• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල් දිස්ත්‍රික් 3ක නිලධාරීන් මහනුවරට කැදවයි

December 17, 2020
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
බැසිල් දිස්ත්‍රික් 3ක නිලධාරීන් මහනුවරට කැදවයි
Share on WhatsAppShare on Facebook

මෙවර ඉදිරිපත් කර ඇත්තේ රටේ අනාගත දිශානතිය තීරණය කරන අයවැය බැවින් එහි සඳහන් යෝජනා ක්‍රියාත්මක කිරීමට සහයවීම මහජන නියෝජිතයින්ගේ පමණක් නොව රාජ්‍ය නිලධාරින්ගේ සහ මහජනතාවගේද වගකීමක් බව ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඒ මහතා මේ බව සඳහන් කර සිටියේ “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමග යළි ගමට” ජාතික වැඩසටහනේ අද (17) මහනුවර, පොල්ගොල්ල, මහින්ද රාජපක්ෂ අනුස්මරණ ශාලාවේ පැවති මධ්‍යම පළාත් රැස්වීමට සහභාගි වෙමිනි.

එළඹෙන නව වසරේදි ශ්‍රී ලංකාව සෑම අංශයකින්ම නඟාසිටුවීමේ දැවැන්ත පෙරළිය සඳහා “ගම සමඟ පිළිසඳරක් තුළින් වැඩ සමඟ යළි ගමට” ජාතික වැඩසටහන සමඟ එක්වී උපරිම කැපවීමෙන් කටයුතු කරන්නැයි බැසිල් රාජපක්ෂ මහතා මෙහිදී මධ්‍යම පළාත් දේශපාලන නායකයින්ට සහ රාජ්‍ය නිලධාරීන්ට ආරාධනා කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ බැසිල් රාජපක්ෂ මහතා,

ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ අපි ජනතාවගේ අදහස් විවිධ අවස්ථාවල ලබා ගත්තා. ඒ අනුව පිහිටවූ විශේෂඥ කමිටුව හරහා රට හදන සෞභාග්‍යයේ දැක්ම නිර්මාණය කළා. ගම සමඟ පිළිසඳරක් වැඩසටහන යටතේ ජනාධිපතිතුමා ගමින් ගමට ගියා. ඒ ගම්වල මහජන නියෝජිතයන් හා රජයේ නිලධාරීන් සමඟ සාකච්ඡා කළා. ඒ අවශ්‍යතා ඉටුකරන්න පියවර ගෙන තිබෙනවා. ඒ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යන්න රජය සාකච්ඡා කරමින් ඉන්නවා. අපනයන තුළින් ලැබෙන ආදායම පහත වැටුණත් සැප්තැම්බර් වනවිට නැවතත් අපනයන ආදායම වැඩි කරගන්න අපට පුළුවන් වුණා. එම මාසයේ දී ඩොලර් බිලියනයට වඩා අපනයන ආදායමක් ලබාගන්න පුළුවන් වුණා. අපනයනය වැඩිකිරීම තුළින් තමයි අපේ සියලු අවශ්‍යතා ඉටුකර ගන්න පුළුවන් වෙන්නේ. මේ තතත්වය තුළ තමයි අපි 2021 අයවැය ඉදිරිපත් කළේ. ග්‍රාමීය සංවර්ධන ප්‍රමුඛතා සියල්ල මෙවර අයවැයේ දී හදුනාගෙන තිබෙනවා. හැම ග්‍රාම සේවා වසමකට පෙර පාසලක්, මාතෘ සායනයක් ලබාදෙන්න පියවර ගෙන තිබෙනවා. නව ලොවට ගැලපෙන ලෙස අධ්‍යාපනය වෙනස් කරමින් ගමේ පාසල්වල යටිතල පහසුකම් වර්ධනය වෙනුවෙනුත් අපි මුදල් වෙන්කර තිබෙනවා. ඒ අනුව එක් වසමකට ප්‍රමිතියෙන් යුතු පෙර පාසලක් ඇති කරන්න අපිට පුළුවන් වෙනවා.

පාසල්වල විෂය පථය සම්බන්ධයෙන් ජාතික මට්ටමින් කටයුතු කරන්නත් රජය විසින් වැඩපිළිවෙලක් ගෙන යනවා. ජලය, සනීපාරක්ෂක කටයුතු ආදිය සම්පූර්ණ කරන්න මුදල් වෙන්කර තිබෙනවා. ඩිජිටල් ශ්‍රී ලංකාවක් ඇති කරන්න ජනාධිපතිතුමා වැඩපිළිවෙලක් ගෙන යනවා. ලබන වසර වන විට තුළ ලංකාවේ සියලු දෙනාටම නිවෙසේ සිට භාවිතා කිරීමට අන්තර්ජාල සන්නිවේදන පහසුකම් ලබාදීමට කටයුතු කරනවා. ග්‍රාමීය මාර්ග සම්බන්ධයෙන් ද රජයේ අවධානය යොමු කර තිබෙනවා. මාර්ග සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ මහතාගේ කාලයේ විශාල වෙනසක් වුණා. මෙවරත් කිලෝමීටර් 100,000 ක් සංවර්ධනය කරගෙන යනවා. මෙවර වැඩිම මුදලක් තරුණ හා ක්‍රීඩා අමාත්‍යාංශයට රුපියල් මිලියන 8400 ක් පමණ වෙන්කර තිබෙනවා. ඒ අනුව මහජන ක්‍රිඩාපිටි, පාසල් ක්‍රීඩාපිටි ඒ ඒ අංශ සම එකතු වෙලා සංවර්ධනය කරන්න කටයුතු කරනවා. සුළු වාරිමාර්ග යටතේ වැව් ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කරනවා. මේ ව්‍යාපෘතීන් සියල්ල ක්‍රියාත්මක කරනවිට පරිසරය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කරනවා. නාගරික පරිසරය තුළ නාගරික වනෝද්‍යාන ඇති කරන්නත් පියවර ගෙන තිබෙනවා.

ජීවනෝපාය මාර්ග වෙනුවෙන් රුපියල් මිලියන 10000ක් වෙන්කර තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ අමාත්‍යාංශ කිහිපයක් ගොඩනඟා තිබෙනවා. මේ අයවැයේ මූලිකම අවස්ථාව මේ අයට පුළුවන් ගමේ යෝජනා අනුව අලුත් යෝජනා ඉදිරිපත් කරන්න. ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව ඉදිරි 21 හෝ 22 කැඳවන්න කටයුතු කරනවා. ග්‍රාමසේවා වසම් 14021 තුළම මේ රැස්වීම් සංවිධානය කළයුතු වෙනවා. එහිදී ගන්නා යෝජනා ප්‍රමුඛතා ගතකොට වැඩි පිරිසකට ප්‍රතිලාභ ලැබෙන යෝජනාවලට මුල්තැන දෙන්න. පසුගිය කාලයේ අතහැර දැමූ යෝජනා ක්‍රමවලටත් මුල්තැන ලබාදෙන්න. හැම ගමකටම එවැනි ව්‍යාපෘතියක් තෝරාගත යුතුයි. මේ සියල්ල කිරීමේ දී ලෝකය මුහුණ දෙන කොවිඩ් වසංගතය සම්බන්ධයෙන් සැලකිලිමත් වියයුතු වෙනවා. එයින් මිදෙන්නේ නොමැතිව සාර්ථක ගමනක් යන්න බැහැ. මේ ගැන අවධානය යොමු කළයුතු වෙනවා. ජනවාරි මාසයේ සිට එකම ආසාදිතයෙක් හෝ නොමැති පළාතක් බවට මධ්‍යම පළාත පත්කළ යුතු වෙනවා. ඒ නිසා වෙනස්ව සිතන්න පුරුදු වෙන්න. එලෙසෙ වෙනස්ව සිතන අය බිය වන්න එපා. මේ අයවැය අපේ රට යන දිශාව තීරණය කරන අයවැයක්. හරි පැත්තට ගියොත් රට සෞභාග්‍යමත් රටක් කරන්න පුළුවන්.

මහනුවර දිස්ත්‍රික්කයේ පවතින ජල හිඟයට පිලියම් අවශ්‍ය වෙනවා. මේ තත්ත්වය පිළිබඳව පසුගිය කාලයේදීත් අවධානය යොමු කළා. පයිනස් වගාවන් සම්බන්ධයෙන් අවධානය යොමුකර තිබෙනවා. මේ වනවිට වන වගාව වෙනුවෙන් රුපියල් මිලියන 50ක මුදලක් වෙන්කර තිබෙනවා. ජල පෝෂිත ප්‍රදේශ ආරක්ෂා කරගත යුතු වෙනවා. මේ තත්ත්වය මහනුවරට පමණක් නොවෙයි හැම ප්‍රදේශයටම වැදගත් වෙනවා. ජල පෝෂක ප්‍රදේශ ආරක්ෂා කර ගන්න රජය පමණක් නොව මහජනතාවගේ ද සහය අවශ්‍යයි. වසර තුනක් හතරක් තුළ මේ කටයුතු සිදුකරනවා. සැමට බීමට ජලය සපයන්න පියවර ගෙන තිබෙනවා. ග්‍රාමීය ප්‍රජා ජල ව්‍යාපෘති වගේම අනෙකුත් ව්‍යාපෘති ක්‍රියාත්මක කරන්න පියවර ගෙන තිබෙනවා. පයිනස් වගාව වෙනස් කිරීම සඳහා අදාළ අංශ මේ වනවිට කටයුතු කරගෙන යනවා. වගාවන් සඳහා වන සතුන්ගෙන් හානි වන අවස්ථා තිබෙනවා. මෙය සංවේදීව විසඳිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් අදහස් හා යෝජනා ඉදිරිපත් කරන්න කියා ඉල්ලනවා. ධාන්‍යාගාර ස්ථාපිත කරන්න විශාල මුදලක් මෙවර අයවැයෙන් වෙන්කර තිබෙනවා. මේ රජය පැමිනි පසුව වී ගොවීන් වෙනුවෙන් නොමිලේ පොහොර සපයනවා. අනෙකුත් අවහ්‍යතා ඉටුකරන්නත් ප්‍රතිපාදන වෙන්කර තිබෙනවා. සෑම ගමකටම කාන්තා ව්‍යවසායකාවන් දෙදෙනෙක් තෝරාගෙන මෙම වෙළෙදසලක් ලබාදෙන්න පියවර ගන්නවා. ප්‍රධාන පාරක් අභියස එය පිහිටුවනවා නම් හොදයි. මේවා පරිගණක ක්‍රමවේදයක් අනුව මිල ගණන් සිදුකරන්න අවස්ථාව සැලසෙනවා. ඒ වෙනුවෙන් මූල්‍ය පහසුකම් සපයනවා. සමෘද්ධි ගිණුමෙන්ම ඔවුන්ගේ මුදල් අඩුවන විදියට උපාංගයක් හදා දෙන්න ජනාධිපතිතුමා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයට උපදෙස් දී තිබෙනවා. අලුතින් ස්ථාපිත පළාත් පාලන ආයතන සඳහා සම්පත් ලබාදෙන්න තීරණය කර තිබෙනවා. වගා කටයුතු සදහා නොගෙන ඇති රජයේ ඉඩම් වගා කටයුතු වෙනුවෙන් ලබාදෙන්න රජය තීරණයක් ගෙන තිබෙනවා.

ප්‍රාදේශීය මට්ටමින් ඒ සඳහා තීන්දුවක් ගතයුතුයි. ඒ වගේම හැකි පමණින් අපි අලුත් එළවළු බෙදා හරින්න උත්සාහ කරනවා. ශීතාගාර ස්ථාපිත කිරීම සම්බන්ධයෙන් අවදානය යොමු කිරීමේ දී විදුලි බිල බලනවිට විශාල වියදමක් යනවා. එළවළු කිලෝවක්වත්විසි කරන්න දෙන්නේ නැහැ. ඒවා සියල්ල රජය මිලට ගන්නවා. ඒවා නොමිලේ හෝ බෙදා දෙනවා. යම් යම් නීති සම්පාදනය කර තිබෙන්නේ සම්පත් ආරක්ෂා කරන්නයි. වන සංරක්ෂණ ආයතනය ඇතුළු ආයතන නීති රාමුව තුළ සිට කටයුතු කරනවා. මේ වනවිට නිලදාරීන් කමිටුවක් පත්කර තිබෙනවා පස් හා ගල් ආදිය ලබාගැනීම සඳහා සෑම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයකම ඉඩම් හදුනාගෙන තිබෙනවා. කොටස් තුනක් යටතේ ඒවා සිදු කෙරෙනවා. දැනට ඉදිරි අවුරුදු 4 ට අවශ්‍ය ගල් හා බොරළු ගණන් බලා තිබෙනවා. ඒවා සියල්ල මහාමාර්ග අමාත්‍යාංශයට බාර දෙනවා. මේ අයවැයෙන් වෙන්කර තිබෙන සංවර්ධන වැඩවලට අවශ්‍ය අමුද්‍රව්‍ය ලබාගැනීමේ බාධාවක් ඇති වන්නේ නැහැ.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු මහනුවර, නුවරඑළීය සහ මාතලේ දිස්ත්‍රික් නියෝජනය කරමින් දේශපාලන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් රැසක් මේ අවස්ථාවට සහභාගි වූහ.

SendShareShare
Previous Post

අද කොරෝනා රෝගීන් 650ක්

Next Post

කොරෝනා මරණ 160න් 117ක්ම කොළඹින්

MORE NEWS

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News
Exclusive

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!
Exclusive

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

බුද්ධි අංශ ප්‍රධානී සලේ ‘චැනල් ෆෝ’ චෝදනා ප්‍රතික්ෂේප කරයි! මෙන්න කියපු කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේව පුහුණු කරපු යුදහමුදාපතිවරයා පළමුවරට සලේ ගැන කතා කරයි! VIDEO I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

විපක්ෂනායක නැගිටී! පාර්ලිමේන්තුවේ 225ම වෙනුවෙන් ලොකු සටනක්! VIDEO I Sri Lanka Latest News

පාර්ලිමේන්තු මන්ත්‍රී අර්චුනා රාමනාදන් මහතාට වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා අද දින වරප්‍රසාද ප්‍රශ්නයක් ඉදිරිපත් කිරීමට කටයුතු...

Read more
වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

වරදක් නොකරපු තරුණ කොල්ලෙක්ට මෙහෙම කළාම හරිද? පොලිස්පතිතුමනි.. ඔබේ අවධානය පිණිසයි! VIDEO I Sri Lanka Latest News

පරිස්සම් වෙන්න! ඩෙංගු අවදානම තවත් ඉහළ ගිහින්! Sri Lanka Latest News

ඩෙංගු 59ක් බිලි අරන්! I Sri Lanka Latest News

දවසෙන් වීරයෙක් වෙන්න ගිහින් රටේම පචවුණු යාපනේ මන්ත්‍රී මෙන්න දැන් සමාව ගන්නවා! මිනිස්සු එක්ක නැතිව ෆේස්බුක්වලින් දේශපාලනේ කරන එවුන්ට හොඳ පාඩමක්! VIDEO I Sri Lanka Latest News

අර්චුනාට වරෙන්තු! I Sri Lanka Latest News

සීනියර් DIGලා තුන්දෙනෙක් වහාම මාරු කරයි! අජිත් රෝහණව දකුණට යවයි! නීතිපති ලිඛිතව දැනුම් දුන් දේශබන්ධු මාරු කර නෑ!

මට සේවා දිගු එපා! මම සැප්තැම්බර් විශ්‍රාම යනවා! SDIG අජිත් රෝහණගෙන් විශේෂ ප්‍රකාශයක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.