ශ්‍රී ලංකාවේ සිටින ශ්‍රේෂ්ඨතම රාජ්‍ය නිලධාරියෙකු වන දේශමාන්‍ය බ්‍රැඩ්මන් වීරකෝන් මහතාගේ 90 වන ජන්ම දිනය අදට (20) යෙදී තිබේ.
බ්‍රැඩ්මන් වීරකෝන් මහතා හිටපු අගමැතිවරුන් කිහිප දෙනකුගේම පෞද්ගලික ලේකම්වරයා වශයෙන් කටයුතු කළ කීර්තිමත් රාජ්‍ය නිලධාරියෙකි.
විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාද වීරකෝන් මහතා හට උපන්දින සුබ පැතුම් එක්කරමින් සිය ට්විටර් ගිණුමේ සටහනක් තැබීමට කටයුතු කොට තිබීම විශේෂ සිදුවීමකි.