මීගමුව නගරාධිපති දයාන් ලංසාට සිය ගම වු වැල්ලවීදිය ප්‍රදේශයේදි තරුණයින් පිරිසක් පහර දි ඇතැයි වාර්තා වේ.
වාර්තා වන අන්දමට මිගමුව නගරාධිපතිවරයා වැල්ලවිදිය, කුඩාපාඩුව ප්‍රදේශයේ හෝටලයක සාදයකට සහභාගිව සිටියදි ඔහුගේ මෝටර් නවතා තිබු මුහුදු තිරයේ තරුණයන් පිරිසක් ක්‍රිඩා කරමින් සිට ඇත.
මේ අවස්ථාවේදි දයාන් ලංසා එහි සිටි තරුණයන් පිරිසක් හා බහින් බස් විමක් සිදුව ඇති අතර මෙම පහර දිම සිදුව තිබෙන්නේ එහිදීය.
එහිදි නගරාධිපතිවරයා විසින් එහි සිටි අයෙකුට පහර දිමත් සමගින් පහර කෑමට ලක්වු තැනැත්තාගේ පුතෙකු විසින් නගරාධිපතිවරයාට පහරදි තිබේ.
මේ පහරදි හේතුවෙන් ඔහුගේ මුහුණට තුවාල සිදුව තිබේ.
මේ වනවිට එහි තරුණයින් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද වාර්තා වේ.
දයාන් ලන්සා යනු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සාගේ සහෝදරයාය.










