ජනාධිපතිවරණ පරාජයෙන් පසු පළමු වතාවට මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් සජිත් ප්‍රේමදාස මහතා යළි සක්‍රිය දේශපාලනයට පැමිණීමට පියවර ගෙන ඇත.
ඒ අනුව පසුගිය දින කිහිපය තුළ සිදුවූ ආන්දෝලනාත්මක සිදුවීම කිහිපයක් ගෙන හැර දක්වමින් ප්‍රේමදාස මහතා මෙම නිවේදනය නිකුත් කර තිබේ.

විශේෂයෙන්ම ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ නිලධාරිනයක රැගෙන ගොස් කිසියම් පිරිසක් විසින් ප්‍රශ්න කිරීම, රහස් පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරුවීම් ලබා දීම සහ මාධ්‍යවේදීන් කිහිප දෙනකු රහස් පොලිසිය වෙත රැගෙන ගොස් ප්‍රශ්න කිරීමවලට ලක් කිරීම ප්‍රේමදාස මහතාගේ විවේචනයට ලක්ව තිබේ.
මේවා ජාත්‍යන්තර වශයෙන් රටට එක්කරන කළු පැල්ලම් බවද ප්‍රේමදාස මහතා සිය නිවේදනයෙන් දැක්වා ඇත.










