කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ සිට ආරම්භ වන පරිදි අධිවේගී විදුලි දුම්රිය ව්‍යාපෘති දෙකක් ආරම්භ කිරීම සදහා අනුමැතිය ලබා දීමට ආයෝජන මණ්ඩලය පියවර ගෙන ඇත.
මෙම එක් අධිවේගී විදුලි දුම්රිය මාර්ගයක් කටුනායක ගුවන් තොටුපොළේ සිට කොළඹ පෝර්ට් සිටිය දක්වාත්, අනෙක කටුනායක ගුවන් තොටුපොළේ සිට මත්තල ගුවන්තොට දක්වාත් ඉදිකිරීමට නියමිතය.
අමෙරිකානු ඩොලර් බිලියන 2.7ක වියදමින් ඉදිකිරීමට නියමිත මෙම විදුලි දුම්රිය මාර්ගයේ ව්‍යාපෘති වාර්තාව ආචාර්ය පරිමාලම් මයිකල් මහතා විසින් ඉදිරිපත් කොට ඇති බව වාර්තා වේ.
අර්නස්ට් ඇන්ඩ් යන්ග් සමාගම මගින් ආර්ථික හා තාක්ෂණික වාර්තා සැපයීමට සූදානමින් සිටින අතර ඊට අදාළ ගිවිසුම මේ සතියේ කොළඹදී අස්සන් තැබීමට නියමිත බව වාර්තා වේ.
කෙසේවෙතත් ඉකුත් රජය ජපානය සමග ගිවිසුම්ගත වී මාළඹේ සිට පොර්ට් සිටිය දක්වා ඉදිකිරීම් ආරම්භ කොට තිබූ සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය වියදම් වැඩි එකක් බව කියමින් අත්හිටුවීමට පියවර ගෙන තිබිණ.










