• About us
  • Contact us
Monday, July 27, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

රටේම රජවරු ආවා: උත්තිය රජු හැඬුවා: ආදාහනය සඳුන් සෑයක: මිහිඳු හිමිගේ පරිනිර්වාණය ගැන කවුරුත් නොදත් අලුත්ම කතාව

March 24, 2021
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
රටේම රජවරු ආවා: උත්තිය රජු හැඬුවා: ආදාහනය සඳුන් සෑයක: මිහිඳු හිමිගේ පරිනිර්වාණය ගැන කවුරුත් නොදත් අලුත්ම කතාව
Share on WhatsAppShare on Facebook

මිහිඳු මහරහතන් වහන්සේ මෙරට වැඩ වාසය කළ ආකාරය පිළිබඳ බොහෝ තොරතුරු පසුගිය සති දෙක පුරා අපි කතා කළා. ඒ අතර ඔබ දැන සිටි කරුණු වගේම නොදැන සිටි කරුණු කාරණාත් තියෙන්න ඇති. උන්වහන්සේ මෙරට වැඩ සිටි කාලය අවුරුදු 48ක් කියලයි සැලකෙන්නේ.

ඒ කාලය පුරාවට දේවානම්පියතිස්ස රජු සමඟ එකතු වී බුද්ධ ශාසනයේ චිරස්ථිතිය වෙනුවෙන් උන්වහන්සේ සිදු කළ මෙහෙය අප්‍රමාණයි. ලංකාදීපයට පැමිණීමෙන් පසු නැවත කිසි දිනෙක උන්වහන්සේ තම මව්බිම වන ඉන්දියාවට වැඩම නොකළ බවයි ඉතිහාසයේ සඳහන් වෙන්නේ.

උපසම්පදාවෙන් අනතුරුව සැටවස් කාලයක් උන්වහන්සේ මිහින්තලා සෑගිරියේ වැඩ වාසය කළ බව මහාවංශයේ සඳහන් වෙනවා. සැටවස් කාලයක් මෙරට අස්සක් මුල්ලක් නෑර ඇවිදිමින් බුදුදහම සියලු දෙනා අතරට ගෙන ගිය උන්වහන්සේගේ පරිනිර්වාණය සිදු වී තිබෙන්නෙත් මිහින්තලාවේදිමයි. ඒ වන විට උන්වහන්සේගේ වයස අවුරුදු 80ක් වූ බව තමයි මිහින්තලේ නායක හිමිපාණන් වන පූජ්‍ය වලවාහැංඟුණු වැවේ ධම්මරතන නාහිමියන්ගේ අදහස.
ඒ වෙද්දි මෙරට රාජ්‍යත්වය වෙනස් වී තිබීමත් විශේෂ කාරණයක්. මහාවංශයට අනුව මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිදු වීමට වසර පහකට පෙර දේවානම්පියතිස්ස රජු මියගොස් තියෙනවා. දේවානම්පියතිස්ස රජුගේ අභාවයෙන් පසු එතුමාගේ සොහොයුරා වූ උත්තිය රජුට තමයි රාජ්‍යත්වය හිමි වෙලා තියෙන්නේ.

මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවන් පා ඇති බව දැන ගත් උත්තිය රජු බොහෝ කම්පාවට පත් වූ බවත් පරිනිර්වාණ මංගල්‍ය ඉතාම ඉහළින් පැවැත්වීමට රජු කටයුතු කළ ආකාරයත් මහාවංශයේ මේ ආකාරයෙන් සඳහන් වෙනවා.
“එකල්හී උත්තිය රජු රාජාභිෂේකය ලැබ අටවෙනි වසරය. අපගේ මිහිඳු මහරහතන් වහන්සේට වයස අසූවකි. උපසම්පදාවෙන් සැටවසක් ගත කළ සේක.

එකල්හී මිහිඳු මහරහතන් වහන්සේ මිහින්තලේ සෑගිරි විහාරයේ වැඩහුන් සේක. සියලු සංස්කාර ධර්මයන්ගේ අනිත්‍ය බව පසක් කරමින් පහන් සිලක් නිවී යන ලෙසින් අපගේ පරම කල්‍යාණමිත්‍ර වූ සිංහලයාගේ මහා ආධ්‍යාත්ම ගුරුවරයාණන් වහන්සේ වූ මිහිඳු මහරහතන් වහන්සේ පිරිනිවී ගිය සේක. ඒ වප් මාසයේ පුර පක්ෂයේ අටවක දවසයි. එනිසා වප් මාසයේ පුර අටවක දවස එකල සිංහලයෝ හැඳින්වූවාහු ශ්‍රී මිහිඳු පුර අටවක නමිනි.

මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවන් පෑම ඇසූ උත්තිය රජු සෝකහුලින් පහර කන ලද්දේය. මිහින්තලේ සෑගිරියට ගොස් මහරහතන් වහන්සේගේ නිසල ශ්‍රී දේහයට වන්දනා කොට උන්වහන්සේගේ ගුණ ගායනා කරමින් හඬා වැලපුණේය. රන් දෙණක සුවඳ තෙල් පුරවා මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය එහි තැන්පත් කරන ලද්දේය. ඒ දෙණ හොඳින් වසා රන් කුළුගෙයක් මත තබවා සාදුනාද පවත්වමින් අනුරාධපුරයට වඩමවාගෙන එන ලද්දේය. අනුරාධපුර නගරය අලංකාරයෙන් සරසන ලද්දේය. තොරණ බන්දවන ලද්දේය. ධජ පතාක ඔසොවන ලද්දේය. මල් මාලාවන්ගෙන් සරසන ලද්දේය. පුන්කළස් තබ්බවන ලද්දේය.

අනුබුදු මාහිමියන් වහන්සේගේ ශ්‍රී දේහය බැහැදකින්නට පංච මහා ගංගාවන් ගලන සෙයින් ලක්දිවින් ජන ගංගාව ගලා ආවේය. ජනයාගේ නෙතින් ගැලූ කඳුළින් අනුරාධපුර නගරය තෙමී ගියේය. මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය පඤ්චම්බ මාලකයෙහි කූටාගාරයක තැන්පත් කරවා සත් දිනක් පූජෝපහාර පවත්වන ලද්දේය.

අනුරාධපුරයෙන් නැඟෙනහිර දිසාවෙහි බද්ධමාලක නම් තැන සඳුන් දරින් චිතකයක් කරවන ලද්දේය. මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහය රැගෙන ථූපාරාම සෑයද පැදකුණු කරමින් එතැනට වැඩමවාගෙන ඇවිත් ඒ සිත්කලු චිතකයෙහි කූටාගාරය තැන්පත් කරවූයේය.

සිංහල රහතන් වහන්සේලාද සිංහල රහත් භික්ෂුණීන් වහන්සේලාද ධර්ම සංවේගය සිහි කරමින් අනිත්‍ය ප්‍රතිසංයුත්ත වූ සම්බුද්ධ දේශනාවන් සජ්ඣායනා කළ සේක. මගඵල නොලත් භික්ෂූන් වහන්සේලාද භික්ෂුණීන් වහන්සේලාද හඬා වැලපෙමින් මිහිඳු මහරහතන් වහන්සේගේ ගුණ කියන්ට පටන් ගත්හ. මගඵලලාභී උපාසක උපාසිකාවෝ ධර්ම සංවේගයෙන් බලා සිටියහ. අවශේෂ උපාසක උපාසිකාවෝ චණ්ඩ මාරුතයෙන් ඇදහැලෙන වෘක්ෂයන් පරිද්දෙන් සෝකහුලින් පහර කන ලදුව හඬා වැලපෙමින් ඇදවැටුණාහ. අහසින් මල් වරුසා ඇදහැලුණේය. ලක්වැසි දෙවියන්ගේ සෝකී රාවය සියල්ලන්ටම අසන්ට ලැබුණේය.

මිහිඳු මහරහතන් වහන්සේගේ ශ්‍රී දේහයට ගිනි දල්වන ලදුව අනිත්‍ය ධර්මය පසක් කරමින් ගිනි ඇවිළ ගියේය. මිහිඳු මහරහතන් වහන්සේගේ ධාතූන් වහන්සේලා තැන්පත් කොට එතැන චෛත්‍යයක් කරවන ලදී. උන්වහන්සේගේ ශ්‍රී දේහය ආදාහනය කළ ස්ථානයට ගෞරව කිරීම පිණිස “ඉසිභූමංගන” යන නම තබන ලදී.”

මිහිඳුමහරහතන් වහන්සේගේ පරිනිර්වාණය මහාවංශයේ දැක්වෙන්නේ එහෙමයි.

එතැනින් පස්සේ උන්වහන්සේගේ උතුම් ධාතූන් වහන්සේලා ලක්දිව වටා සෑම තැනකටම රැගෙන ගොස් තියෙනවා. එම ධාතූන් වහන්සේලා රැගෙන ගොස් ඉදි කළ එක සෑයක් තමයි අපි රජගලදී දැක්කේ. මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු සිදු වූ දේ මිහින්තලේ නායක හිමිපාණන් විස්තර කළේ මේ විදියටයි.

“ඒ වෙද්දි මේ රටේ හිටියේ බෞද්ධයෝ විතරයි. අවුරුදු 48 පුරාවට මේක බෞද්ධයන්ගෙන් පිරී ඉතිරී ගිහින් තිබුණේ. ඒ හින්දා මිහිඳු මහරහතන් වහන්සේගේ පිරිනිවන් මංගල්‍යට සතර අතින් ජනතාව සහභාගි වුණා. ඒ වෙද්දි හිටිය උත්තිය රජතුමාත් ඉතාම කෘතවේදීව ඒ කටයුතු සිද්ධ කළා. එතුමා ඉතාම කෘතවේදීව උන්වහන්සේගේ සෑයේ අඟුරු ටික පවා මිහිඳු මහා සෑයේ තැන්පත් කරනවා. දැන් ඒ අඟුරු ටික අපි ළඟ තියෙනවා. මිහිඳු මහා සෑයේ කැණීම්වලදී ඒ වටිනා අඟුරු ටික අපට හමු වුණා.

මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පස්සේ ඒ දිනය පොසොන් පුන් පොහෝ දිනයටත් වඩා ඉහළින් සැමරීමට අපේ රජවරු කටයුතු කරලා තියෙනවා. ඒ වගේම ඒ දිනය උත්තිය රජතුමා සෙල්ලිපි හරහා තහවුරු කරලා තියෙනවා. ඒ හින්දා වර්තමානයේදීත් වප් පුර අටවක දිනය ගරු කටයුතු දිනයක් විදියට ගැසට් කර දෙන්න කියලයි අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලන්නේ. මොකද මේ හැමදේම අපිට ලැබුණේ මිහිඳු මහරහතන් වහන්සේ හින්දා. ඉතිං එවැනි උත්තමයෙකු පරිනිර්වාණයට පත් වුණු දිනය සැමරීම සෑම බෞද්ධයෙකුගේම යුතුකමක් කියලයි මම හිතන්නේ.”
මිහින්තලාවේ නායක හාමුදුරුවෝ අදහස් දැක්වූයේ එහෙමයි.

උන්වහන්සේ සිහිපත් කළ ආකාරයෙන්ම මිහිඳු මහරහතන් වහන්සේ පරිනිර්වාණයට පත් වූ වප් පුර අටවක දිනය ඉතාම ගෞරවාන්විත ආකාරයෙන් සැමරීමට අනුරාධපුර යුගයේ රජවරුන් කටයුතු කළ ආකාරයේ මහාවංශයෙත් සඳහන් වෙනවා. මිහිඳු මහරහතන්වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු 560කට පසු රජ වූ සිරිමේඝවන්න රාජ යුගයේදී එය සැමරූ ආකාරය මහාවංශයේ සඳහන් වන්නේ මේ විදියටයි.

“ලක්දිව සුපහන් කරවා වදාළ දීපප්පසාදක මිහිඳු මාහිමියන් වහන්සේ කෙරෙහි පැහැදී මහා මහේන්ද්‍ර ස්ථවිරෝත්තමයාණෝ ඒකාන්තයෙන් ශ්‍රී ලංකාද්වීපයට අධිපති වන සේක” යනුවෙන් සිතා, මිහිඳු මහරහතන් වහන්සේගේ සිරුරෙහි ප්‍රමාණයටම සරිලන පරිදි තනි රත්තරනින් පිළිම වහන්සේ නමක් කරවා වප් මස පුර අටවකට කලින් දිනය වන සත්වක දා, මිහින්තලයට වැඩම කරවා “ස්ථවිරඅම්බ” නමැති අම්බස්ථලයෙහි අටවක්දා වැඩහිඳීමට සලස්වා ඊට පසුවදා වන නවවක දා, ඒ සිරිමෙවන් රජු සිය අන්තඃපුර ස්ත්‍රීන් හා ගෙවල් රකින්නන් පමණක් නැතිව අනෙත් සියලු නගරවාසීන්ද දිව්‍ය සේනා බඳු මහාසේනාවන්ද කැටුව, ශ්‍රී ලංකාද්වීපයේ වැඩවාසය කරන සියලු භික්ෂූන් වහන්සේලාද කැටුව, එමෙන්ම නගරයේ මහා සිරගෙදර මිනිසුන්ද නිදහස් කරවා, මහා දන්සැල් පිහිටුවා, එමෙන්ම සියලු ප්‍රධානීන්ට බත්වැටුප් දී සියලු උපහාරයන්ගෙන් උපමා රහිත වූ පූජාවන් පවත්වමින්, අපගේ ශාස්තෘන් වහන්සේගේ උතුම් පුත්රුවනක් වූ, ශ්‍රී ලංකාද්වීපයට ශාස්තෘන් වහන්සේ බඳු වූ, අප මිහිඳු මහරහතන් වහන්සේ වන්දනා කිරීමට පෙර ගමන් ගියේ භාග්‍යවතුන් වහන්සේට පෙර ගමන් යන සක්දෙවිඳු විලසිනි.

අම්බස්ථලයෙහි පටන් අනුරපුර මහා නගරය දක්වා මාර්ගය ඉතා සොඳුරුව සරසවන ලද්දේ විසාලා මහනුවර සිට සැවැත් නුවර දක්වා මාර්ගය සැරසූ කලක් මෙනි. අප මිහිඳු මහරහතන් වහන්සේගේ පියාණන් වූ ධර්මාශෝක මහාධිරාජයා එදා මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේගේ වැඩමවීමේදී කටයුතු කළ අයුරින් සිරිමෙවන් රජු ද මිහිඳු මහරහතුන්ගේ පිළිම වහන්සේ වැඩමවන උත්සවයට භෝගයන් පුදා, එහි සිටි දුගී මගී යාචකාදීන් උදෙසා මහදන් පැවැත්වීය. භික්ෂූන් වහන්සේලා චීවර, පිණ්ඩපාත, සේනාසන, ගිලානප්‍රත්‍යය යන සිව්පසයෙන් සතුටු කරවීය.

“එම්බා මහජනතාවෙනි, අපගේ මිහිඳු මහරහතන් වහන්සේ අනුරාධපුරයට වැඩම කරනා අයුරු මෙසේ බලව” යි කියා මහා යසස් ඇති සිරිමෙවන් රජතුමා මහත් වූ සත්කාරයෙන් ඒ මිහිඳු පිළිම වහන්සේ වැඩමවාගෙන, අම්බස්ථලයෙන් පහළට බැස තමන් මුලින්ම ගමන් කරමින් භික්ෂූන් වහන්සේලාද හාත්පස පිරිවරාගෙන පෙරහැර පැමිණෙන කල්හි, පිරිස් පිරිවරාගත් මිහිඳු මහරහතන් වහන්සේගේ රනින් කළ පිළිම වහන්සේ සෝභමානව බැබළී ගියේ කිරි සයුර මැද සන්ධ්‍යාවෙහි රතු පැහැ ගැන්වී ගිය වළාවේ පැහැයෙන් බබළන මහාමේරු පර්වතරාජයා මෙනි. මේ උත්සවය වනාහී ලෝකනායක වූ අප භාග්‍යවතුන් වහන්සේ රතන සූත්‍රය වදාරන්ට විසාලා මහනුවරට මෙසේම වැඩි සේකැයි මහජනයාට විදහා දැක්වීමක් බඳු විය.

ඒ නරාසභ වූ සිරිමෙවන් රජු උතුම් මිහිඳු පිළිම වහන්සේට මේ අයුරින් සත්කාර සම්මාන දක්වමින් අනුරපුර නැඟෙනහිර මහාද්වාරය අසල තමන් විසින් කරවන ලද, ස්වස්ථික හැඩය ගත් විහාරයට එදින සවස් වරුවේ එළඹ උතුම් ජිනපුත්‍රයන් වහන්සේගේ පිළිම වහන්සේ එහි තුන් දිනක් වඩාහිඳුවීය. ඉන් පසු දොළොස්වකදා අප ශාස්තෘන් වහන්සේ පළමුකොට වඩින අවස්ථාවේ සරසන ලද රජගහ නුවර සෙයින් අනුරපුර මහා නගරයද සොඳුරුව සරසා, ඒ මහා මිහිඳු පිළිම වහන්සේ ස්වස්ථික හැඩය ගත් විහාරයෙන් පිටතට වැඩමවා මහාසාගර රළ ඝෝෂාව සෙයින් නගරයෙහි මහා උත්සව පවත්වන කල්හි, මහා විහාරයට වැඩමවාගෙන අවුත් ජය ශ්‍රී මහා බෝමළුවෙහි තුන් මසක් වඩාහිඳුවා ප්‍රවේශ කරවා එසේ පවත්වන ලද විධීන් අනුව නුවරට, වැඩමවාගෙන අවුත් අනුරාධපුරයෙන් ගිනිකොනට වෙන්ට, රාජමාලිගාව අසලින් මහා මිහිඳු පිළිම වහන්සේ උදෙසා අලංකාර විහාරයක් කරවීය.

විසාරද වූ සිරිමෙවන් රජතුමා අප මිහිඳු මාහිමියන් සමඟ සිරිලක වැඩි ඉට්ඨිය, උත්තිය, සම්බල, භද්දසාල, සුමන හා භණ්ඩුක යන ස්ථවිරයන් වහන්සේලාගේද පිළිම වහන්සේලා කරවා මහා මිහිඳු පිළිම වහන්සේ සමගින් එහි වඩාහිඳව්වේය. මහා නුවණැති ඒ රජු පිළිම වහන්සේ වඩාහිඳුවන ලද විහාරයට ආරක්ෂාව සලස්වා පුදපූජාවන් පිණිස වියහියදම්ද ලබාදී, වාර්ෂිකව මේ අයුරින්ම උපහාර පූජෝත්සව පවත්වන්ට රාජ නියෝග කළේය.

සිරිමෙවන් රජුගේ පරම්පරාවෙන් පැමිණ මේ ලංකාද්වීපයෙහි රජ බවට පත්වූ සියලු රජවරු ඒ රජුගේ රාජාඥාව රකිමින් මහා මිහිඳු පිළිම වහන්සේට පැවැත්විය යුතු පූජා විධිවිධාන අද දක්වා නොකඩවා පවත්වනු ලබත්. ඉන් පසු මහා පවාරණ දිනයේදී මහා මිහිඳු පිළිම වහන්සේ නගරයෙන් මහා විහාරයට වැඩමවා වාර්ෂිකව වප් මස දහතුන් වෙනිදා පුද පූජාවන් පවත්වන්ට නියෝග කළේය.”

මහාවංශයේ එය සටහන්ව ඇත්තේ එහෙමයි.

අපේ සංස්කෘතිය, ශිෂ්ටාචාරය මේ ආකාරයෙන් විශිෂ්ටවත් කිරීමට උපකාරි වූ මිහිඳු මහරහතන්වහන්සේට වර්තමානයේදී අප දක්වන ගෞරවය ප්‍රමාණවත් මදි කියලා මේ දේවල් කියවන ඔබටත් හිතෙන්න ඇති. ඒ ගැන මිහින්තලේ නායක හාමුදුරුවොත් ඉන්නේ තරමක කනස්සල්ලෙන්. ඒ ගැන උන්වහන්සේ අදහස් දැක්වූයේ මේ විදියටයි.

“මිහිඳු මහරහතන් වහන්සේ නිසා තමයි ලංකාවේ අපි හැමෝටම මේ වගේ සංස්කෘතියක් ලැබුණේ. කෘෂිකර්මාන්තය ලැබුණේ. හැබැයි අද කොයි පන්සලේද උන්වහන්සේගේ පිළිරුවක් තියෙන්නේ. දේවාල, යක්කු, බහිරවයෝ වගේ හැම දේම පන්සල්වල තියෙනවා. ඒත් මිහිඳු මහරහතන් වහන්සේගේ පිළිරුවක් කොහෙවත් නැහැ. මම කියන්නේ ලංකාවේ හැම පන්සලකම උන්වහන්සේගේ පිළිරුවක් ඉදිකළ යුතුයි. ඒ වගේම සංඝමිත්තා මෙහෙණින් වහන්සේගෙත් පිළිරුවක් ඉදි කළ යුතුයි. ඒක අපි අදම පටන් ගත යුතු දෙයක්. ඒ වෙනුවෙන් මව්රට පෙරමුණ ගනීවි කියලා මම හිතනවා.”

පූජ්‍ය වලවාහැංගුණුවැවේ ධම්මරතන නා හිමිපාණන්ගේ ඒ අදහස, ඒ ඉල්ලීම ඉතාම කාලෝචිත එකක්. ඒ හින්දා ඒ වෙනුවෙන් පෙරමුණ ගන්න අපි සූදානම්. ඒ වගේම මේ උතුම් පුණ්‍යකර්මය වෙනුවෙන් දායක වෙන්න ඔබටත් අවස්ථාව තියෙනවා. ඔබේ ගමේ පන්සලේ මිහිඳු මහරහතන් වහන්සේගේ පිළිරුවක් ඉදි කරන්න දායක වෙන්න ඔබටත් පුළුවන්. ඒ සඳහා ඔබට හැකියාවක් තියෙනවා නම් අපිට කතා කරන්න. ඒ ඉල්ලීම කරන ගමන් මිහිඳු මහරහතන් වහන්සේගේ ජීවන ගමන සොයා ගිය අපේ ගමන මෙතැනින් අවසන් කරනවා.

චන්දන පොන්නම්පෙරුම

SendShareShare
Previous Post

උසාවියේ තහනමත් ගණන් නොගෙන දැරණියගල මහපරිමානේ පස් කැපිල්ලක් (VIDEO)

Next Post

ෆොන්සේකාගේ ගැහිල්ල මුරලිට වදී: බිලියනයක් ඉල්ලයි

MORE NEWS

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News
Exclusive

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News
Exclusive

අහිංසක නිදොස් තරුණයන්ට මහපාරෙදි කරන මේ හිංසාව නවත්තන්නේ කවුද? මේ තරුණ පරම්පරාව එක්ක සෙල්ලම් කරන්න යන්න එපා! Sri Lanka Latest News

Load More
බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News
Exclusive

බස්නායක නිළමේ කිව්වේ ලියාපදිංචි කණ්ඩායම් 25ට විතරක් නටන්න අවසර දෙනවා කියලා! අද මහජන ආරක්ෂක ඇමැති-ආරක්ෂක ලේකම්-පොලිස්පති තිබ්බ සාකච්ඡාවේදී ගිය පාර නටපු කාවඩි කණ්ඩායම් 45ටම නටන්න අවසර දීලා! I Sri Lanka Latest News

දෙවිනුවර උත්පලවණ්ණ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ වාර්ෂික ඇසළ පෙරහැර මංගල්‍යයේ පසුගිය වසරේ නර්තනයේ යෙදුණු කාවඩි නර්තන කණ්ඩායම් 45 සඳහා මෙවර...

Read more
වෙන් කළ බිලියන 500න් වහාම වැඩ පටන් ගන්න! මාතලේ ගිය අනුරගෙන් රාජ්‍ය නිලධාරීන්ට උපදෙස්! PHOTOS I Sri Lanka Latest News

අනුර ඇතුළු කැබිනට් මණ්ඩලයම විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කරන කැබිනට් පත්‍රිකාවට අනුමැතිය දෙයි! VIDEO I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

සාමකාමී විරෝධතා දක්වන්න ජනතාවට පුළුවන්! පොලිසියට අධික බලය යෙදවීම හෝ බැට්න් ප්‍රහාර එල්ල කරන්න බෑ! අරගලයට පොලිසිය එල්ල කළ ප්‍රහාරයන්ට එරෙහිව පවරපු නඩුව විභාගයට ගනිද්දී ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය දැනුම් දෙයි! I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

කිව්වෙ නම් ගරාවැටිච්ච රජයේ බංගලා සුද්ද කරලා හෝටල් කරලා සල්ලි උල්පත් කරනවා කියලා! දැනු අවුරුදු 2ක්! මරදන්කඩවල රජයේ තානායමේ තාම ලගින්නේ හරක්-රිලවු-වවුලන්! VIDEO I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

මුන්දලමේ බස් චණ්ඩි ටිකක් ත්‍රීවීල් එකක ඇවිත් බස් එකක් හරස් කොට රියැදුරෙකුටයි කොන්දොස්තරටයි දරුණු විදිහට ගහලා! පැමිණිලි කළත් පොලිසිය තවම කවුරුවත් අත්අඩංගුවට අරන් නෑ! මීට කලිනුත් මේ බස් චණ්ඩි මේ විදිහටම මිනිස්සුන්ට ගහලාලු! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.