හිටපු ඇමැති චම්පික රණවක මහතා සම්බන්ධයෙන් මේ දිනවල ඇතැම් මාධ්‍ය ගෙනයන ප්‍රචාරයන් මුල්කරගෙන අද (16) දිනයේදී එක්සත් ජාතික පක්ෂය ප්‍රවෘත්ති සාකච්ජාවක් පැවැත්වීමට පියවර ගෙන තිබිණ.
මෙහිදී දැකගන්නට ලැබුණු විශේෂම සිදුවීම වූයේ පසුගිය කාලය පුරා රනිල් වික්‍රමසිංහ පිල සහ සජිත් ප්‍රේමදාස පිල වශයෙන් වෙන්ව සිටි පාර්ශ්වයන් දෙකම එක්ව මෙම ප්‍රවෘත්ති සාකච්ජාව පැවැත්වීමය.
ඒ අනුව වික්‍රමසිංහ පිල නියෝජනය කරමින් අකිල විරාජ් කාරියවසම්, අශූ මාරසිංහ යන මහත්වරුන්ද, ප්‍රේමදාස පිල නියෝජනය කරමින් රංජිත් මද්දුමබණ්ඩාර, අජිත් පී. පෙරේරා, චන්ද්‍රාණි බණ්ඩාර, හර්ෂ ද සිල්වා සහ එස්.එම්. මරික්කාර් යන මන්ත්‍රීවරු එක්ව සිටියහ.
මෙහිදී සියලුම එජාප මන්ත්‍රීවරුන් කියා සිටියේ අදාළ සිදුවීම සම්බන්ධයෙන් ඉදිරි නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට සූදානම් බවත්, දැනටමත් ඇතැම් ආයතන වෙත ඒ පිළිබදව පැමිණිලි කොට ඇති බවත්ය.










