20 වන සංශෝධනයට පක්ෂව අත ඉස්සූ සියලුම මන්ත්‍රීවරුන් සමගි ජන බලවේගයෙන් නෙරපීමට තීන්දු කළ බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රකාශ කළේය.
අද (23) සවස පැවැති පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමේදී මෙම තීන්දුව ගෙන ඇත.
මෙම සියලු දෙනාටම එරෙහිව නීත්‍යානුකූලව විනය ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා කීය.
මේ සම්බන්ධයෙන් සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන් විසින් අස්සන් තබන ලද ලිපියක් පක්ෂ මහලේකම්වරයා වෙත යොමුකිරීමටද පියවර ගෙන තිබිණ.