යුරෝපා කොමිසම මගින් ශ්‍රී ලංකාවට රුපියල් බිලියන 8.26ක දැවැන්ත මුදලක් ප්‍රදානයක් ලෙස ලබා දීමට පියවර ගෙන ඇත.
මේ සම්බන්ධයෙන් වූ ගිවිසුමට යුරෝපා කොමිසමේ ශ්‍රී ලංකා තානාපති ඩෙනිස් චයිබි මහතා හා මහභාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල යන මහත්වරුන් විසින් අස්සන් තබා තිබේ.
අධිකරණ ක්ෂේත්‍රය ඉහළ නැංවීම, ආහාර සුරක්ෂිතතාව, කාලගුණ වෙනස්වීම්වලට මුහුණ දීම සදහා මෙම මුදල් ලබා දී ඇති බවද දැනගන්නට ඇත.










