වැඩ බලන සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එස්. ශ්‍රීධරන් මහතා පාර්ලිමේන්තුවට කැඳවා රට තුළ මතුව ඇති වත්මන් තත්ත්වය පිළිබද සවිස්තරාත්මක විග්‍රහයක් ලබා ගැනීමට තීන්දු වී ඇත.
ඊයේ (06) දින පැවැති පක්ෂ නායක රැස්වීමේදී මෙම තීන්දුවට එළඹ ඇති බව දැනගන්නට තිබේ.
එම පක්ෂ නායක රැස්වීමේදී කතානායකවරයා විසින් සෞඛ්‍ය හේතු මත පාර්ලිමේන්තුව වසා තැබීමේ යෝජනාවක් ඉදිරිපත් කොට ඇතත් ඊට පක්ෂ නායකයන්ගේ දැඩි විරෝධය පළව තිබේ.
ඔවුන් පෙන්වා දී ඇත්තේ නිශ්චිත සෞඛ්‍ය තොරතුරු නොමැතිව පාර්ලිමේන්තුව වැසීම සම්බන්ධයෙන් තීන්දුවක් ගත නොහැකි බවකි.
ඒ අනුව තීන්දු වී ඇත්තේ සෞඛ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අද සවස 3ට පාර්ලිමේන්තුවට කැදවා ඒ පිළිබද තොරතුරු දැන ගැනීමෙන් පසු පාර්ලිමේන්තුව වසා තැබීම සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමටය.