සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා සිය පියාණන්ගේ ආසනය වූ මැද කොළඹ සිය ප්‍රචාරක ව්‍යාපාරය අරඹමින් සුචරිත ශාලාවේ සිය පළමු රැස්වීම පැවැත්වීමට කටයුතු කළේය.
මින් ඉදිරියට සෑම දිනකම සුචරිතය එදා මෙන්ම ජනතාවට විවෘත කර තැබීමට පියවර ගන්නා බවද ප්‍රේමදාස මහතා අනාවරණය කළේය.
මෙ හරහා සියලු ජාතීන්ට-සියලු ආගමිකයන්ට එක සේ ජීවත් විය හැකි රටක් නිර්මාණය කරන ‘සද් ජාතිකත්වය’ ජනගත කිරීමටද ප්‍රේමදාස මහතා පියවර ගත්තේය.
මේ හරහා රටේ ජාතිවාදයට අන්තවාදයට තිත තබන බවද හෙතෙම පෙන්වා දුන්නේය.










