කුරුවිට තරුණිය ඝාතනය කිරීමෙන් පසු බුත්තල උප පොලිස් පරීක්ෂකවරයා විසින් කරේ දමාගෙන ගිය ගමන් මල්ල මේ වනවිට සොයාගෙන ඇති බව වාර්තා වේ.
පොලිසිය මුලින් සැක මතු කර තිබුණේ තරුණියගේ හිස මෙම ගමන් මල්ලේ තිබිය හැකි බවටය.
නමුත් අදාළ ගමන් මල්ල පොලිස් පරීක්ෂකවරයාගේ නිවසේ තිබී හමුව ඇති අතර එහි තරුණියගේ හිස රැගෙන පැමිණි බවට කිසිදු සාක්ෂියක් හමුව නැත.
අවම වශයෙන් ලේ පැල්ලමක් හෝ එම ගමන් මල්ලේ තිබී නැති බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
ඒ අනුව තරුණියගේ හිස සොයා තවදුරටත් පරීක්ෂණ පැවැත්වේ.










