රටේ මේ වනවිට උද්ගත වී තිබෙන තත්ත්වය හේතුවෙන් දරුවන් පීඩාවට පත් විය හැකි බවත්, එවැනි සිදුවීමක් පිළිබඳ කිසියම් හෝ තොරතුරක් වේ නම් ඒ පිළිබඳව ජාතික ළමා ආරක්ෂක අධිකාරියේ 1929 උපකාරක දුරකතන සේවයට දැනුම් දෙන්නැයි එම අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.
මෙම 1929 ළමා උපකාරක කිසිදු මුදල් අයකිරීමකින් තොරව දවසේ පැය 24 මුළුල්ලේ ක්‍රියාත්මක වන බවත් සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන්ම ක්‍රියාත්මක වන බවත් එම අධිකාරිය කියයි.
‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගන්නා ක්‍රියාමාර්ග හේතුවෙන් දරුවන් අනාරක්ෂිත තත්ත්වලට, යම් යම් කරදරවලට, අතරමං වීම්වලට, හුදෙකලා වීමට, හිංසන සහ අපයෝජනවලට පත්වීමේ අවදානමක් පවතින බව එම අධිකාරිය පවසයි.
එබැවින් එවැනි සිදුවීමක් පිළිබඳ කිසියම් හෝ තොරතුරක් වේ නම් ඒ පිළිබඳව ඉහත සඳහන් කළ උපකාරක දුරකතන සේවයට දැනුම් දෙන්නැයි ජාතික ළමා ආරක්ෂක අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.










