ජයග්‍රහණ රැසක් අත්කරදීමට ලබා දුන් දායකත්වය නිසාවෙන්ම 2009 වසරේදී එතුමන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ මේජර් ජෙනරාල් තනතුරට උසස් කළ අතර මේජර් ජෙනරල් නිලයට පත්වූ මෙරට ළාබාලතම නිලධාරියාද එතුමන් විය. යුද ජයග්‍රහණයෙන් අනතුරුව, එතුමන් 53 වන සේනාංකයට අණදුන් අතර එය රටේ අතිරේක ප්‍රහාරක බළකාය ලෙසද හැඳින්වේ.
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව තුළ සිටින විවිධ පදක්කම්ලාභී නිලධාරී අතරින් වැඩිම වීර පදක්කම්ලාභී නිලධාරියා වන ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභීත නිලධාරියෙකු සඳහා ප්‍රදානය කරන ලද ත්‍රිවිධ පදක්කම් වන වීර වික්‍රම විභූෂණය, රණවික්‍රම පදක්කම හා රණශූර පදක්කම් ආදී පදක්කම් ත්‍රිත්වයම දෙවන ලුතිතන්වරයෙකු වශයෙන් සිටිය දීම ලබාගත් සුවිශේෂී එඩිතර නිලධාරියෙකි. ඊට අමරව විශිෂ්ට සේවා විභූෂණය, නිකැළැල් සේවය වෙනුවෙන් ලබා දෙන උත්තම සේවා පදක්කමද හිමිකර ගැනීමට ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාට හැකිවිය.
එතුමන් සිය යුද්ධ හමුදා වෘත්තීය කාලය තුළ දෙවන ලුතිතන් නිලයේ සිට මේ දක්වා ඉතා වැදගත් සහ වගකිව යුතු තනතුරු රැසක්ද හොබවා ඇත.
වසර 37කට ආසන්න එතුමන්ගේ කීර්තිමත් සේවා කාලය තුළ මාණ්ඩලික, උපදේශක, අණදීම් සහ රාජ්‍යතාන්ත්‍රික තනතුරු රැසක් හොබවා ඇත. තවද, එතුමන් යුද්ධ හමුදා මුලස්ථානයේ සැලසුම් අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ෂ (සැලසුම්), යුද්ධ හමුදා මුලස්ථානයේ පුහුණු අධ්‍යක්ෂ මණ්ඩලයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ෂ (පුහුණු), යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරී ෂ (මෙහෙයුම්), යුද්ධ හමුදා මුලස්ථානයේ හමුදා ලේකම් කාර්යාලයේ මාණ්ඩලික නිලධාරී ෂ ඇතුළු මාණ්ඩලික තනතුරු රැසක් හොබවා ඇත. මීට අමතරව, එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ ක්‍රියාන්විත අධ්‍යක්ෂ ජෙනරාල් සහ විධායක ජෙනරාල් සහ යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී තනතුරුද හෙබවිය. එසේම මේවන විට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ධූරය හොබවන්නේද එතුමන්ය.
එමෙන්ම බටලන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ උපාධිය ලබා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ හමුදාධිපතිධුරයට ජෙනරල් නිලයෙන් පත්වූ පළමුවැන්නා වන්නේද වත්මන් යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාය.
එතුමන් දේශීය පුහුණු පාඨමාලාවන්ට අමතරව ඇමරිකා එක්සත් ජනපදය, ඊශ්‍රායලය, ප්‍රංශය, නෙදර්ලන්තය, ග්‍රීසීය, ඉතාලිය, පකිස්ථානය සහ ඉන්දියාව ආදී විදේශ රටවලදී විවිධාකාර වු ක්ෂේත්‍ර පුහුණුවීම් සඳහා සහභාගී වී ඇත. ඇමරිකා එක්සත් ජනපදයේ සුප්‍රසිද්ධ හාර්වඞ් විශ්වවිද්‍යාලයේ ආදි ශිෂ්‍යයෙකු වන ඔහු “ජාතික හා ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ විධායක” පුහුණුවද සාර්ථකව නිම කළ අතර ඉන්දියාවේ කීර්තිමත් ජාතික ආරක්ෂක විද්‍යාලයේ උපාධිධාරියෙකි. තවද, එතුමන් මානව සම්පත් කළමනාකරණය පිළිබඳ ඩිප්ලෝමාධාරියෙකු වන අතර එක්සත් ජනපදයේ ‘මනෝවිද්‍යාත්මක මෙහෙයුම්’ පුහුණුව ලබා ඇත. එතුමන් වර්ජිනියාවේ ක්වාන්ටිකෝ හි කීර්තිමත් මැරීන් බළකා යුද්ධ විද්‍යාලයේ බාහිර කථිකාචාර්යවරයෙකි.

වර්ෂ 2010 දී නිව්යෝක් නුවර එක්සත් ජාතීන්ගේ සංවිධානයේ තානාපති සහ නියෝජ්‍ය නිත්‍ය නියෝජිත ලෙස පත් වූ ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකාවේ විදේශ දුත මෙහෙර තුළ තානාපති තනතුරකට හමුදා සේවයේ යෙදී සිටියදී පත් කරනු ලැබූ ප්‍රථම හමුදා නිලධාරියාද වෙයි.
එවකට එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා විසින් එක්සත් ජාතීන්ගේ සාම සාධක නියෝජිත මණ්ඩලයේ ඉහළ පෙළේ උපදේශක කමිටුව සඳහා පත් කළ පළමු ශ්‍රී ලාංකීක සාමාජිකයා බවටද ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත්විය. එතුමන්ගේ ඵලදායී උපදේශනවල ප්‍රතිඵලයක් ලෙස එවකට එක්සත් ජාතීන්ගේ සාම සාධක භටයින්ට වැටුප් වර්ධකයක් ද පිරිනමන ලදී. තවද, ගෝලීය භෞමික අඛණ්ඩතාවය මෙන්ම සාම සාධක කටයුතු සම්බන්ධයෙන් කටයුතු කළ එක්සත් ජාතීන්ගේ විශේෂ දේශපාලන හා යටත් විජිතකරණයට එරෙහි කමිටුවට ශ්‍රී ලංකාවේ විකල්ප නියෝජිතයා ලෙස එතුමන්ව පත් කරන ලදී. මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සහ දකුණු සුඩානයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරී සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදා හෙලිකොප්ටර් යෙදවීමට සහ හමුදා රෝහලක් ඉදිකිරීමටද එතුමන් මුලපිරීය.
කොවිඞ් – 19 වෛරසය දිවයිනේ පැතිරීමත් සමඟම පිහිටුවනු ලැබූ කොවිඞ් – 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා 2020 මාර්තු මස 16 දින පත්කරනු ලැබු අතර ත්‍රි විධ හමුදාව සහ සෞඛ්‍ය අංශයන් සමඟ එක්වෙමින් කොවිඞ් – 19 ව්‍යාප්ත වීම වැළැක්වීම සඳහා මහත් මෙහෙවරක් මේ වන විටත් සිදුකරමින් සිටියි.
ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ශ්‍රී ලංකා ජාතික ක්‍රීඩා තේරීම් කමිටු සභාපතිවරයා ලෙස ක්‍රීඩා අමාත්‍යාංශය මගින් පත්වීම් ලද අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදා සහ ආරක්ෂක සේවා හොකී කමිටු සභාපතිවරයා ලෙසද කටයුතු කරනු ලබයි.

දිලංක ගුණතිලක

SendShareShare
Previous Post

සංගයි-මහේලයි ගිහින් නාමල් හම්බවෙලා (PHOTOS)

Next Post

කොරෝනා මරණ 8ක්: මුළු මරණ 240යි

MORE NEWS

ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News
Exclusive

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)
Exclusive

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව  බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News
Exclusive

ඉන්දියාව ඇතුළු ලොව රටවල් රැසක් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රමිතීන්ට අනුව සිගරට්වලට 75%කට වඩා බදු ගහලා ඉස්සරහට යද්දී ලංකාව බද්ද 66% දක්වා අඩු කර පස්සට යයි! I Sri Lanka Latest News

Load More
ඔව් සර්ට අන්තිමයි..! එයා මුකුත්ම කන්නෙ බොන්නෙ නෑ! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේගේ බිරිය අනුරට පණිවුඩයක් යවයි! I Sri Lanka Latest News

රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ සුරේෂ් සලේ මහතාගේ බිරිඳ වන මනෝරි සලේ මහත්මිය විසින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත...

Read more
මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

මේ අල්ලන්නේ.. ඇතුළට දාන්නේ ‌මාලිමාව පෙන්නපු ෆයිල් 500 කට්ටියද නැද්ද? මෙන්න ඇත්ත..! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

වැඩ බැරි මාලිමා ආණ්ඩුව නිසා ගොවියාත්-රාජ්‍ය සේවකයාත්-ආයුර්වේද වෛද්‍යවරයාත් ඉවරෙටම ඉවරයි! කෝ මේ ප්‍රශ්නවලට උත්තර? VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් රාජපක්ෂලාත් කොටුවට බහී! නාමල් සත්‍යග්‍රහයේ වාඩිවෙයි!  VIDEO I Sri Lanka Latest News

බෙහෙත්වලට ගහලා.. දරුවන්ගේ පෑන් පැන්සල්වලට ගහලා… මිනිසුන්ගේ කෑම ටිකට ගහලා… අවුරුද්දට බිලියන 40ක් බදු ආදායම හොයන්න පුළුවන් සිගරැට්වලට බදු නොගහන ඩීල්කාරයෝ කවුද? හිටපු ප්‍රබලයකුට ලක්ෂ 13,500ක් දුන්න කියල අනුර කියන කතාව ඇත්තද! බැසිල් සිගරැට් බදු අඩු කළේ ඇයි? මෙන්න පුදුම හිතෙන හෙළිදරව්ව…! (VIDEO)

දවසට 66 දෙනෙක් මරා දාන ‘ඕස්ට්‍රේලියාවේ ප්‍රධානතම මිනීමරුවා’ හොයාගනී! සිගරට් ඒ තරම් භයානකයි! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.