• About us
  • Contact us
Monday, June 8, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

යොහානිගේ ෂෝ එක බලන්න ගිය ලංකාවේ ජෝඩුවක් පිස්සු වැටිලා! ‘ඉන්දියාවෙ කෙල්ලො මාර චියර් එකක් දුන්නේ! යොහානිට තුන්පාරක් ‘මැණිකේ’ කියන්න වුණා! (VIDEO & PHOTOS)

October 2, 2021
in Exclusive, Uncategorized
Reading Time: 9 mins read
A A
යොහානිගේ ෂෝ එක බලන්න ගිය ලංකාවේ ජෝඩුවක් පිස්සු වැටිලා! ‘ඉන්දියාවෙ කෙල්ලො මාර චියර් එකක් දුන්නේ! යොහානිට තුන්පාරක් ‘මැණිකේ’ කියන්න වුණා! (VIDEO & PHOTOS)
Share on WhatsAppShare on Facebook

මැණිකේ මගේ හිතේ ගීතයෙන් බොලිවුඩය පමණක් නොව ලොවම වසග කරගත් යොහානි පසුගිය සතියේ සිය පළමු සජීවී සංගීත ප්‍රසංගය ඉන්දියාවේ පැවැත්වුවා.

ඉන්දියාවේ ජීවත් වෙන ශ්‍රී ලාංකීය පරිසරවේදනීයක් වන කාංචනා වීරකෝන්දසිය සැමිය සමග මෙම ප්‍රසංගය නැරඹීමට ගොස් තිබුණා.

මේ “යොහානි” ගැන කාංචනා තබා තිබු අපූරු ෆේස්බුක් සටහනයි මේ.

මම මේ ලියන්නේ පරිසරයට අදාල සිද්ධියක් ගැන නෙමෙයි. මගේ රටට සම්බන්ධ දෙයක්.

“යොහානි දිල්ලියට එනවලු. ආ..ඇත්තද එහෙනම් අනිවාර්යයෙන් යමු බලන්න” ඒ ගිය සතියේ අපේ ගෙදර තුන් දෙනා අතරේ ඇති උන කතා බහක්.

මැණිකේ මගේ හිතේ කියන සිංදුව කනට ඇහුන දා ඉදන් සමාජ මාධ්‍ය ජාල හරහා එක සැරයක් හරි එක එක versions අහලා “මරු, ෂා නියමයි, කෙල්ලට හොද අනාගතයක් තියෙනවා, ඉන්දියාව සිංදුවකින් හොලවනවා කියන්නේ හරිම පුදුමයි” ආදී comments හුවමාරු උන, ගත මෙහෙ උනාට හිත ලංකාවේ තියාගෙන ජිවත් වෙන ගෙදරක හිටිය අපි තුන්දෙනා දෙසැරයක් හිතුවේ නෑ එක පයින් නෙමෙයි දෙපයින්ම Gurugram යන්න ලෑස්ති වෙලා හිටියේ. දිල්ලියේ show එක තියෙනවා කියලා දැන ගත්ත ගමන්ම අපේ මෙහෙ ඉන්න දන්න දන්න අයට පණිවිඩය යැවුවා.

යමුද අහ අහා …නමුත් සතියේ මැද දවසක් නිසා වෙන්න ඇති කිසි කෙනෙක් හා කිව්වේ නෑ. අවන්කවම කියනවනම් යොහානි කියන්නේ මම අහන්න ආස style එකේ සින්දු නෙමෙයි. මට එයා ගැන වැඩි විස්තර දැනට අවුරුදු 3කට විතර ඉස්සර කියලා දුන්නේ මගේ ලොකු පුතා (එයාට අවුරුදු 20යි). අර පිට කොටුවේ කරත්තයක් උඩ හිටගෙන කියපු සින්දුව මම ඒ දවස්වල අහගෙන හිටියේ කට ඇරගෙන. මේ මොකද වෙන්නේ කියලා. දවසක් B & S එක්ක කියපු සිරි සඟ බෝධි මාලිගාවේ කියන සිංදුව අහපුවහම හිතුනා මාරයි නේ කියලා. ඊයේ උදේ මගේ යාලුවෙක් තමයි “හාල් මැස්සා මං” කියන එක අහන්න කිව්වේ. Siddath film song එකත් සමාජ මාධ්‍ය වලින් ඇහුවා.

ඇත්තම කියනවනම් ඔය මැණිකේ කියන සිංදුව මුලින්ම තුෂාර මට අහන්න කිව්වහම මම කිව්වා හ්ම්ම්…වචන ටිකක් අමුතුයි මට විශේෂයක් තේරෙන්නේ නෑ කියලා. හැබැයි දෙසැරයක් තුන් සැරයක් අහනකොට මට එකේ Beat එක මුලින් අල්ලලා ගියා. ඒ දරුවාගේ හුරුබුහිටි කමට මම අම්මා කෙනෙක් විදිහට හැමදාම ආදරය කල නිසා සිංදුව ආසාවෙන් අහන්න ගන්න කොට ඒක ඉන්දියාවේ hit වෙලා තිබුනේ නම් නෑ. කොහොම නමුත් මෙයා දිල්ලියට එනකොට අපි එතන එයා වෙනුවෙන් සහ අපේ රට වෙනුවෙන් ඉන්න ඕනේ කියන තැන තමයි අපි තුන්දෙනා හිටියේ. ඉතින් කොහොම හරි තුෂාර Thushara Ranasinghe office එකෙන් half day දාලා ගෙදර ආවා “අපේ මැණිකේ” බලන්න යන්න (ලෙඩක් දුකක් උනත් නිවාඩුවක් දම්මලා ගෙදර තියා ගන්න බැරි උන්දැට මොනවා හිතුනද මන්දා ඊයේ).

Film hall එකකට ආපු film එකක් ඇරෙන්න කවදාවත් live musical show එකක් “bookmyshow” හරහා ticket අරගෙන බලලා නැති අපි නෑගම් යනවා වගේ උනන්දුවෙන් ගියා කියමුකෝ Gurugram වලට (අපිට විනාඩි 30ක දුර). 6ට පටන් ගන්න තිබ්බේ. අපි 5.15ට එතන. හපොයි තාම hall එක decorate කරනවා. ඉතින් මොකද කරන්නේ ආපහු ගිහින් රිංගුවා shopping mall එකට. 5.45 ඇවිත් ඉදගෙන හිටියා එළියේ තිබ්බ බැංකුවේ. මෙන්න ටික අමුතු ජාතියේ කොලු පැටව් ටිකක් එනවා Studio XO Bar එකෙන් එලියට. මම කන්දෙකේ arial පොඩ්ඩක් වැඩියෙන් tune කරා. හරියට හරි..

මෙන්න බොලේ සිංහලෙන් කතාව. ඉද්ද ගැහුවා වගේ බැලුවා එයාලා දිහා. ඒක දැකපු එක කොලු පැටියෙක් හැරෙන තැපෑලෙන් මගේ දිහා බැලුවා. පුතේ ලංකාවේ නේද? ඔව් aunty. Mask එක විනිවිද වෙලා අර ශ්‍රී ලාන්කීය හිනාව මම දැක්කා. ඉතින් තව මොනවද විනාඩි කීපයෙන් අපි හිතවත්. එතනම උඩ තිබුන balcony එකේ ඉදන් යොහානීත් අපිත් එක්ක කතාව (පස්සේ මතක් උනේ කතාව මිසක් photo එකක් වත් ගන්න අමතක උනානේ. දුකටත් එක්ක එයාගේ poster එක ඉස්සරහ ඉදන් අපි පින්තුරයක් ගත්තා). එයාට සිංදු කියන්න තියෙන්නේ රෑ 11ට කිව්වහම අපිට හීන් දාඩිය දැම්මා. Ticket ගන්නකොට කිව්වේ show එක 6-9 කියලා. නිපු ට හෙට ඉස්කෝලේ…විභාගයකුත් තියෙනවා. හ්ම් හරියන්නේ නෑ යමු ගෙදර. අපි ආපහු ආවා. එන්න කලින් Zee channel එකෙන් ඉල්ලීමක්. ඔයා ලංකාවේ නේද අපිට interview එකක් දෙන්න බැරිද? “ආපෝ ඕක මොකක්ද හරි කරමු….මම එතන හිටපු සුරංගත් Suranga Chandima ඒ වැඩේටම සම්බන්ධ කර ගත්තා. එන ගමන් තුෂාර කියනවා අපි driver ව ගෙදර යවලා නිපුට පාඩම් කර ගන්න ඇරලා අපි දෙන්නා ආපහු යමු. මෙහෙමත් ජාති ආලයක්…කියලා මමත් හහ් කිව්වා. කොහොම හරි 10.30 අපි ආපහු Studio XO Bar එකේ. 200ක් විතර සෙනග ඉන්න පුළුවන් තැනක්. යෝහානිගේ Band එක play කරනවා.

කොහොම හරි කෙල්ල සින්දු කියනකොට රෑ 10.30යි. මෙන්න යොහානි ආවා විතරයි …අම්මෝ …අර දඩ බඩ ගාන band එකේ සද්දෙට වඩා කන් අඩි පැලෙන්න සද්දේ. පුදුම cheer එකක් අපිට පුදුම සතුටක් දැනුනේ.

සිංදු එකයි දෙකයි…” where is මෙනිකේ song” (මෙහෙ අයට “මැණිකේ” කියලා කියවෙන්නේ නෑ). බේරුමක් නෑ…ඔන්න ඉතින් වෙලාව ආවා මැණිකේ දොරට වැඩියා. ඉගෙන හිටපු ඔක්කොම නැගිටලා phone ටික අරගෙන් record කරනවා. සිංදුව එයාලත් කියනවා. එක සැරයක් කියලා මදි දෙසැරයක් කියන්න කිව්වා.

ඊලග ට team එකෙන් Rap එකක් දෙන්න Audience එකෙන් වචන අහනවා. මොකද්ද දන්නවද කියපු වචනය “ජයසුරිය” අපිට හරිම සතුටුයි. මෙහෙ කුලී රථයක ගියත් අපි ලංකාවේ කියලා දැන ගත්තහම අපිට කියන්නේ “අරේ ජයසුරිය country” සමහර අය අමාරුවෙන් මහේල ජයවර්ධන සහ සංගක්කාර කියලත් කියනවා. තව සමහර උගත් අය කියන්නේ “oh King Rawana”s country) කියලා. කොහොම හරි ඉතින් මේ ලිස්ට් එකට කවදා හරි “Menike’s Country හරි Yohani’s Country කියලා කියයි කියලා අපිට හිතෙනවා. කාටද ආඩම්බර? එතන හිටපු සමහර අය අමාරුවෙන් වචන ගලපාගෙන සිංහලෙන් අපිත් එක්ක කතා කරන්න හදනවා. යොහානිගෙන් “සුරංගනීට මාළු ගෙනාවා ගයන්න, ගයන්න” කියනවා. අපි කතා උනේ සිංහල භාෂාවට මාරම තැනක් නේ මේ සිංදුවෙන් ලැබුනේ කියලා. කොහොමින් කොහොම හරි පාන්දර 1 වෙනකොට මැණිකේ තුන් පාරක් කියලා ඉවරයි. ඒත් කට්ටියට මදි.

තව දෙයක් මම දැක්කා. මගේ ඉස්සරහා හිටපු ඉන්දියානු ජාතික තරුණ ගෑනු ළමයි දෙන්නෙක් හින්දියෙන් කියනවා “යොහානි හරිම cute, ආදරේ හිතෙනවා” කියලා. අනේ කිසිම කුහක කමක් නැති තරුණ ගෑනු ළමයි දෙන්නෙක් කියලා මට හිතුනා.

Show එක අවසානයේ අපි එලියට එනකොට එතන හිටපු ගොඩක් අය දැනගෙන ඉවරයි අපි තුන්දෙනා ලංකාවෙන් කියලා. අපිත් ඉතින් අපේ මැණිකේට පින් දිදී ඔලුව ටිකක් වැඩිපුර උස්සගෙන ආඩම්බරයෙන් එලියට ආවා (හැබැයි ඉතින් කාටවත් ඒ ආඩම්බර කම පේන්න නැතුව ඇති mask දාල නිසා). කමක් නෑ අපි දන්නවනේ “අපේ මැණිකේ” අපේ රටේ කියලා. ඒ ඇති. යොහානි සහ සතිෂන් ඔබට දෙන්නටත් මේ සින්දුවට උදව් කරපු සැමටත් ස්තුතියි! තරුණ ඔබට සුභ අනාගතයක්!!

SendShareShare
Previous Post

ඩ්‍රයිවර්ලා කොන්දොස්තරලා වෙන රස්සා හොයාගෙන! පාරෙ දුවන බස් ගෙවල්වල!

Next Post

යුගදනවි ගිවිසුමට විරුද්ධ ආණ්ඩුවේ පක්ෂ 10 යළි හමුවෙයි! තවම ලියුම දීලත් නෑ!

MORE NEWS

ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News
Exclusive

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News
Exclusive

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News
Exclusive

සලේ වෙනුවෙන් කොටුව දුම්රියපොළේ සත්‍යග්‍රහයක් පටන් ගනී! VIDEO I Sri Lanka Latest News

Load More
ඈවරයි… දෑවරයි… තුන් ඈවරයි! ඩොලර් බිලියන 8ක් හොයාගන්න වෙන්දේසියේ දාන ‌රටේ දේපොළ මෙන්න!
Exclusive

මලයාසියාවේ ප්‍රින්ට් කරපු හොර ඩොලර් ලක්ෂ 6ක මුදලක් කොළඹ සුපිරි හෝටලයකින් මතුවුණේ කොහොමද? පොලිසිය වැඩ පටන් ගනී! I Sri Lanka Latest News

විදේශයකදී මුද්‍රණයකර මෙරටට රැගෙන විත් බෙදා හැරීමට සූදානම් කර තිබුණු අමොරිකානු ‌ඩොලර් ලක්ෂ 06ක් සමඟ කාන්තාවක් ඇතුළු පුද්ගලයින් සිව් දෙනෙක්...

Read more
පාර්ලිමේන්තුවයි මැතිවරණ කොමසාරිසුයි පැත්තක ඉද්දී කොහෙවත් යන පක්ෂෙක ලේකම් කෙනෙක් කොහොමද ඡන්දෙ තියන දවස කියන්නේ..? නාමල්ටත් ලොකු ප්‍රශ්නයක්! PHOTOS I Sri Lanka Latest News

පාස්කු ෆයිල් යටගහපු නිලධාරීන් ආරක්ෂා කරනවා..! යුද්ධය අවසන් කරපු බුද්ධි අංශ නිලධාරීන් හිරේ දානවා..! VIDEO I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

මාළු ඉන්න තැන් කියලා ෆෝන් එකට SMS එකක් එවනවා කිව්වේ නෑ! බොරු කියලා ධීවරයන් ඇන්දුවේ නෑ! හම්බන්තොට ගිය විපක්ෂනායක සජිත් ධීවරයන්ගේ ඇත්ත ප්‍රශ්න සොයා බලයි! ප්‍රශ්න විසදීමට මැදිහත් වන බවට පොරොන්දුවකුත් දෙයි! VIDEO & PHOTOS I Sri Lanka Latest News

වත්තල මාබෝල සභාවේ බලයත් සජබය ඇල්ලුවා! I Sri Lanka Latest News

මාලිමාව 7ට වට්ටා සජබය ප්‍රමුඛ විපක්ෂය දැරණියගල පනාවල සමූපයේ සභිකයන් 85ක් දිනාගනී! සජබය තනිවම 52ක් දිනලා! I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

‘මම හදපු දරුවො තුන්දෙනාම හමුදාවට දුන්නා..! අනේ මගේ පුතා.. මම විහාරමහා දේවිය නෙමෙයි..! මගේ යුතුකම මම කළා..!’ ඇස්වලට කඳුලු එන සලේගේ අම්මගේ කතාව! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.