හෙට (22) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රිය ගාස්තු ඉහළ දමා තිබේ.
දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා සඳහන් කළේ, පවතින බස් ගාස්තුවෙන් අඩක් වන සේ දුම්රිය ප්‍රවේශ පත්‍ර ගාස්තු වැඩි කළ බවයි.
මේ යටතේ අවම ගාස්තුව රුපියල් 10 සිට 20 දක්වා වැඩි කර තිබේ.
මේ අතර අද සිට සති දෙකක කාලයක් ඉදිරියට ඇති ධාවන කාල සටහන් අනුව දුම්රියවල ආසන වෙන් කර ගැනීමේ පහසුකම් සලසා ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුව පැවසී ය.
පසුගිය කාලයේ රටේ පැවති වතාවරණයත් සමග ආසන වෙන් කිරිමේ කාලය වෙන් කරන දිනයේ සිට සතියක් දක්වා සීමා කෙරිණ.










