• About us
  • Contact us
Friday, June 5, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

මහින්ද තමයි මහින්ද (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)

February 6, 2021
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
මහින්ද තමයි මහින්ද (විමලසිරි ජයලත්ගේ රටේ පැත්ත)
Share on WhatsAppShare on Facebook

2005 ජනාධිපතිවරණයේදී ‘මහින්ද චින්තන’ ප්‍රතිපත්ති ප්‍රකාශය එළියට දාද්දී බොහෝ දෙනෙක් ඒක කියවනවට වඩා කළේ ඒකේ තියෙන දේවල්වලට සිනාසීමය. විපක්‍ෂයේ දේශපාලකයන් පමණක් නොව ලංකාවේ ආර්ථික විශේෂඥයෝ, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ මේ මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශය අපහාසයට, උපහාසයට ලක් කළහ. ඊට බලපෑ ප්‍රධාන හේතුව වුණේ රාජ්‍ය දේපොළ විකුණන්නේ නැති බවට එහි සඳහන්ව තිබීමය.

‘ලංකාවේ ආර්ථිකය දුවවන්න නම් ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සල්ලි ඕනෑ. ඒ ආයතනවලින් ණය ගන්න ඕනේ. ඒ අය නිකම් ණය දෙන්නේ නැහැ. එහෙම ණය ගන්න නම් පාඩු ලබන රාජ්‍ය දේපොළ පෞද්ගලීකරණය කරන්න වෙනවා. ඒක ඒ අය දාන අනිවාර්ය කොන්දේසියක්. මහින්ද මේ රාජ්‍ය දේපොළ විකුණන්නේ නැහැ කියලා කොහොමද ණය ගන්නේ…’

ජනාධිපතිවරණය වෙලාවේ විපක්‍ෂයත්, ලංකාවේ ආර්ථික විශේෂඥයෝත්, ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝත් මහින්දටත්, මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයටත් හිනා වුණේ එහෙමය.

හැබැයි මේ අයට මේක අලුත් දෙයක් වුණාට මහින්ද චින්තනයට මේක අලුත් දෙයක් නොවේ. මොකද ඔරිජිනල් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රතිපත්තිය රාජ්‍ය දේපොළ නොවිකුණන එකය. 1952 එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය පිහිටුවද්දී හදපු ප්‍රතිපත්ති ප්‍රකාශයේ මේ කාරණය පැහැදිලිවම සටහන් කොට තිබිණි. රටේ පොදු දේපොළ විකුණන්නේ නැති බව පමණක් නොව පෞද්ගලික අංශයට ලබා දී තිබුණු රටේ ආර්ථික මර්මස්ථාන පවා රජයට පවරා ගන්නා බව බණ්ඩාරනායක සිය ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් කොට තිබිණි.

බණ්ඩාරනායක මේ වගන්තිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කරන කාලයේ ලෝකය කඳවුරු දෙකකට බෙදී සිටියහ. එක් කඳවුරක් නියෝජනය කළේ ඇමෙරිකාව ඇතුළු බටහිර රටවල් ඇතුළත්ව සිටි ධනවාදී කඳවුරය. සෝවියට් දේශය ඇතුළු නැඟෙනහිර යුරෝපා රටවල් නියෝජනය කළ අනෙක් කඳවුර වුණේ සමාජවාදී කඳවුරය. ඒ සමාජවාදී කඳවුරේ ප්‍රතිපත්තිය වූයේ රටේ ආර්ථික මර්මස්ථාන ආණ්ඩුව විසින් පාලනය කළ යුතු බවය. ඒ නිසා බණ්ඩාරනායක ඒ ප්‍රතිපත්තිය ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්ති ප්‍රකාශයට ඇතුළත් කරද්දී කවුරුවත් ඒකට හිනාවෙන්න ගියේ නැත. මොකද ඒ කාලේ ඒක සමාජවාදී කඳවුරේ රටවල ප්‍රධාන න්‍යායක් වීම ඊට හේතුව වී තිබිණි. ඒ නිසා බණ්ඩාරනායකටත් ඒ ප්‍රතිපත්ති සිය ප්‍රතිපත්ති ප්‍රකාශයට දැමීම පහසු විය.

බණ්ඩාරනායකගෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ බලය හිමිවූ මැතිනියත් ඉස්සරහට අරගෙන ගියේ මේ ප්‍රතිපත්තියමය. මැතිනිගේ ආණ්ඩු කාලයේ රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කරන්න, විකුණන්න ගියේ නැත.

හැබැයි 1994 බලයට ආ බණ්ඩාරනායකවරුන්ගේ දියණිය වන චන්ද්‍රිකා මේ ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කළේ නැත. චන්ද්‍රිකා අනුගමනය කළේ එතෙක් අවුරුදු 17ක් පුරා පැවැති එක්සත් ජාතික පක්‍ෂයේ රාජ්‍ය දේපොළ පෞද්ගලීකරණ ප්‍රතිපත්තියය. ඒකටත් හේතුවක් තිබිණි. ඒ වන විට සමාජවාදී කඳවුර බිඳ වැටී ධනවාදී කඳවුර තව තවත් ශක්තිමත් වී තිබීම ඊට හේතුව විය. රට දුවවන්න ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ණය ගන්න ඕනෑ කියා චන්ද්‍රිකා රාජ්‍ය ආයතන රැසක් පෞද්ලීකරණය කළාය.

හැබැයි චන්ද්‍රිකාගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය අනුගමනය කළ මේ රාජ්‍ය දේපොළ පෞද්ගලීකරණය කරන ප්‍රතිපත්තිය මහින්ද 2005දී වෙනස් කළේය. 2005 ජනාධිපතිවරණය වෙලාවේ මහින්ද සිය මහින්ද චින්තන ප්‍රතිපත්ති ප්‍රකාශයට 1952 බණ්ඩාරනායක ඔරිජිනල් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හදද්දී හඳුන්වා දුන් රාජ්‍ය දේපොළ නොවිකුණන ප්‍රතිපත්තිය ඇතුළත් කිරීමට වගබලා ගත්තේය. හැමෝම හිනාවුණේ ඒකටය.

‘බණ්ඩාරනායකගෙ දුව වෙච්ච චන්ද්‍රිකාටවත් බැරි වුණා 52 තාත්තා ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයට හඳුන්වල දීපු රාජ්‍ය ආයතන ආරක්‍ෂා කරන ප්‍රතිපත්තිය අරන් යන්න. එහෙව් එකේ මහින්දට පුළුවන්ද ඒක කරන්න…’

‘මේක නිකම් ඡන්ද පොරොන්දුවක් විතරයි. ජනාධිපතිවරණය දින්නොත් මහින්දත් කරන්නේ චන්ද්‍රිකා කරපු එකම තමයි…’

මහින්ද චින්තන ප්‍රතිපත්තියට එදා හැමෝම කිව්වේ එහෙමය.

හැබැයි බණ්ඩාරනායක තාත්තගේ ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රතිපත්ති චන්ද්‍රිකා දුව කැඩුවත් මහින්ද ඒක කැඩුවේ නැත. මහින්ද බලයට ඇවිත් හැමෝම පුදුමයට පත්කරමින් බණ්ඩාරනායක වගේම රාජ්‍ය දේපොළ ආරක්‍ෂා කරන්න පියවර ගත්තේය. ඒ විතරක් නොව චන්ද්‍රිකාගෙ කාලෙ විකුණලා තිබ්බ ජාතික ගුවන් සේවය පවා යළි ආණ්ඩුවට පවරා ගැනීමට මහින්ද කටයුතු කළේය.

අනෙක මහින්ද මේක කළේ ලෙහෙසි පහසු පසුබිමක, වටාපිටාවක සිට නොවේ. මහින්ද 2005 බලයට එද්දී මේ රට තිබුණේ බටහිර රටවල්වල තිප්පොළක් බවට පත්වෙලාය. ඒකට ප්‍රධාන හේතුව වුණේ රනිල් 2001 බලයට ඇවිත් බටහිර රටවල්වල සහයෝගයෙන් එල්.ටී.ටී.ඊ.ය එක්ක ඇතිකරගෙන තිබුණු සටන් විරාම ගිවිසුමය. එහි පහසුකම් සපයන්නා බවට නිල වශයෙන් කටයුතු කළේ නෝර්වේ රාජ්‍යයය. ඒ නිසා ඒ වෙද්දී නෝර්වේ නියෝජිතයන් ලංකාවේ සිටියේ බින්න බැහැලාය. සියල්ල වුණේ නෝර්වේ සෝල්හයිම්ලාගේ, විඩාර් හෙල්සන්ලාගේ නියෝගයන්ට අනුවය.
අනෙක් අතට ඇමෙරිකාව, බි්‍රතාන්‍ය, යුරෝපයේ රටවල් ප්‍රධාන කොටගෙන සම සභාපතිවරුන්ගේ රටවල් හෙවත් ‘කෝ චෙයාර්ස්’ නමින් වෙනම යාන්ත්‍රණයක්ද එකල පිහිටුවා තිබිණි. සාම ක්‍රියාවලියම සම්බන්ධ සියලු තීන්දු තීරණ ගත්තේ ලංකා ආණ්ඩුවට ඉහළින් පිහිටුවාගෙන තිබුණු මේ ‘කෝ චෙයාර්ස්’ එකෙන්ය.

2004 චන්ද්‍රිකා රනිල්ගේ මේ ආණ්ඩුව පෙරළා දමා අලුත් ආණ්ඩුවක් හැදුවද රනිල් ඇති කර තිබූ තත්ත්වය වෙනස් කරන්න ගියේ නැත. චන්ද්‍රිකා රනිල්ගේ සටන් විරාම ගිවිසුම ඉදිරියට අරන් ගියේය. නෝර්වේ ඒ විදියටම රට ඇතුළේ තම වැඩ කොටස කරගෙන ගියේය. ‘කෝ චෙයාර්ස්’ රටවල් තම බලපෑම ඒ විදියටම චන්ද්‍රිකාගේ ආණ්ඩුවටත් සිදුකළේය.

හැමෝම හිතුවේ 2005 මහින්දත් ඇවිත් රනිල් – චන්ද්‍රිකා අරන් ගිය විදියටම රට ඉදිරියට අරන් යැයි කියාය. හැබැයි මහින්ද එහෙම කළේ නැත.

ඒකට හොඳම උදාහරණය සරත් ෆොන්සේකාය. 2004 චන්ද්‍රිකා යළි ආණ්ඩු බලය ඇල්ලූ විට හැමෝම කීවේ සරත් ෆොන්සේකා හමුදාපති කොට එල්.ටී.ටී.ඊ.ය විනාශ කරන සටනට අත තියන්න යැයි කියාය. ඇමෙරිකා – නෝර්වේ බලපෑම නිසා චන්ද්‍රිකා ඒක කරන්න බය විය. ඇය හමුදාවේ වෙනස්කම් නොකොට සාම ක්‍රියාවලිය දිගටම කරගෙන ගියාය.

හැබැයි මහින්ද බය නැතිව ෆොන්සේකාව හමුදාපති කළේ නෝර්වේවලින්, ඇමෙරිකාවෙන්, කෝ චෙයාර්ස්’ලාගෙන් ආ දැඩි බලපෑම සත පහකට ගණන් නොගෙනය. මහින්ද යුද්ධය දින්නේ එහෙමය.

ඊළඟට මහින්දගේ කාලයේ ලෝක බැංකුවත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් දිගින් දිගටම කියා සිටියේ සල්ලි ඕන නම් රටේ සම්පත් පෞද්ගලීකරණය කරන්න යැයි කියාය. විකුණා දමන්න යැයි කියාය.

හැබැයි මහින්ද ලෝක බැංකුවේ, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ඒ පදයට නටන්න ගියේ නැත. මහින්ද ඒ ආයතන දෙකම අමතක කොට චීනයේ එක්සිම් බැංකුව සමඟ එක්ව කිසිම කොන්දේසියක් නැතිව ණය ලබාගෙන යුද්ධය මැද්දේත් රට සංවර්ධනය කිරීමට පියවර ගත්තේය. ඒ ණයවලින් ‘මහින්ද චින්තන’ ප්‍රතිපත්ති ප්‍රකාශය අකුරට ක්‍රියාවේ නැංවූවේය.
මහින්ද 2019 ජනාධිපතිවරණයට ඉදිරිපත් වුණේ නැතත් ලක්‍ෂ 69ක් වූ ජනතාව මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ මහින්ද චින්තනයම ඉදිරියට අරන් යැයි කියන විශ්වාසය හිතේ තියාගෙනය.

හැබැයි කොළඹ වරායේ නැඟෙනහිර ජැටිය ඉන්දියාවට දෙන්න යනවා කියන එක ඉස්සරහට එද්දී ඒක මහින්ද චින්තනයට විරුද්ධ නිසා 69 ලක්‍ෂයම ගල්ගැසී බලා සිටියේ මහින්ද මේ ගැන කියන්නෙ මොනවද කියාය. මහින්ද මේ ගැන මුල් වටයේදී මොනවත් කියන්න ගියේ නැත. වෙන්නේ මොකක්ද කියා ඉවසීමෙන් යුතුව බලා සිටියේය. එහෙම හිටපු මහින්ද හරි වෙලාවට එළියට ආවේය.

‘නැඟෙනහිර වරාය කිසිම රටකට විකුණන්නේත් නැහැ… බදු දෙන්නෙත් නැහැ… කොටස් විකුණන්නෙත් නැහැ… පවරන්නෙත් නැහැ… රටේ සම්පත් විකුණන එක යූ.ඇන්.පී. ප්‍රතිපත්තිය. ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්තිය ඒක නෙවෙයි…’

මහින්ද එහෙම කියද්දී එදා 2005 සිටි නියම මහින්ද අවුරුදු 16කටත් පසුව ඒ විදියටම ඉන්න එක රටේම ජනතාව හොඳහැටි දැකගත්තේය. 1952 බණ්ඩාරනායක ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය හදද්දී හඳුන්වා දුන් ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ ප්‍රතිපත්තිය අවුරුදු 69කට පසුවත් ඒ විදියටම ආරක්‍ෂා කරමින් ක්‍රියාත්මක කරන ආකාරය දැකගත්තේය.

ඒ වගේම ලෝකයේ සමාජවාදී කඳවුර බිඳවැටී තිබුණත්, සමාජවාදී සංකල්පය ලෝකයෙන් අතුගෑවී ගිහින් තිබුණත් ඒ ප්‍රතිපත්ති පාවා නොදිය යුතු බවට ආණ්ඩුවට පණිවුඩයක් ලබා දීමටද මේ හරහා මහින්ද පියවර ගත්තේය.

ඒ නිසා නැඟෙනහිර ජැටියේ ප්‍රශ්නයෙන් එකක් පැහැදිලිය. ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ප්‍රතිපත්ති කඩන කවුරුන් හෝ ඉන්නවා නම් මහින්ද ඒකට ඉඩ තියන්නේ නැහැ කියන එකය.

විමලසිරි ජයලත්

SendShareShare
Previous Post

රජවරු ඉවර කරන වරාය (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

Next Post

එයා මාව ගොඩක් සප්‍රයිස් කරනවා

MORE NEWS

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!
Exclusive

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News
Exclusive

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News
Exclusive

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Exclusive

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

කාන්තාවකට මහ පාරෙදී මංචු දාලා ලේ එන්න පහර දුන් පොලිස් සැරයන්ට වැඩ වරදී! Sri Lanka Latest News
Exclusive

ඇහැලියගොඩ OIC පොලිසියෙන්ම අල්ලයි! I Sri Lanka Latest News

Load More
තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News
Exclusive

තිස්ස කුට්ටිට භික්ෂු පෙරමුණෙන් දැඩි ප්‍රහාරයක්! ඔයා කව්ද පිස්සු කුට්ටි…! VIDEO I Sri Lanka Latest News

පිස්සු කුට්ටි ආරච්චි ඔයා කට පරිස්සම් කරගන්න සජිත් මහත්තයගේ මොළේ ගැන කතා කරන්න ඔයා කවුද සජිත් කරපු වැඩ එක්ක ඔයාට...

Read more
ඩොලර් හංගන් ඉන්න තැන් හොයන්න හදිසි මෙහෙයුමක්! වෘත්තිකයන් පස්සේ පන්නන්න තීන්දු කරයි!

වල්ලාපට්ට-කිලෝ පේර-නයි මිරිස්-කොච්චි මිරිස්-වැනිලා වගේ එක එක වගාවන් පෙන්වලා සල්ලි එකතු කරන්න කාටවත් බෑ! ඒක නීති විරෝධීයි! අහුවෙන්න එපා! සත පහක් ආයෝජනය කරන්න එපා! මහබැංකුවෙන් ජනතාවට දැනුම් දීමක්! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

පෙරේදා කියපු එක ඊයේ ඉල්ලා අස්කරගන්නවා! සමාවෙන්න… -තීනියාවල පාලිත හාමුදුරුවෝ..! VIDEO I Sri Lanka Latest News

අලි අපිට ඡන්දෙ නොදුන්නත් පොහොට්ටුව ඉන්නෙ අපිත් එක්ක! ඒ නිසා තව අවුරුදු 10ක් රනිල් තමයි ජනාධිපති! මෙන්න නවීන්ගෙ අනාවැකිය! VIDEO I Sri Lanka Latest News

‘ඔබතුමා කියන්නේ සජිත්ට මොළේ නෑ කියලා නේද…?’ ‘නෑ එහෙම වැරදියට අර්ථකථනය කරන්න එපා! ඔයා සිරස නේද? ආ.. ඔව්…! හහ්.. හහ්… හා…!!!’ VIDEO I Sri Lanka Latest News

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News

වැඩිහිටියන් 11 දෙනකු පිච්චී මියගිය හොරණ වැඩිහිටි නිවාසය රෙජිස්ටර් නොකරපු හොර එකක්! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.