කෝප් කමිටුවේ කටයුතු සජීවීව විකාශය කිරීම සම්බන්ධයෙන් අද (22) පැවැති පළමු කෝප් කමිටු රැස්වීමේදීම විශාල සංවාදයක් මතුව ඇති බව වාර්තා වේ.
ඉකුත් යහපාලන රජය සමයේ කෝප් කමිටුවේ කටයුතු සජීවීව විකාශය කෙරුණු අතර ඒ හේතුවෙන් ආණ්ඩුවේ සිදුවන වංංචා දූෂණ සම්බන්ධයෙන් මහජනතාවට දැනුවත් වීමට අවස්ථාව හිමිව තිබිණ.
ඒ අනුව අද පැවැති කෝප් කමිටු පළමු රැස්වීමේදීම විපක්ෂයේ මන්ත්‍රීවරුන් රැස්වීමේ කටයුතු සජීවීව විකාශය කරන්නේද යන්න සම්බන්ධයෙන් චරිත හේරත් මහතාගෙන් විමසා ඇති අතර එහිදී හේරත් මහතා කියා ඇත්තේ තමන් ඒ පිළිබදව කතානායකවරයාගෙන් සහ පාර්ලිමේන්තු මහලේකම්වරයාගෙන් විමසා පිළිතුරක් ලබා දෙන බවකි.
ඊට විරෝධය පළ කොට ඇති මන්ත්‍රීවරුන් පෙන්වා දී ඇත්තේ ඒ සම්බන්ධයෙන් කිසිදු අයිතියක් කතානායකවරයාට නොමැති බවත්, එය තීන්දු කිරීමේ සම්පූර්ණ අයිතිය ඇත්තේ කෝප් කමිටු සභාපතිවරයාට බවත්ය.