2O වන සංශෝධනය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරන අද (21) දිනයේ පාර්ලිමේන්තුව පිටත සිටම සිය විරෝධය ආරම්භ කිරීමට ප්‍රධාන විපක්ෂය වන සමගි ජන බලවේගය පියවර ගෙන තිබිණ.
ඒ අනුව සියලුම සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ’20 එපා ‘ යනුවෙන් සටහන් සහිත කොඩි සිය නිල රථවල ප්‍රදර්ශනය කරමින් පාර්ලිමේන්තුවට පිවිසෙන ආකාරය දැකගත හැකි විය.
එමෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා සිය කමිසයේ ’20 එපා’ යනුවෙන් ස්ටිකරයක්ද අලවාගෙන සිටින ආකාරයක් දැකගත හැකි විය.