38 හැවිරිදි පෙදරේරුවෙක් විසින් 19 හැවිරිදි තරුණියක් දූෂණය කිරිම සම්බන්ධයෙන් එම පුද්ගලයා පොලිස් අත්අඩංගුවට ගෙන තිබේ.
මෙලෙස දූෂණය කර ඇත්තේ, සැකකරුගේ අනියම් බිරිඳගේ පුත්‍රයාගේ බිරිඳ බවට අනාවරණ කරගෙන ඇත.
මෙම සැකකරු 12 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.
මෙම කාන්තාව ප්‍රේම සම්බන්ධයක් මත විවාහ වි රත්ගම පිහිටි සැමියාගේ නිවසට පැමිණ ඇති අතර පසුව සැමියාගේ මව විදෙස්ගත වී ඇත.
පසුගිය ජනවාරි මස දිනයක අලුයම සැකකරු පැමිණ බලහත්කාරයෙන්ම තමන්ව දූෂණය කළ බවත් පසුව පෙබරවාරි 28 දක්වා දිගින් දිගටම අවස්ථා කිහිපයකදි තමාගේ කැමැත්ත නොමැතිව දුෂණය කර බවත් ඇය පොලිසියට පැමිණිලි කර ඇත.
මෙලෙස දුෂණයට ලක්වු තරුණියගේ නිවසේ සිටින බාල වයස්කාර ගැහැණු දරුවන් දෙදෙනා සහ පිරිමි දරුවා පිළිබඳ පරිවාස වාර්තාවක් කැඳවිමටද ගාල්ල අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජිවනි පතිරණ නියෝග කර තිබේ.










