• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

බැසිල්ගේ පසුබැසීම ගැන ප්‍රමිතගෙන් සටහනක්

October 20, 2020
in Exclusive, Uncategorized
Reading Time: 4 mins read
A A
බැසිල්ගේ පසුබැසීම ගැන ප්‍රමිතගෙන් සටහනක්
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නිර්මාතෘ මෙන්ම ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණයෙන් පසු නිහඩව පසුපසට වී කල් ගත කිරීම පැහැදිලි කරමින් පොදුජන පෙරමුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා සිය ෆේස්බුක් පිටුවේ සටහනක් තබා ඇත.

එම සටහන මෙසේය.

ප්‍රහාරය අශිෂ්ට නම් ප්‍රතිප්‍රරහාරයේ ශිෂ්ඨත්වය සෙවීමෙන් වළකිමු.

ඉරබැස යාම ලොව දහමකි සනාථන

පසුබැස යාම යුද ක්‍රමයකි උපක්‍රම

ඉරහද සේම විශ්වාසයි මවුනි මට

අලිමංකඩට අපි නැවතත් එනවා හෙට

මෙම කවිය මට මුණගැසෙනුයේ යුද්ධයේ අදුරුමය යුගය වු 90 දශකයේ අලිමංකඩ පරාජය වී පසුබසින නාදුනන සොල්දාදුවෙකුගේ සටහනක් ලෙසිනි.

ඉතිහාසය තුළ ගෞරවයට, පූජනීයත්වයට, දේවත්වයට පත්, වීර නරපති⁣යෙකු වන දුටුගැමුණු කුමරු මලය රටට පලා යන්නේත් විජිත පුරදී පසුබසින්නේත් “යුද්ධයේදී වීරයා වීමට වෙහෙසෙන්නා මෝඩයාය” යන හුදු ජනතා කතාව අවබෝධ කර ගත්තෙකු ලෙසය. යුද්ධයත්, සංග්‍රාමයත්, කැරැල්ලත්, අරගලයත් කළ යුත්තේ උපක්‍රමශීලීවය බව මනාව අවබෝධ කරගත් නිසාය. වළගම්බා මහ රජු “මහ කලු සිංහලයා බයේ පලා යනවෝ” යැයි කියද්දීත් පසුබැස රාජ්‍යයත්, සිංහාසනයත්, කිරුළත් අතහැර අප්‍රකට ජීවිතයකට යන්නේ රට, ජාතිය සහ ආගම රැක ගැනීම උදෙසා අරගලයට නැවත ප්‍රවිෂ්ඨ වීමේ උපක්‍රමික මෙහෙයුමකටය. ඔවුන් නැවත පැමිණ රට එක්සේසත් කළා සේම ඉතිහාසයට උත්තුංග වීර පුරා වෘත්තයන් මනාව එක් කළෝය.

හස්තියෙකු ප්‍රහාරයකට ප්‍රථම පියවර කිහිපයක් පසුපසට තබනුයේ ප්‍රහාරයට යොදන ජවය, තව තවත් වැඩි කර ගැනීමටය. දුන්නක දුනු දිය වඩාත් පසුපසට ඇදිනුයේ ඊතලය ඉලක්කය කරා වඩාත් වේගවත්ව හා මරු පහරක්ව විදුලියක් සේ ඉලක්කය පසාරැ කර වීම සදහාය. මෙය ඉතිහාසය සහ සමාන්‍ය දැනීම යැයි මම විශ්වාස කරමි.පසු බැසිමෙන් පසු නිහඩ වීම, මමත්වයෙන් කටයුතු කිරීම, පලායැම වන අතර පසුබැසීමෙන් පසු නැවත සංවිධානය වීම, වඩාත් හොදින් සන්නද්ධව අරගලයට ප්‍රවිෂ්ඨ වීම උපක්‍රමයයි.

2015 පරාජයෙන් පසු බැසිල් රාජපක්ෂ ද පසුබැස ගියේය. නමුත් ඔහු පොදු සතුරාටත් නොදැනෙන ලෙස අරගලය සංවිධාන කළේය. ඒ පසුබැසීම එක් අතකට භාග්‍යවන්තය. මන්දයත් රටටම විනයක් වු 19 වන සංශෝධනයට බැසිල් රාජපක්ෂගේ අත එසවී නැත. සියල්ලෝම අතර එහි දී ඔහු නිදොස් කොට නිදහස්ය. ඒ සියල්ල සිදු වන අතරත් ඔහු වඩා ශුක්ෂමව, වගකීමෙන් මෙන්ම හැඟිමෙන් කටයුතු කළේය. බැසිල් රාජපක්ෂගේ පසුබැසීම වරදක් නම් ඉතිහාසය තුළ ද වීරයන් බිහි නොවනු ඇත. අද තර්කයට අනුව ඒ ඉතිහාසයේ සියල්ලෝම පාවා දුන්නෝ වෙති. ඉතිහාසයේ වීරයන් එසේ වී නම් අවස්ථාවෝචිතව පසු බැස නැවත කඳවුර පිහිටුවා සේනා සංවිධාන කොට විජයග්‍රහණය කරා ගෙන ගිය බැසිල් රාජපක්ෂ නිරායාසයෙන්ම වීරයෙකි.

කවුරු කොඩිය ඔසවා ගත්තද සෙන්පතියා සෙන්පතියාමය. සෙන්පතියා මරා දැමිය නොහැක්කේය. සෙන්පතියා අමරණීයය. සෙන්පතියා බැසිල්ය. කතාව අදට එපමණකි.

මම

ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්

SendShareShare
Previous Post

ශ්‍රේෂ්ඨ රාජ්‍ය නිලධාරියෙකුට සජිත් තැබූ සටහන

Next Post

බිම්සානිගේ තනතුරට එරෙහිව පොලිසිය ඇතුළේ කැරැල්ලක් EXCLUSIVE

MORE NEWS

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)
Exclusive

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News
Exclusive

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

කෝප් එකයි කෝපා එකයි සජිත් විපක්ෂයට ගනී! රැස්වීම් 3කට ආවෙ නැත්නම් මන්ත්‍රීවරු එළියට දාන්නත් තීරණයක්!
Exclusive

කෝප්-කෝපා කමිටුවලට තටු ලැබෙයි! ආන්දෝලනාත්මක වාර්තා රැසක් කෙළින්ම නීතිපතිට සහ අල්ලස් කොමිසමට! VIDEO I Sri Lanka Latest News

Load More
මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

මහජන සෞඛ්‍ය සේවයට අවුරුදු 100ක් පිරෙයි! අනුර සෞඛ්‍ය වෘත්තීය කණ්ඩායම් 36ක් අගයයි! හිටපු ජනාධිපති මෛත්‍රීපාලත් ඇවිත්! PHOTOS I Sri Lanka Latest News

මහජන සෞඛ්‍ය සේවාවේ සියවසක අභිමානවත් සැමරුම ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (21) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී...

Read more
අගමැතිනිට චීනයේදී ලොකු පිළිගැනීමක්! VIDEO I Sri Lanka Latest News

කොළඹ ලොකු හෝටලයකට එද්දී අගමැතිනිය දිහා දුරදක්නයකින් බලන් හිටපු තුන්දෙනෙක් රිමාන්ඩ්! I Sri Lanka Latest News

ඇමැතිකමක් අරන් ආණ්ඩුවට ගිය ශාන්ත බණ්ඩාර මාධ්‍ය ඉදිරියේ හඬා වැටුණේ ඇයි? (VIDEO)

කෝටි 2ක මුදලක් පැහැර ගැනීමේ සිද්ධියකට හිටපු ඇමැති ශාන්ත බණ්ඩාරගේ පුතා පොලිසියෙන් අත්අඩංගුවට අරන්! I Sri Lanka Latest News

වැලිකන්ද පොලිසියේ කොස්තාපල්වරයෙක් සැකකටයුතු ලෙස නිදි ඇඳේම මියගිහින්! Sri Lanka Latest News

ලක්ෂ 3ක අල්ලසක් ඉල්ලූ සිද්ධියේ වැලිකඩ හිටපු OICට දූෂණ විරෝධී පනත යටතේ නඩු! I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

මේක නම් කරන්නම ඕන වැඩක්! බස් ස්ටෑන්ඩ්වල මිනිස්සුන්ට කුණු කෑම වික්ක කැන්ටින්-හෝටල් 112කට පාරිභෝගික අධිකාරියෙන් පනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.