• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
ලියුම් ගැටුම සැරටම යයි: කරුගේ ලියුමට රනිල්ගේ පැත්තෙනුත් පිළිතුරු ලියුමක්

August 27, 2020
in Uncategorized
Reading Time: 8 mins read
A A
ලියුම් ගැටුම සැරටම යයි: කරුගේ ලියුමට රනිල්ගේ පැත්තෙනුත් පිළිතුරු ලියුමක්
Share on WhatsAppShare on Facebook

තමන් තවදුරටත් එක්සත් ජාතික පාක්ෂිකයකු බව තහවුරු කරමින් හිටපු කතානායක කරු ජයසූරිය මහතා ඊයේ (26) දින යොමු කර තිබූ ලිපියට යළි පිළිතුරු ලබා දෙමින් පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ පාර්ශ්වයෙන්ද අද (27) දින පිළිතුරු ලිපියක් යොමු කොට තිබේ.

එජාප නායකයට පක්ෂපාති අයකු ලෙස සැලකෙන හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සන්දිත් සමරසිංහ මහතාගේ නමින් යුතුව ප්‍රවෘත්ති නිවේදනයක් නිකුත් කරමින් ඒ බව නිවේදනය කර ඇත.

එම නිවේදනයේ මෙසේ සඳහන් වේ.

‘හිටපු කථානායක කරූ ජයසූරිය මහතා සිය බෑණනුවන් වන නීතිඥ නවීන් දිසානායක මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට හෝ දේශපාලනිකව කිසිදු ආකාරයකින් දායක නොවෙමින් සිය ස්වාධීනත්වය රැකගැනීමට එතුමන් කටයුතු කරන ලද බව එතුමාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය විසින් 2020 අගෝස්තු 20 වැනි දින නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර සිටියා.

කෙසේවුවත් ඊයේ දිනයේදී (2020.08.26) නිවේදනයක් නිකුත් කරමින් කරූ ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය පදනම් විරහිත ප්‍රකාශයක් නිකුත් කර තිබෙනවා. ඒ කරූ ජයසූරිය මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ශයේ සාමාජිකයකු බව හැඟවීමටයි.

කෙසේ වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ නිල කාලය අගෝස්තු මස 10 වන දිනෙන් පසු බල නොපැවැත්වෙන අතර ඉන් පසුව කරූ ජයසූරිය මහතා තමන් ස්වාධීන පුද්ගලයකු බවත් සඳහන් කර ඇති බව අවධාරණය කර සිටිමි.

මීට අමතරව කරූ ජයසූරිය මහතා විසින් අගෝස්තු මස 24 වැනි දින නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයේදී තමන් මේ වන විට එක්සත් ජාතික පක්ශයේ සාමාජිකයකු බව සඳහන් කර නොමැති බවත් සිහිපත් කරමි.

මේ අතර 2015 වර්ෂයේ සිට එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු කණ්ඩායම නියෝජනය කළ සියළු මන්ත්‍රීවරුන් ගෙන් මාසිකව රු.5000/- ක මුදලක් පක්ෂ අරමුදල සඳහා වැටුපෙන් අයකර ගත් අතර, එම මුදලද කරූ ජයසූරිය මහතා කතානායක ධූරයේ දිවුරුම් දුන් දින සිට ලබා දී නොමැති බව සඳහන් කරමි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සභාපති ධූරයට අගෝස්තු 20 වැනි දින සමුදුන් වහාම අගෝස්තු 21 වැනි දින පක්ෂයේ සක්‍රීය සාමාජිකත්වය පිණිස වාර්ෂික පක්ෂ සාමාජිකත්වය සඳහා අයදුම් කළ කරූ ජයසූරිය මහතා පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති බව ඊයේ දිනයේ නිකුත් කරන ලද නිවේදනයේ පදනම් විරහිත ප්‍රකාශයක් නිකුත් කර ඇති බව සඳහන් කර තිබෙනවා.

එම නිවේදනයේ සඳහන් වුවද 1000 M සාමාජික වැඩ සටහන යටතේ ලබාගන්නා පක්ෂ සාමාජිකත්වය යාවජීව සාමජිකත්වයක් නොවන බව අවධාරණය කර සිටිමි. එමෙන්ම එහි කාලය වසරකට සීමා වේ.

කෙසේ වුවත් 2020 වර්ෂය සඳහා 1000 M පක්ෂ සාමාජික පත්‍ර නිකුත්කර නොමැති බවද අවධාරණය කර සිටින්නෙමි.

එක්සත් ජාතික පක්ෂ ව්‍යවස්ථාවේ 3.1 වගන්තියට අනුව පක්ෂය තුළ යාවජීව සාමාජිකත්වයක් නොමැති බව අවධාරණය කරන අතර ඊයේ දිනයේදී නිකුත් කර ඇති නිවේදනයේ සඳහන් පරිදි හිටපු කතානායක කරූ ජයසූරිය මහතා යාවජීව සාමාජිකයකු බවට ඇඟවීමට දරන උත්සාහය අසත්‍ය සහ පදනම් විරහිත බව ප්‍රකාශ කරමි.

කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය ඒකකය ඊයේ දින නිකුත් කල නිවේදනය මෙසේය.

මාධ්‍ය නිවේදනයයි.

එක්සත් ජාතික පක්ෂය මුහුණ දී ඇති අවාසනාවන්ත ඉරණමෙන් ගලවා ගැනීම සදහා පොදු ජනතා සිතුම් පැතුම් වලට සමගාමී වන ලෙස පක්ෂයේ කඩිනම් ප්‍රතිසංවිධානයක් උදෙසා නායකත්වය දීමට තමා සූදානම් බව හිටපු කථානායක කරු ජයසුරිය මහතා නිල වශයෙන් ප්‍රකාශ කිරීමත් සමගම ඒ පිළිබදව පළව ඇති ඇතැම් ප්‍රතිචාර පිළිබදව කරුණු පැහැදිලි කිරීම අපගේ වගකීමක් කොට සලකමු.

පසුගිය මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ලද අන්ත පරාජයෙන් පසුව පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා නායකත්වයෙන් ඉල්ලා අස් වන බවට පැහැදිළිව ප්‍රකාශයට පත්කෙරිණි. ඒ අනුව සමාජයේ විවිධ පාර්ශවයන්ගෙන් පක්ෂය නැවත ගොඩනැගීමේ කාර්යයට නායකත්වය දෙන ලෙස කරු ජයසූරිය මහතා වෙත ඉල්ලීම් ගලා එන්නට විය.

කිසිසේත් නොසළකා හල නොහැකි තරම් වූ අදාල ඉල්ලීම් සියල්ල සැළකිල්ලට ගනිමින් එම දුෂ්කර වගකීම උර මතට ගෙන පක්ෂයත් පාක්ෂිකයාත් වෙනුවෙන් යුතුකම් ඉටුකිරීමට තමා සූදානම් බව පක්ෂ නායකත්වයට වාචිකව දැණුම්දුන් කරු ජයසූරිය මහතා පුවත්පත් නිවේදනයක් නිකුත් කරමින් ස්වකීය අදහස ප්‍රකාශයට පත්කරන ලදි. මෙය පක්ෂ සාමාජිකයන් හා පක්ෂයට හිතවත් ප්‍රගතිශීලී පුරවැසියන් අතිමහත් බහුතරයකගේ එකගත්වය මත ගනු ලැබූ තීරණයක් බවද අවධාරණය කරමු.

නමුත්, කරු ජයසූරිය මහතා සිය මතය ප්‍රකාශයට පත් කළ පසුව එතුමා සම්බන්ධයෙන් විවිධ අභූත හා හාස්‍ය ජනක චෝදනා දිගින් දිගටම එල්ලකිරීමේ ප්‍රවණතාවයක් දක්න ලැබේ.

1.      රනිල් වික්‍රමසිංහ මහතා ට ඉතාම සමීප ව කටයුතු කළ නීතීඥ එරන්ද වැලිඅංගේ මහතා පිළිබදව කරු ජයසූරිය මහතා කරන ලද ප්‍රකාශයක් සමගි ජන බලවේගයෙන් තරග කළ ඒ මහතාගේ මැතිවරණ ව්‍යාපාරයට වාසි දායක වූ බැවින් කරු ජයසූරිය මහතාට එරෙහිව විනය පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කළ යුතු බවට රනිල් වික්‍රමසිංහ මහතා විසින් යෝජනා කර තිබිණි. ( එහෙත්, මෙම ප්‍රකාශය සමගි ජන බලවේගය බිහිවීමට පෙර එනම්, 2019 වර්ශයේ දී දේශපාලන අරමුණක් නොමැතිව පුද්ගලයෙකු අරභයා කරන ලද්දක් බවට තහවුරු වීමෙන් පසුව විනය පරීක්ෂණ උත්සාහය හකුලාගනු ලැබීය.)

2.      ඉන් පසු 2020.08.25 දින පැවති කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ දී කරු ජයසූරිය මහතා පිළිබදව තවත් පදනම් විරහිත හා හාස්‍යජනක ප්‍රකාශ දෙකක් සිදුකොට ඇති බව වාර්තා විය.

පළමුවැන්නනම්, කෘත්‍යාධිකාරී මණ්ඩල සභිකයෙකු නොවන හිටපු කථානායකවරයාව පක්ෂ නායකත්වයට පත්කිරීමෙහි ලා නීතිමය බාධාවක් පවතින බවයි. පක්ෂ ව්‍යවස්ථාව අනුව හා සැබෑ අවශ්‍යතාවයක් ඇත්නම්, එයට කිසිදු නීතිමය බාධාවක් නොමැති බව නීතී විශාරදයින්ගේ මතයයි.

එමෙන්ම, 2015 සැප්තැම්බර් පළමු වනදින කථානායක ධුරයට පත් වූ කරු ජයසුරිය මහතා ඊට සමගාමීව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති පදවියද උසුලන ලදි.  2020 මාර්තු 02 දිනෙන් කථානායක ධුරය අවසන් වුවද ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධුරය අඛණ්ඩව 2020 අගෝස්තු 20 දින දක්වා බලපැවැත්විණි. එම උත්තරීතර ධුරයන්ගේ ස්වාධීනත්වය රැකගැනීම සදහා කිසිදු දේශපාලන පක්ෂයක සක්‍රීය තනතුරක් නොදැරීමේ ප්‍රතිපත්තිය මත පිහිටා එතුමන් කටයුතු කරන ලදි.

දෙවැනි චෝදනාව නම්, කරු ජයසූරිය මහතා එක්සත් ජාතික පක්ෂයේ සාමාජිකයෙකු නොවන බවයි. එයද පක්ෂ සාමාජිකත්ව ව්‍යුහය පිළිබදව හෝ අවබෝධයකින් තො‍රව කරන ලද පදනම් විරහිත හාස්‍යජනක ප්‍රකාශයකි.

මින් වසර 20 කට පෙර පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතා සහ කරු ජයසුරිය මහතා එක්ව ආරම්භ කළ 1000 M යාවජීව පක්ෂ සාමාජිකත්වය ලබාගෙන ඇති කරු ජයසුරිය මහතාගේ පක්ෂ සාමාජිකත්වය අඛණ්ඩව බලපැවැත් වේ. තවද, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ සභාපති ධරයට සමු දුන් වහාම නැවත 2020 අගෝස්තු 21 වන දින පක්ෂයේ සක්‍රීය සාමාජිකත්වය පිණිස වාර්ෂික පක්ෂ සාමාජිකත්වය සදහා ද අයදුම් කළ ඒ මහතා මේ වන විට 2020 වර්ෂය සදහා පක්ෂ සාමාජිකත්වයද ලබා තිබේ.

කෙසේ වෙතත්, 2010 වසරේ සහ 2015 වසරේ දී පක්ෂයට පරිබාහිර පුද්ගලයන් ජනාධිපති අපේක්ෂකයන් ලෙස ඉදිරිපත් කිරීමේ දී පවා සළකා නොබැලූ නිර්ණායක ඉදිරිපත් කරමින් මෙලෙස කටයුතු කිරීමෙන් තවදුරටත් විනාශය කරා ගමන් කරන්නේ පක්ෂය හා එයට දිවි දෙවැනි කොට ආදරය කරන පාක්ෂිකයන්මය. තවද ශ්‍රී ලංකාවට නිදහස දිනාගැනීමෙහි ලා පුරෝගාමී වූ , එදා මෙදා තුර ශ්‍රී ලාංකික ජනතාවට අභිමානවත් ජීවිතයක් සදහා මග විවර කරන්නට කැප වූ දේශපාලන පක්ෂයක් මෙලෙස විනාශ මුඛයට ඇද දමා ඉතිහාසයට එක්කිරීමෙන් ඉටුකරනුයේ කවර පාර්ශවයක දේශපාලන උවමනාවක් දැයි ජනතාවට මනාව පැහැදිළි වනු ඇත.

කරු ජයසූරිය මහතාගේ මාධ්‍ය සම්බන්ධීකරණ අංශය.

SendShareShare
Previous Post

වැලිකඩ පොලිස් සැරයන් කුඩු විකුණලා

Next Post

ලියුම් ගැටුම සැරටම යයි: කරුගේ ලියුමට රනිල්ගේ පැත්තෙනුත් පිළිතුරු ලියුමක්

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.