කොළඹ නෙළුම් කුළුණ ඉදිකිරීමේදී ‘ඇලිට්’ නැමති චීන සමාගමකට 2012 වසරේදී රුපියල් බිලියන දෙකක අත්තිකාරමක් ගෙවා ඇතත්, එවැනි සමාගමක් චීනයේ නොමැති බවට ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා ඊයේ (16) කළ ප‍්‍රකාශයට එරෙහිව මේ වනවිට පාර්ශ්වයන් රැසක්ම සිය විරෝධය පළ කොට ඇත.
එහිදී පළමු විරෝධතාවය එල්ල කර ඇත්තේ එම රැස්වීමට සහභාගි වී සිටි චීනයේ ශ්‍රී ලංකා තානාපතිවරයා වන ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු මහතාය. කොඩිතුවක්කු මහතා ඊයේ පැවැති රැස්වීමට සහභාගී වී ඇත්තේ චීන පාර්ශ්වයේ ආරාධිතයකු ලෙසටය. ඒ අනුව ඒ මහතාට රජය පාර්ශ්වයෙන් ආසන පැනවීමක් සිදු කොට නොමැති නිසා චීන ආරාධිතයන් සිටි කොටසෙහි අසුන් ගැනීමට කොඩිතුවක්කු මහතා කටයුතු කොට ඇත.
කෙසේවෙතත් කොඩිතුවක්කු මහතා රැස්වීමේ සිටි බවක් ජනාධිපතිවරයා දැක නැත. ඒ අනුව ජනාධිපතිවරයා චීන ‘ඇලිට්’ සමාගමට එරෙහිව මූල්‍ය වංචාවක් සම්බන්ධයෙන් චෝදනා එල්ල කිරීමත් සමග කොඩිතුවක්කු මහතා අසල සිටියවුන්ට ප්‍රකාශ කොට ඇත්තේ ජනාධීපතිවරයාගේ ප්‍රකාශය අසත්‍ය එකක් බවත්, අදාළ සමාගම තවමත් චීනයේ සිය ව්‍යාපාර කටයුතු සිදු කරමින් සිටින බවත්ය.
මීට අමතරව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයට ප‍්‍රතිචාර දක්වමින් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ එවකට අධ්‍යක්ෂ ජනරාල්වරයා වූ අනූෂ පැල්පිටද සිය නිල ෆේස්බුක් ගිණුමේ විශේෂ සටහනක් තබමින් එය අසත්‍යයක් බව ප්‍රකාශ කොට ඇත.
එසේම මෙරට පිහිටි චීන තානාපති කාර්යාලයද අද හෙටම මේ සම්බන්ධයෙන් විශේෂ නිවේදනයක් නිකුත් කිරීමට සූදානමින් සිටින බවද දැනගන්නට ඇත.