මහ මැතිවරණය පැවැත්වීම සදහා මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා විසින් ආණ්ඩුව වෙත දින 3ක් ඉදිරිපත් කර ඇත.
ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් මැතිවරණ කොමසාරිස්වරයා පෙන්වා දී ඇත්තේ අප්‍රේල් 25, මැයි 9 සහ මැයි 16 යන දින තුනෙන් කැමැති සෙනසුරාදා දිනකදී මහමැතිවරණය පැවැත්විය හැකි බවකි.
මැයි 2 සෙනසුරාදා දිනයක් වුවද කම්කරු දිනය මැයි 1 දා යෙදී ඇති බැවින් එම දිනය ඉවත් කිරීමට මැතිවරණ කොමිසම කටයුතු කර ඇත.
ජනාධිපතිවරයාගේ ඉන්දීය සංචාරයට ප්‍රථම මැතිවරණ කොමසාරිස්වරයා හා ජනාධිපතිවරයා අතර සාකච්ජාවක් පැවැති අතර එහිදී ජනාධිපතිවරයා කළ ඉල්ලීමකට අනුව මෙම දිනයන් ලිඛිතවම ජනාධිපතිවරයා වෙත යොමු කිරීමට මැතිවරණ කොමසාරිස්වරයා කටයුතු කර ඇත.
ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරයා වෙත පාර්ලිමේන්තුව විසුරුවා හැරීමට බලය හිමියන්නේ මාර්තු 02වන දිනය.