රෝයල්පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා සිටි ජූඩ් ශ්‍රමන්ත ජයමාන්න නැමැත්තා ජනාධිපති සමාව මත නිදහස් කිරීම සම්බන්ධයෙන් වූ පෙත්සමේ වගඋත්තරකරුවෙකු ලෙස නම් කර සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පෞද්ගලිකවම වගඋත්තරකරුවන් ලෙස නම් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම්කාර පාර්ශවයට නියම කළේය.
මෙම පෙත්සම අද (29) බුවනෙක අලුවිහාරේ, විජිත් මළල්ගොඩ සහ ගාමිණී අමරසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ විභාගයට ගත් අවස්ථාවේ මෙම නියෝගය කරනු ලැබුවේය.
රෝයල්පාක් මිනීමැරුම් සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනය ලබා ජනාධිපති සමාව මත නිදහස් වූ ජූඩ් ශ්‍රමන්ත ජයමාන්න නැමැත්තා විදේශගත වීම වළක්වාලමින් ශ්‍රේෂ්ඨාධිකරණය විසින් තහනම් නියෝගයක්ද නිකුත් කෙළ්ය.
කාන්තා මාධ්‍ය එකමුතුව නැමැති සංවිධානය විසින් පෙත්සම ඉදිරිපත් කර තිබේ.
කෙසේවෙතත් ජනාධිපති සමාව ලැබූ මෙම පුද්ගලයා මේ වන විට විදේශගත වී ඇති බවට තොරතුරු ලැබී ඇතැයි ද ජනාධිපති නීතිඥ ජයවර්ධන මහතා සඳහන් කළේය.










