සජිත් ප්‍රේමදාස හා මංගල සමරවීර යන මහත්වරුන් විසින් අද (19) දිනයේදී කැදවා තිබූ එජාප මන්ත්‍රී කණ්ඩායම් රැස්වීමට පක්ෂයේ මන්ත්‍රීවරුන් 22ක් සහභාගී වී සිටි බව දැනගන්නට ඇත.
එමෙන්ම එජාපයේ නොවන ආණ්ඩුව නියෝජනය කරන අනෙකුත් මැතිඇමැතිවරුන් වන රිෂාඩ් බදුර්දීන්, පාඨලී චම්පික රණවක ඇතුළු පිරිසක්ද පසුව ඊට එක්වීම නිසා එම පිරිස 40 දක්වා ඉහළ ගොස් තිබිණ.
කෙසේවෙතත් මෙහිදී මංගල සමරවීර මහතාත්, කබීර් හෂීම් මහතාත් මන්ත්‍රි කණ්ඩායමෙන් ඉල්ලා ඇත්තේ සියල්ලන්ම ගොස් පක්ෂයේ ජනපති අපේක්ෂකත්වය සජිත් ප්‍රේමදාස මහතාට ලබා දෙන ලෙසට රනිල් වික්‍රමසිංහ මහතාට බලපෑම් කළ යුතු බවත්, බෙදීමකින් තොරව පැමිණියහොත් ජනාධිපතිවරණය ජයග්‍රහණය කළ හැකි බවත්ය.
එමෙන්ම සජිත් ප්‍රේමදාස මහතා සදහන් කොට ඇත්තේ ඒකමතිකව අපේක්ෂකත්වය ලබා දෙන්නේ නම් ජනාධීපතිවරණය ජයග්‍රහණය කොට පෙන්වීමට තමන් සූදානම් බවකි.