මේ වනවිට මෙරටින් කොවිඩ් මරණ 160ක් වාර්තා වී තිබෙන අතර ඉන් 117ක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී තිබීම විශේෂත්වයකි.
මෙරට සිදුවී ඇති කොවිඩ් මරණ ගැන සැලකීමේදී වෛරසය ආසාදනය වී මියගිය 160 දෙනාගෙන් 04 දෙනෙකු වයස අවුරුදු 30ට අඩු වයස්වල පසුවූවන් විය.
අවුරුදු 31 ත් 40ත් අතර වයස්වල පසුවූ 04 දෙනෙකුත් වයස 41ත් 50ත් අතර වයස්වල පසුවූ 20 දෙනෙකුත් අවුරුදු 51ත් 60ත් අතර වයස්වල පසුවූ 28 දෙනෙකු මිය ගිය අය අතරට අයත්ය.
අවුරුදු 61ත් 70ත් අතර වයස්වල පසුවු 32 දෙදෙනෙකු මිය ගිය පිරිස අතර වේ.
තවත් විශේෂිත කරුණක් වන්නේ මියගිය 70 දෙනෙකුම වයස අවුරුදු 70 ට වැඩි පුද්ගලයන්වීමය.










