• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

සජිත් නියෝජ්‍ය නායකත්ව‌යෙන් ඉවත් ‌වෙයි

November 17, 2019
in Exclusive, Uncategorized
Reading Time: 3 mins read
A A
සජිත් නියෝජ්‍ය නායකත්ව‌යෙන් ඉවත් ‌වෙයි
Share on WhatsAppShare on Facebook

එක්සත් ජාතික පක්ෂයේ තමන් ‌මෙතෙක් දැරූ නියෝජ්‍ය නායකත්වයෙන් ඉවත් වීමට සජිත් ‌ප්‍රේමදාස මහතා තීන්දු කර ඇත.

නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපතිවරණ‌යෙන් ‌ගෝඨාභය රාජපක්ෂ මහතා ජයග්‍රහණය කිරීම පිළිබදව සුබපැතුම් එක් කර ඇති ඒ මහතා තමන් ‌මෙතෙක් දැරූ නියෝජ්‍ය නායකත්වයෙන් ඉල්ලා අස්වන බවද ප්‍රකාශ කර තිබේ.

එහි ‌මෙසේද සදහන්ය.

දැඩි සටනක හා උද්යෝගිමත් මැතිවරණ ව්‍යාපාරයක් අවසානයේදී, ජනතාවගේ තීරණයට ගරු කරමින් ශ්‍රී ලංකාවේ සත්වන ජනාධිපතිවරයා ලෙස තේරී පත්වීම පිළිබඳව ගෝඨාභය රාජපක්ෂ මහතා හට මම සුභ පතමි. 

දිවයිනේ සෑම ප්‍රදේශයකම පාහේ මා වෙත ඡන්දය ප්‍රකාශ කළ අප පුරවැසියන්ට මාගේ හෘදයාංගම කෘතඥතාව පළ කරන අතරම, ඔබ මා කෙරෙහි තැබූ විශ්වාසය පිළිබඳව මම නිහතමානී සතුටක් ලබමි. විසි හය අවුරුද්දක මගේ දේශපාලන ජීවිතය තුළ ඔබේ සහයෝගය ශක්තියේ උල්පතක් වී තිබේ. මාගේ දේශපාලන ව්‍යාපාරය තුළ වෙහෙස නොබලා වැඩ කළ සියළු දෙනාටම මාගේ කෘතඥතාව සටහන් කර තැබීමට මම කැමැත්තෙමි. ඔබගේ කැපවීම මා හා මාගේ පවුලේ අයට කිසිදා අමතක නොවනු ඇත.

අපේ ස්වාධීන ජනරජයේ ඉතිහාසයේ වඩාත්ම සාමකාමී ජනාධිපතිවරණය අපි මෙයින් දුටුවෙමු. මෙය පසුගිය වසර පහ තුළ සිදුවී ඇති ප්‍රජාතන්ත්‍රවාදී වාසි සහ ආයතනික ප්‍රතිසංස්කරණවල ප්‍රතිඵලයක් වන අතර, එය ස්වාධීන මැතිවරණ කොමිසමක් විසින් බල ගැන්වූ නීතියේ ආධිපත්‍යය යථා තත්ත්වයට පත් කළ මැතිවරණයක් විය.

බලයට පැමිණෙන ජනාධිපතිවරයා ගෙන් මා සිදුකරන ආයාචනය නම් මෙම ක්‍රියාවලිය ඉදිරියට ගෙන ගොස් ශ්‍රී ලංකාවේ 7 වන ජනාධිපතිවරයා ලෙස සාමකාමීව තේරී පත්වීමට හැකි වූ ප්‍රජාතන්ත්‍රවාදී ආයතන හා සාරධර්ම ශක්තිමත් කර ආරක්ෂා කිරීමයි. 

පශ්චාත් මැතිවරණ පරිසරයේ සාමකාමී බව සහතික කරන ලෙසත්, මගේ අපේක්ෂකත්වයට සහාය දැක්වීමේ කාර්යභාරය නිසා කිසිදු පුරවැසියෙකුට හෝ නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ පක්ෂ ආධාරකරුවෙකුට හිංසා පීඩා හෝ හානියක් සිදු නොකරන ලෙසත් මම රාජපක්ෂ මහතාගෙන් ඉල්ලා සිටිමි.

වසර 26 ක් පුරා මම මේ රටේ ක්‍රියාකාරී දේශපාලනධරයකු වශයෙන් ක්‍රියා කළෙමි. එම කාලය තුළ, මා උපන් දිස්ත්‍රික්කය වන හම්බන්තොට සහ මගේ සහාය අවශ්‍ය ඕනෑම ස්ථානයක සහ ඕනෑම වේලාවක ජනතාවට සේවය කිරීමට මම සෑම උත්සාහයක්ම ගත්තෙමි. 2025 වන විට නිවාස හිමිකාරීත්වයෙන් යුත් සමාජයක් බිහි කිරීමට ප්‍රමුඛත්වය දෙමින් වසර පහක් මෙම රජයේ නිවාස අමාත්‍යධූරයේ සේවය කිරීමට ලැබීම මා ලැබූ භාග්‍යයක් සේ සලකමි. එය මගේ සෙසු පුරවැසියන්ගේ ජීවිත නගා සිටුවීමට අවංක, හෘදයාංගම උත්සාහයක් බව ජනතාව තේරුම් ගනී යැයි මම බලාපොරොත්තු වෙමි.

අද දින ඡන්දදායකයින් ගනු ලබන තීරණයට අනුව, වහාම ක්‍රියාත්මක වන පරිදි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක ධුරයෙන් ඉවත් වීමට මම තීරණය කර ඇත්තෙමි.

ඉදිරි සති තුළ, මගේ ජනාධිපති අපේක්ෂාවට සහාය ලබා දුන් සියලු දෙනා, මගේ දේශපාලන ගමන තුළින් මා වෙනුවෙන් පෙනී සිටි ජනතාව සහ මගේ ආදරණීයයන් සමඟ සාකච්ඡා කර, මගේ දේශපාලන ජීවිතයේ අනාගතය සහ මගේ ජීවිතය මෙතැන් සිට මා ගෙන යන්නේ කොතැනද යන්න ගැන මෙනෙහි කරමි. ශ්‍රී ලංකාවේ ජනතාව සමඟ බැඳී සිටින මම අදත් සෑම විටම ඔවුන්ගේ විශ්වාසවන්ත සේවකයා ලෙස කටයුතු කරමි.

පා.ම. සජිත් ප්‍රේමදාස

SendShareShare
Previous Post

සවස 5ට ගෝඨා-රනිල්-මහින්ද හමුවක්

Next Post

අලුත් ආණ්ඩුවට ඉඩදෙන්න ඇමතිවරු තනතුරු අත්හරිති

MORE NEWS

රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News
Exclusive

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!
Exclusive

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සමගි නීතීඥ සම්මේලනය පෙරමුණ ගනී! නීතීඥවරු-පක්ෂ නායකයන්-මන්ත්‍රීවරුන් පදනම් ආයතනයට රොක්වෙයි! විනිසුරුවන්ගේ විශ්‍රාම වයස ඉහළ දැමීමේ ආණ්ඩුවේ සූදානම ගැන විපක්ෂනායක සජිත්ගෙන් විශේෂ ප්‍රකාශයක්! PHOTOS & VIDEO I Sri Lanka Latest News
Exclusive

කරන්ට් බිල ගැන කියපුවා කරලා පෙන්වීම සියල්ලන්ගේ වගකීමක්! විපක්ෂනායක සජිත් BMICH එකට ඇවිත් උපයෝගිතා කොමිසම හමුවේ අදහස් දක්වයි! VIDEO I Sri Lanka Latest News

Load More
රට අස්ථාවරයි! ස්ථාවර නොකළොත් සතියකින් මහබැංකු අධිපති තනතුරෙන් ඉවත් වෙන බව කියයි! (VIDEO)
Exclusive

‘ප්ලාන්ටේෂන්’ මුවාවෙන් ජනතාවට ලොකු සල්ලි දෙනවා කියලා ගන්න කොම්පැනි ඉවරයි! අහුවෙන්න එපා! තැන්පත් කරපු මුදල් ආයෙත් ඉල්ලගන්න! කොම්පැනිවලට විරුද්ධව දැන් නීතිය ක්‍රියාත්මක කරන්න පටන් ගත්තා! මහබැංකු අධිපතිගෙන් විශේෂ නිවේදනයක්! VIDEO I Sri Lanka Latest News

වගා ව්‍යාපෘති යැයි කියමින් මුදල් එකතු කිරීම නීතිවිරෝධී බවත්, ජනතාව එහි කැන්පත් කර ඇති මුදල් වහාම ඉල්ලා ගන්නා ලෙසත් මහබැංකු...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

සංවර්ධනය වන උතුර නැගෙනහිර වෙරළ තීරය අනවසර ඉදිකිරීම්වලින් ආරක්ෂා කරගන්න අනුරගෙන් මෙහෙයුම් කමිටුවක්! PHOTOS I Sri Lanka Latest News

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!

සල්ලි තියෙනවා ප්‍රශ්නයක් නෑ! මේ අවුරුද්දේත් ඩොලර් බිලියනයක විදේශ ණය ගෙවන්න ලෑස්තියි! ගිය අවුරුද්දෙත් ගෙව්වා! I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

යුරෝපා කොමිසමේ ඉහළම තානාපතිවරු යාපනයේ චෙම්මනි සමූහ මිනීවළ බලන්න යයි! සිරුරු 467ක අස්ථි කොටස් හමුවෙයි! සාධාරණය ඉල්ලා ඥාතීන් විරෝධතාවක! PHOTOS I Sri Lanka Latest News

තෙල් පෝලිමේ තවත් දෙන්නෙක් මරුට! දැන් 6යි!

පරෙස්සම් වෙන්න කියලා කොච්චර කිව්වත් තේරුම් ගන්නේ නෑ! දියඇල්ලක් ගාව ෆොටෝ ගහන්න ගිය සිසුන් දෙන්නෙක් ඇද වැටී මරුට! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.