තැපැල් ඡන්ද පත්‍රිකා බෙදීමේ දිනය වෙනස් වුණත් මැතිවරණ පැවැත්වීමේ දිනය වෙනස් නොවන බවත්, මුද්‍රණාලාධිපතිවරියගේ අත්තනෝමතික ක්‍රියාකලාපය හෙළා දකින බවත්, ආණ්ඩුවේ අතකොලු වන රාජ්‍ය නිලධාරීන් අධිකරණ හමුවට ගෙන එන බවත් මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසීය.
නිදහස් ජනතා සන්ධානයේ ප්‍රවෘත්ති සාකච්ඡාවට අද (15) දින එක්වෙමින් ඒ මහතා මේ බව පැවසීය.
ADVERTISEMENT
එමෙන්ම ආණ්ඩුව ව්‍යාජ හේතු සාධක පෙන්වමින් මැතිවරණ කල් දැමීමට ගන්නා උත්සාහය පරාජය කර ජනතා පරමාධිපත්‍ය ආරක්ෂා කරන බවත් ඒ මහතා පෙන්වා දුන්නේය.
ආණ්ඩුව ඡන්ද කල්දැමීමට උත්සාහ කරන්නේ මුදල් නොමැතිකම නිසා නොවේ,ආණ්ඩුවට ඡන්ද නැතිකම නිසා බවද ඒ මහතා කීය.