සිය නම ව්‍යාජ ලෙස භාවිත කරමින් විවිධ වංචනික කටයුතුවල නිරත වන පුද්ගලයන් රැසක් පිළිබද තමන්ට පැමිණිලි ලැබී ඇති බවත්, ඔවුන් සම්බන්ධයෙන් කිසිදු වගකීමක් තමන්ට දැරිය නොහැකි බවත් සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා අවධාරණය කරයි.
මේ සම්බන්ධයෙන් සිය ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබීමටද රන්ජන් රාමනායක මහතා කටයුතු කොට ඇත.











