අවුරුද්දකට වඩා වැඩි කාලයක් පැවැති නිරෝධායන ඇදිරි නීතිය සමයේ බස් ධාවනය නොවීම හේතුකොටගෙන ඒවායේ සේවය කළ රියැදුරන් සහ කොන්දොස්තරවරුන් වෙනත් රැකියා සොයා ගැනීම මත බස් රථ ධාවනය මේ වනවිට බරපතළ අර්බූදයකට ගොස් ඇති බව වාර්තා වේ.
මේ හේතුව මත බස් ධාවනය සදහා අවසර ලබා දුන්නද ඉකුත් සිකුරාදා දිනයේ බස්නාහිර පළාතේ බස් රථ ධාවනය වී ඇත්තේ 9000කින් 600ක් පමණක් බව දැනගන්නට ඇත.
නැවත රට වසා දැමුවහොත් රැකියා නැති වනු ඇති බවට බියෙන් වෙනත් රැකියා සොයා ගත් පුද්ගලයන් බස් සේවයට නොපැමිණෙන බවද දැනගන්නට තිබේ.










