මේ දිනවල විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කොරෝනා රෝගයෙන් පීඩා විදින ජනතාවට සෙත සලසමින් ‘විපක්ෂයෙන් හුස්මක්’ වැඩසටහන ක්‍රියාත්මක කරන අතරවාරයේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාද ඒ ආකාරයේ වැඩසටහනක් ආරම්භ කිරීමට පියවර ගෙන ඇත.
ඒ අනුව හිටපු ජනාධිපතිවරයා විසින් පොලොන්නරුව මහරෝහලට පීසීආර් යන්ත්‍රයක් ලබා දීමට පියවර ගෙන ඇත.
ඒ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා සිය ෆේස්බුක් පිටුවේ තබා තිබූ සටහන මෙසේය.
පොළොන්නරුව මහ රෝහලට PCR යන්ත්‍රයක් ලබා දීමට හැකිවීම පිළිබඳව මා ලද භාග්‍යයක් ලෙස සලකමි.
කලක සිට අත්‍යවශ්‍යව තිබූ PCR යන්ත්‍රයක් අද දින පොළොන්නරුව මහ රෝහලට කිසිදු රජයේ මුදලකින් තොරව මෙම PCR යන්ත්‍රය පරිත්‍යාග කිරීමට හැකි විය.
මහවැලි ගං නිම්නයේ මනංපිටිය ප්‍රදේශයෙන් වැලි කැණීම් කර රැගෙන යන ටිපර් රථ හිමියන්ගෙන් බදු එක්රැස් කරමින් මා විසින් නිර්මාණය කරන ලද ඒකාබද්ධ පොළොන්නරු සංවර්ධන අරමුදල ප්‍රදේශයේ බොහෝ සංවර්ධන වැඩ සඳහා මුදල් ලබාගත් අරමුදලකි.
කාලීන අවශ්‍යතාවයක් අනුව පොළොන්නරුව මහ රෝහලට අත්‍යවශ්‍ය වූ PCR යන්ත්‍රය එම අරමුදලින් රුපියල් මිලියන හයක් ආයෝජනය කොට ලබාගෙන අද දින පොලොන්නරුව මහ රෝහලට පරිත්‍යාග කරන ලදී.
පොළොන්නරු ඒකාබද්ධ සංවර්ධන අරමුදල සඳහා ආධාර උපකාර කළ සියලු දෙනාටම මාගේ ස්තුතිය පුදකරමි.













