කොරෝනා වසංගතය හේතුවෙන් ලංකාවේ ආර්ථිකයට අහිතකර බලපෑම් රැසක් එල්ල විය හැකි බවට ජාත්‍යන්තර සමාගමක් වන ‘මූඩි’ Moody’s Investors Service ආයතනය අනතුරු ඇඟවීමක් කර ඇත.
ඉදිරි වසරවලදී දළ දේශීය නිෂ්පාදිතයේ අනුපාතයට ණය අනුපාතය 100% දක්වා ඉහළ යනු ඇතැයි අනතුරු අඟවා ඇති එම සමාගම අයවැය හිඟය 8% ඉක්මවනු ඇති බවටද අනතුරු අගවා තිබේ.
රජයේ ණය ආපසු ගෙවීමේ සැලැස්ම අවධානය යොමු කර ඇත්තේ ණය සම්බන්ධ සංචිත කෙරෙහි පමණක් බව පවසන එම ආයතනය අඩු සංචිත ශ්‍රී ලංකාව ප්‍රතිමූල්‍යකරණ අවදානම්වලට නිරාවරණය කරන බවද පෙන්වා දෙයි.
මීට අමතරව ප්‍රේෂණ ඩොලර් බිලියන 1.5කින් පහත වැටෙනු ඇති බව පෙන්වා දෙන එම ආයතනය 2020 දී ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය 1.5%ක් වනු ඇතැයිද අපේක්ෂා කරයි.










