මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරයා වශයෙන් සිටි වසර 5ක කාලය තුළ සිය දිස්ත්‍රික්කය වූ පොලොන්නරුවේ සංවර්ධන කටයුතු සදහා යැයි කියමින් රුපියල් බිලියන 25.293ක අති දැවැන්ත මුදල් කන්දරාවක් වෙන්කරගෙන ඇති බව මේ වනවිට තහවුරු වී ඇත.
මෙවැනි අති දැවැන්ත මුදලක් වෙන් කරෙගෙන එම මුදල්වවලින් පොලොන්නරුවේ විවිධ ව්‍යාපෘති සිදු කර ඇති බව පැවසුණද සත්‍ය වශයෙන්ම එවැනි මුදලක් වියදම් කළාද, එසේත් නැතිනම් දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවක් සිදුවූවාද යන්න සම්බන්ධයෙන් වහාම විමර්ශනයක් ආරම්භ කළ යුතු බවට පොලොන්නරුවේ මැතිඇමැතිවරුන් ආණ්ඩුවට පැමිණිලි කොට ඇති අතර ඒ සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කිරීමට බලධාරීන් සූදානමින් සිටින බව දැනගන්නට ඇත.
2015 මෛත්‍රීපාල සිරිසේන මහතා බලයට පත්වූයේ රාජපක්ෂවරුන් හම්බන්තොටට විශාල වශයෙන් මුදල් පොම්ප කර දැවැන්ත මූල්‍ය අක්‍රමිකතාවන් සිදු කර ඇති බවට චෝදනා කරමිනි.










