• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මහින්දගේ වටේ ඉන්දියානු කළු බළලුන්…

October 28, 2020
in News, Politics, Uncategorized
Reading Time: 4 mins read
A A
මහින්දගේ වටේ ඉන්දියානු කළු බළලුන්…
Share on WhatsAppShare on Facebook

‘ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා අද කොළඹ පැවැති මැයි දින රැලියට සහභාගි වන විට, හදිස්සියේම ඔහු සිටි තැන අසලින් විශාල පිපුරුමක් සිදුවුණා. මෙය බෝම්බ පිපිරීමක් ලෙස හෙළිවී තිබෙනවා. ඒත් ජනාධිපතිවරයා එයට හසුවී අනතුරට පත්වුණා දැයි දැනගන්නට මෙතෙක් සාධකයක් නැහැ. බෝම්බයට හසුවුණු මිනිසුන් ගණනාවක්ම එතැන ශරීර කැබැලිවලට කැඩිලා වැටිලා මැරිලා ඉන්නවා. බොහෝ අය කියන්නේ ජනාධිපති ප්‍රේමදාස තමන්ගේ ආරක්‍ෂක භටයන් විසින් වහාම එම ස්ථානයෙන් ඉවත්කරගත් බවයි. ඔහු ළඟ ආරක්‍ෂක නිලධාරීන් 13ක් පමණ ඉඳලා තිබෙනවා. ජනාධිපතිවරයාත්, ආරක්‍ෂක නිලධාරීන් පිරිසක් එතැනින් අතුරුදන්ව තිබෙනවා.’

මේ පුවත ගඟක් ගලනවා වගේ රූපවාහිනියෙන් සවනට කඩාගෙන වැටෙන්නේ 1993 මැයි 01දා දින මද්දහන පසුවූ විටදීය. මේ වන විට මම සේවය කරමින් සිටියේ ‘දිවයින’ පුවත්පතේය. ජනාධිපති ආර්. ප්‍රේමදාසගේ එදින මැයි දින රැලියේ ආරම්භය මම වාර්තා කරමින් සිටියේ කොළඹ සුගතදාස ක්‍රීඩාංගණයේ ප්‍රධාන දොරටුව අසල සිටය. එතැනින් ඔහු ජනතාව සමඟ ආමර්වීදිය දෙසට ගිය විට මම කාර්යාලයට පැමිණියේය. මෙම විශාල පිපුරුමේ කතන්දරය ඇසුණේ ඉන් පැයකට පමණ පසුවය. එම ශබ්දය ඉතා පැහැදිලිව ‘දිවයින’ කාර්යාලයටද ඇසිණි. මෙම බියකරු සිදුවීම තොරතෝංචියක් නැතිව රූපවාහිනියෙන් විටින් විට ජනතාවට කියා සිටියේය. එහෙත් ජනාධිපතිවරයා බෝම්බයෙන් මියගිය වගක කිසිදු ආරංචියක් නොවීය. ඒ වන විට තත්ත්වය එසේ වුවත්, සවස 06 පමණ ආසන්න වන විට ලැබෙන පුවත් ඉතාමත් උද්වේගකර ඒවා විය. රූපවාහිනිය සජීවීව පුවත් වාර්තා කළේය.

මේ බෝම්බය පිපුරුණාට පසුව එතැනදී මියගිය 17 දෙනකුගේ පමණ සිරුරු කොටස් ඉක්මනින්ම එතැනින් ඉවත් කරලා තියෙනවා. මේවා මෘත ශරීරාගාරයට ගෙනැවිත් සොයා බලද්දී දැන් අනාවරණය වෙලා තිබෙන්නේ ජනාධිපති ආර්. ප්‍රේමදාස මහතා මෙම බෝම්බයට හසුවී මියගොස් ඇති බවයි. ඔහුත් සමඟ ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන් සියල්ලමත් මරණයට පත්වෙලා තිබෙනවා. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොනී අබේසිංහ මහතා සහ තවත් උසස් නිලධාරීන් කිහිපදෙනෙකුත් මෙහිදී මරණයට පත්වෙලා තිබෙනවා. ජනාධිපතිවරයාගේ සිරුර හඳුනාගෙන තිබෙන්නේ ඔහුගේ ඔරලෝසුවෙන් සහ මුද්ද මගිනුයි. ඔහුට ආරක්‍ෂාව දුන් ජනාධිපති ආරක්‍ෂක අංශයේ නිලධාරීන් 12ක් පමණ මියගොස් ඇති බවටයි කරුණු හෙළිවී තිබෙන්නේ.

මෙම ත්‍රාසජනක එමෙන්ම ඛේදජනක කතාන්දරය අප අත්දැක්කේ පත්තරකාරයෙක් ලෙස කටයුතු කරමින් සිටින විටදීය. සිංහල ඉතිහාසයට ලේ පැල්ලමක් එක්කරමින් ලියා තැබුණු මේ කතාන්දරය සැණෙන් මාගේ මතකයට ආවේ, මෙයට දින කිහිපයකට ඉහතදී හෙළිවූ එක්තරා අපූරු වගතුගක් හේතුවෙනි. එනම් වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතා මෙම නව රජය බලයට පත්වීමෙන් පසුව එම තනතුරේ සිටින කාලයේදී ඔහුට ඉතාමත් සමීපව ආරක්‍ෂාව ලබාදුන් ඔහුගේ ප්‍රධාන ආරක්‍ෂක නිලධාරීන් 21 දෙනකු සඳහා අති විශේෂ පුහුණුවක් ඉන්දියානු ආරක්‍ෂක අංශ විසින් ලබාදුන්නේ යැයි පැවසෙන කතාන්දරය එය විය. මෙය මෙතෙක් සමාජයට හෙළි නොවී තිබුණු සුවිශේෂී රහසක් වන අතර, මේ ගැන තොරතුරු හෙළි වන්නට ගත්තේ ඉන්දියානු රජය පසුගියදා හෙළි කළ පුවතක් හරහාය. එනම් ඉන්දියානු ආරක්‍ෂක අංශ ඉහළ උසස් නිලධාරියකු මෙම වගතුග ප්‍රසිද්ධියේ හෙළිකර සිටියේය. ඔහු නම් ඉන්දියාවේ ජාතික ආරක්‍ෂක බළකායේ ප්‍රධානියා වන එහි අධක්‍ෂ ජෙනරාල් ධුරය දරන සුර්ජීත් සිං දෙස්වාල්ය. මෙම Surjeet Sing Deswal කෙටි නාමයෙන් හඳුන්වන්නේ එස්. එස්. දෙස්වාල් ලෙසිනි. ඔහු ප්‍රධානත්වය දරන මෙම ජාතික ආරක්‍ෂක බළකාය Natioíl Security Guard – NSG යනු ඉන්දියාවේ ත්‍රස්ත ක්‍රියා මර්දන කටයුතු සඳහා ඇති ප්‍රධානතම රාජ්‍ය ආයතනයයි.

වත්මන් අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ආරක්‍ෂාව සඳහා අනුයුක්ත කර සිටින අගමැති ආරක්‍ෂක අංශයේ ඉතා විශේෂ නිලධාරීන් 21 දෙනකු මෙසේ තමන් යටතේ ඇති ජාතික ආරක්‍ෂක බළකාය මගින් විශේෂිත පුහුණුවකට ලක්කළ බැව් එස්. එස්. දෙස්වාල් ප්‍රකාශ කර සිටියේය. එනම් ඔහු මෙම ප්‍රකාශය සිදුකළේ ජාතික ආරක්‍ෂක බළකායේ 36 වැනි සංවත්සරය දිනයේදීය. නවදිල්ලි අගනුවරදී පැවැති උත්සවයකදී ‘එන්.එස්.ජී.’ ප්‍රධානියා මේ බැව් හෙළිකර සිටියේය. ඉන්දියාවට පැමිණ සිදුකළ මෙම පුහුණුවට කොපමණ කාලයක් ගතවූයේ දැයි දෙස්වාල් සඳහන් කළේ නැත. අගමැති මහින්ද රාජපක්‍ෂට ඉතාමත්ම සමීපව ආරක්‍ෂක රාජකාරියේ යෙදී සිටින නිලධාරීන් 21 දෙනකු මේ පුහුණුව සඳහා තෝරාගෙන ඇති අතර, ඔවුන්ට ඉතාමත්ම සංකීර්ණ පුහුණුවක් ලබාදුන් බැව් දෙස්වාල් ප්‍රකාශ කළේය. මෙම ශ්‍රී ලාංකික නිලධාරීන්ට ලබාදී ඇති පුහුණුව ‘සමීප රැකවරණ බළකාය’ NSG නමැති විශේෂ අංශයක් යටතේ ලබාදී ඇත. එනම් රටක ජනනායකයන්ට මෙම ආරක්‍ෂක ක්‍රමවේදය ලබාදෙන්නේ ඉතාමත් දක්‍ෂ, ක්‍රියාශීලී ආරක්‍ෂක නිලධාරීන් කණ්ඩායමක් විසිනි. ඔවුන් බොහෝ විට අදාළ නායකයාගේ ශරීරයට ඉතාමත්ම සමීපව සහ සමාන්තරව ආරක්‍ෂාවේ යෙදී සිටියි. අනෙකුත් පරිබාහිරින් සිටින ආරක්‍ෂක පිරිස්වලට වඩා ඉතාමත්ම සංකීර්ණ රාජකාරියක මෙම පිරිස නිරතව සිටිති.

එකල ජනාධිපති මහින්ද රාජපක්‍ෂ යනු එල්.ටී.ටී.ඊ. කොටි ත්‍රස්ත සංවිධානයේ ප්‍රධානතම ඉලක්කය විය. ශ්‍රී ලාංකික සිවිල් යුද්ධයට පෙර සහ එම යුද්ධය දිනාගත් පසුවද ජනාධිපති මහින්ද රාජපක්‍ෂට තිබුණු කොටි ත්‍රස්ත තර්ජන බොහෝය. එහෙත් එකල ඔහු බොහෝ නිර්භයව දිවයිනේ බොහෝ ස්ථානවලට ආගිය පුද්ගලයෙකි. එවැනි තත්ත්වයක් යටතේ ඔහුට ලබාදී තිබුණු ආරක්‍ෂාව ඉතාමත්ම ප්‍රබල එකක් විය. ඔහු 2015 වසරේදී ජනාධිපතිවරණයෙන් පැරැදුණු පසුවද ඔහුට ලබාදුන් ආරක්‍ෂක ක්‍රියාවලිය ඉතා උසස් එකක් විය. ඒ ආකාරයෙන්ම වත්මන් අගමැති ධුරයටද පත්වූ පසුව දැනට ඔහුට ලබාදෙන ආරක්‍ෂාවද බොහෝ සංවිධානාත්මක එකකි. පසුගිය කාලයේ ඔහුගේ සමීපතම විශේෂ ආරක්‍ෂක නිලධාරීන් 21 දෙනකු ඉන්දියානු රජය විසින් පුහුණුවකට ලක්කළේද ඒ හෙයිනි. පසුගිය යහපාලන රජය සමයේදී එවකට නීතිය හා සාමය ඇමැති ධුරය දැරූ සාගල රත්නායක මහතා ප්‍රකාශ කර තිබුණේ, එම රජය පවතින විටද මහින්ද රාජපක්‍ෂ මහතාට ආරක්‍ෂක නිලධාරීන් 187 දෙනකු ලබාදුන් බැව්ය. මෙම පිරිසට යුද හමුදාවේ, පොලිසියේ සහ විශේෂ පොලිස් කොමාන්ඩෝ භටයන් 20ක්ද අයත් විය.
මේ ආකාරයට භටයන් සිය ගණනක ඛණ්ඩයක් ජන නායකයකු උදෙසා ආරක්‍ෂාවට සිටියත්, ඔහු සමීපයෙන්ම සිටින විශේෂ ආරක්‍ෂක නිලධාරීන් පිරිස බොහෝ විට 15 – 20 අතර ප්‍රමාණයක් විය හැකිය. මොවුන් පිරිස බොහෝ විට ඉතාමත් නවීන අවිආයුධ භාවිත කිරීමට හැකියාව ඇති, එමෙන්ම දක්‍ෂ ලෙස ආත්මාරක්‍ෂක සටන් අධ්‍යයනය ලබා ඇති අය වෙති. එසේම ඔවුන් දේහධාරී ශක්තිවන්ත පිරිමි පුද්ගලයෝ වෙති. මොවුන් අතේ බොහෝ විට අවි-ආයුධ වර්ග පෙනෙන්නට නොතිබුණත්, නවීන වර්ගයේ පිස්තෝල සහ රිවෝල්වර තමන් ශරීරයන්ට සමීපව නොපෙනෙන සේ සඟවාගෙන ඇත. හදිසි අවස්ථාවකදී තමන්ගේ නායකයා වෙත වෙඩි ප්‍රහාරයක් හෝ වෙනත් යම් ආකාරයක ප්‍රහාරයක් හෝ එල්ල වුණු විට, මෙම විශේෂ ආරක්‍ෂකයන් වහා ක්‍රියාත්මක වී තමන්ගේ ශරීරවලින් නායකයාගේ ශරීරය ආවරණය කරගනියි. මෙවැනි ආරක්‍ෂකයන්ට ලොව සැමතැනකම භාවිත කරන වදන වන්නේ ‘බොඩිගාඞ්’ යන වදන වන අතර, එහි සිංහල අරුත ‘ශරීරාක්‍ෂක’ යන්නය. පසුගියදා ඉන්දියාවේ පුහුණුව ලබාදුන්නේ, අගමැති මහින්ද රාජපක්‍ෂගේ මෙවැනි ආරක්‍ෂක නිලධාරීන් 21 දෙනකුටය.
මෙම කතාන්දරයෙහි තවත් අපූරු, රසවත් වගතුගක්ද ඇත. එනම් ඉන්දියාවේ මෙම (භ්එසදබ්ක ීැජමරසඑහ ඨම්රා) නොහොත් ‘ජාතික ආරක්‍ෂක බළකාය’ යනු ප්‍රධාන වශයෙන්ම ත්‍රස්ත මර්දන කටයුතු ආයතනයක් වන අතර, මෙය කෙටියෙන් හඳුන්වන නාමය වන්නේ ‘කළු බළල්ලු’ Black Cats යනුවෙනි. ඉංග්‍රීසි බසින් ‘බ්ලැක් කැට්ස්’ ලෙසින් හඳුන්වන මෙම නාමය ලොව පුරාම ප්‍රචලිත එකකි. එනම් මෙම ආරක්‍ෂක ආයතනයේ සේවය කරන භටයන් හඳුන්වන්නේ ‘කළු බළල්ලු’ යන අන්වර්ථ නාමයෙනි. මෙම කළු බළල්ලු නාමය මෙයට කලකට පෙර සිට ශ්‍රී ලංකාවේද විදෙස් රටවල් කිහිපයකද බොහෝ කතාබහට ලක්වුණු එකකි. මෙම රාජ්‍ය ආයතනය පිහිටුවාගනු ලැබුවේ 1984 වසරේ ඔක්තෝබර් 15 වැනිදාය. මෙය පිහිටුවීමට හේතු වූයේ එකල ඉන්දියාවේදී සිදුවුණු ත්‍රස්ත ක්‍රියා කිහිපයක් මුල්කරගෙනය. හිටපු ඉන්දීය අගමැතිනි ඉන්දිරා ගාන්ධි ඝාතනය, සුප්‍රකට ඉපැරැණි රන් දෙවොලට පහර දීම වැනි සිදුවීම් ගණනාවක් මුල්කරගෙන මෙම ‘එන්.එස්.ජී.’ ආයතනය ආරම්භ කරන ලදී.
මෙම ඉන්දියානු ජාතික ආරක්‍ෂක බළකාය ඉතාම සුවිශාල රාජ්‍ය ත්‍රස්ත මර්දන ආයතනයක් වන අතර, එහි මේ වන විට සාමාජිකයන් 14,000ක් සේවය කරයි. එනම් තවත් රසවත් ආකාරයකින් සඳහන් කරන්නේ නම් ‘කළු බළල්ලු’ 14,000ක් මෙහි කටයුතු සඳහා කැපවී සිටිති. මෙම විශේෂ බළකායෙහි කටයුතු සඳහා ඉන්දීය රජය ඉතාම විශාල ධනස්කන්ධයක් වැය කරන අතර, වසරකට ඉන්දියානු රුපියල් බිලියන 12ක පමණ මුදලක් වැය කරනු ලබයි. මෙම මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 167ක් පමණ වෙයි. මෙම ආයතනය පිහිටුවා ඇත්තේ ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය යටතේය. ප්‍රධාන මූලස්ථානය නවදිල්ලි අගනුවර පිහිටුවා ඇති අතර, මෙහි වත්මන් ප්‍රධානියා වන්නේ ඉහත සඳහන් කළ එස්. එස්. දෙස්වාල් නමැති හමුදා නිලධාරියාය. මේ වන විට මෙම ‘කළු බළල්ලු’ ඉන්දියාවට එරෙහි වූ ත්‍රස්ත ක්‍රියා රැසක්ම මර්දනයට ලක්කර ඇත. ඒ අනුව ඔවුන් විවිධ නම් යටතේ ප්‍රබල මෙහෙයුම් රැසක් ක්‍රියාත්මක කර ඇති අතර, ඒවා සියල්ල ජයග්‍රහණයද කර ඇත.
මෙම ‘කළු බළල්ලු’ කොමාන්ඩෝ භටයන්ට ලබාදෙන පුහුණුව ඉතාම දුෂ්කර එකකි. එනම් කළු බළලෙක් වීම සඳහා ඉන්දියානු තරුණ පිරිස් අතර ඇත්තේ විශාල ඉල්ලුමකි. තෝරාගන්නා පිරිස් සඳහා මාස 14ක ඉතාමත් දුෂ්කර පුහුණුවක් ලබාදෙන අතර, එහිදී එම පිරිසෙන් 30%ක් පමණ එහි බැරෑරුම්කම හේතුවෙන් පුහුණුව හැරයති. මෙම පිරිසට ගොඩබිම පමණක් නොව ජලය යට සිදුකෙරෙන ප්‍රහාරක මෙහෙයුම් ගැනද පුහුණුව ලබාදෙති. ත්‍රස්ත මර්දන කටයුතුවලට අදාළව සිදුකෙරෙන සියලුම පුහුණුවීම් ඉතාමත් ගැඹුරින් සිදුකරන අතර, ලෝකයේ ඇති අති නවීන අවි – ආයුධ භාවිතයද පුහුණු කරයි. පිස්තෝල, රිවෝල්වර, රයිෆල්, ස්නයිපර් රයිෆල්, මැෂින් තුවක්කු, පතොරම් තුවක්කු සහ විවිධ පිහි වර්ග භාවිතයද මෙහිදී පුහුණු කරනු ලබයි. එසේම නූතන ආරක්‍ෂක ක්‍රියාවලීන්වලදී භාවිත කරනු ලබන ‘ඩ්‍රෝන’ යන භාවිතය ගැනද විශේෂ පුහුණුවක් ලබාදෙයි. මේ ආකාරයට ‘කළු බළල්ලු’ සඳහා ලබා දෙන්නේ අති විශේෂිත, දුෂ්කර පුහුණුවකි.
කෙසේ හෝ මෙලෙස සුවිශේෂී දස්කම් ඇති ඉන්දියාවේ ‘කළු බළල්ලු’ යටතේ අපගේ අගමැති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ප්‍රධාන ආරක්‍ෂකයන්ද පුහුණුව ලැබීම විශේෂ සිද්ධියක් වෙයි. මින් පෙර දශක ගණනාවක් පුරා ශ්‍රී ලංකාවේ හමුදා සාමාජිකයන් විශාල පිරිසක්ද ඉන්දියාවට ගොස් හමුදා පුහුණුව ලැබීම සාමාන්‍ය ක්‍රියාවලියකි. එහෙත් මෙලෙස ඉන්දියාවේ සිටින ලොව ප්‍රකට ‘කළු බළල්ලු’ යටතේ ශ්‍රී ලංකාවේ අගමැති ආරක්‍ෂකයන් පුහුණුවක් ලැබුවේ ප්‍රථම වතාවටය. අගමැති මහින්ද රාජපක්‍ෂගේ මෙම සමීප ආරක්‍ෂක නිලධාරීන් 21 දෙනාටද ඉතාමත් සුවිශේෂී පුහුණුවක් ‘කළු බළල්ලු’ විසින් ලබාදී ඇතැයි පැවසෙයි. අගමැතිවරයාගේ ආරක්‍ෂාව වෙනුවෙන් කටයුතු කිරීමේදී අවශ්‍ය වන ශාරීරික මෙහෙයුම් මෙන්ම අවි, ආයුධ මෙහෙයුම් ගැනද මෙම පුහුණුව ලබාදී ඇත. කෙසේ හෝ කෙතරම් කාලයක් මෙම පුහුණුව ලබාදුන්නේ දැයි ‘කළු බළල්ලු’ ලොක්කා වන දෙස්වාල් සඳහන් කර නැත.
වත්මන් ශ්‍රී ලංකාවටද අදාළවූ මෙම කළු බළලුන්ගේ කතාන්දරය ගලාගෙන යන විටදී තවත් අපූරු නවතම පුවතක්ද වාර්තා වෙයි. එනම් පසුගියදා ඉන්දියාව ‘කළු බැළලියන්ගේ’ ) බළකායක්ද ආරම්භ කිරීම එම වගතුගයි. එනම් මෙම සුවිශේෂී කොමාන්ඩෝ භට සේනාංකයට කාන්තා කොමාන්ඩෝ සාමාජිකාවන්ද බඳවා ගැනීමය. ඒ අනුව මෙම ‘කළු බැළලියන්ගේ’ සේනාංකය ගිය වසරේදී ආරම්භ කරන ලද අතර, තෝරාගත් තරුණියන් ඉතාමත් සංකීර්ණ, දැඩි පුහුණුවකින් පසුව දැන් රාජකාරියෙහි යොදවා ඇත. මෙම ඉන්දියානු තරුණියෝ විවිධ සුවිශේෂී නායකයන්ගේ ආරක්‍ෂාව සඳහා මෙන්ම, ත්‍රස්ත මර්දන මෙහෙයුම් සඳහාද යොදවාගනු ලබති. මොවුන් සාමාන්‍ය යුද හමුදාවක සිටින සාමාජිකාවකට වඩා විශේෂිත පුහුණුවක් ලැබූ අය වෙති. අවිආයුධ භාවිතයට මෙන්ම, නිරායුධ සටන්ක්‍රමවලටද මෙම ‘කළු බැළලියන්’ අති දක්‍ෂය.
මෙම ‘කළු බළලුන්’ මෙන්ම ‘කළු බැළලියන්’ද නිරන්තරයෙන්ම පලඳින්නේ කළු පැහැති හමුදා නිල ඇඳුමකි. එසේම කළු පැහැති මුහුණු ආවරණ, අත්වැසුම්, හිස්වැසුම් සහ පාවහන්ද පලඳති. මෙම ස්වරූපය එක් ආකාරයකින් ඉතා බියකරු, හැඩිදැඩි ස්වරූපයක්ද ඉස්මතු කරයි. ඉන්දියාවේ මෙම කළු බළල් හමුදාව නිර්මාණය කර ඇත්තේ ජර්මනියේ සිටින ‘ජී.එස්.ජී.-9’ නමැති කොමාන්ඩෝ බළකායට අනුව යැයි පැවසෙයි. ජර්මනියේ මෙම බළකාය ත්‍රස්ත මර්දනය සඳහා සුවිශේෂී වූ කොමාන්ඩෝ ඛණ්ඩයකි.
කළු බළල් හමුදාව මෙසේ කෙතරම් සවිශක්තිය පෙන්නුවද පසුගියදා ඔවුන් පරාජය වී ඇත්තේ අද ලොව තිබෙන ප්‍රධානතම බලවේගයටය. එනම් කොරෝනා මාරයාටය. පසුගිය කාලයේ මෙම කළු බළල් බළකා සාමාජිකයන් 300කට වැඩි පිරිසකට කොරෝනා රෝගය වැලඳී ඇත. එහෙත් එහි යමකු මියගිය පුවතක් නම් වාර්තා වී නොතිබිණි.

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ලංකාවේ ළාබාලම කොරෝනා රෝගියා වළල්ලාවිටින්

Next Post

ජනපති-පොම්පියේ හමුවෙයි

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.