• About us
  • Contact us
Wednesday, July 22, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මහරෑ සජිත් ඉදිරියෙන්: දවල් ‌වෙද්දි ‌‌ගෝඨා ඉදිරියෙන්: ජන්ද ප්‍රතිපලය උඩු යටිකුරු වුණේ ‌කොහොමද?

November 24, 2019
in News, Politics, Uncategorized
Reading Time: 4 mins read
A A
මහරෑ සජිත් ඉදිරියෙන්: දවල් ‌වෙද්දි ‌‌ගෝඨා ඉදිරියෙන්:  ජන්ද ප්‍රතිපලය උඩු යටිකුරු වුණේ ‌කොහොමද?
Share on WhatsAppShare on Facebook

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ හත්වැනි විධායක ජනාධිපතිවරයා ලෙස නන්දසේන ගෝඨාභය රාජපක්ෂ මහතා පහුගිය දහ අට වැනිදා උදෑසන අනුරාධපුරයේ රුවන්මැලි සෑය අබියසදී දිවුරුම් දුන්නේය. එජාපය නියෝජනය කරමින් ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ සජිත් ප්‍රේමදාස මහතා 17 හැන්දෑවේ එජාප නියෝජ්‍ය නායකකමින්ද ඉල්ලා අස්විය. ඒ කතාව එසේ නිමා විය. නමුත් මේ කතාව මුලසිට අගට කියවා ගන්න විට ලංකාවේ වර්තමාන දේශපාලන ස්වභාවය පහසුවෙන් අවබෝධ කරගත හැකිය. ඒ කියවා ගැනීම වඩාත් වටින්නේ එජාපයටය. මේ දේශපාලන හැසිරීම ගැන සියල්ලන්ටම පෙර දැන ගත්තේ බැසිල්ය. බැසිල් එක්ක සටන් කරන්නට නම් බැසිල් පන්නයේ ජාතික සංවිධායක වූ අයෙක් එජාපය හොයාගත යුතුයැයි මාධ්‍යවේදී කසුන් සමරතුංග සිය ෆෙස්බුක් සටහනක් තබා තිබ්බේය.
16 රාත්‍රියේ ප්‍රතිඵල නිකුත් විය. පළමු ප්‍රතිඵලය එද්දී මධ්‍යම රාත්‍රිය පසු විය. සුපුරුදු පරිදි රත්නපුරයේ තැපැල් ඡන්ද ප්‍රතිඵලය වෙනුවට මෙදා ආවේ ගාල්ලේ තැපැල් ඡන්ද ප්‍රතිඵලයයි. එය ගෝඨා ජයගෙන තිබුණේය. පළමු පැය ගත වෙද්දී,
සජිත් 38407 (56.5)
ගෝඨාභය 28638 (35.9)
ලෙස ප්‍රතිඵලය සටහන් විය. සජිත් හිටියේ ඉදිරියෙනි. නමුත් පළමුවෙන්ම ලක්ෂයට ළඟා වීමට ගෝඨා සමත් විය.
සජිත් 90,516
ගෝඨා 1,39,988
නමුත් උදෑසන අට වෙද්දී යළි ප්‍රතිඵලය උඩු යටිකුරු විය.
ගෝඨා 6,95,504
සජිත් 8,28,082
සජිත් හැල්මේ දුවන්නට විය. ගෝඨා බරපතළ ලෙස පසුබෑවේය. යාපනේ අවසන් ප්‍රතිඵලයත් වන්නියේ මැතිවරණ කොට්ඨාශ තුනත් කියවා අවසන් වන විට සටනේ ඉදිරියෙන් උන්නේ සජිත්ය. නමුත් දකුණත් ගම්පහත් මේ සියල්ල කණපිට හැරෙව්වේය. කොළඹ, හෝමාගම, කඩුවෙල, මහරගම ගෝඨා දින්නේ දෙගුණයකට වඩා වැඩි ප්‍රතිශතයකිනි.
කොළඹ දිස්ත්‍රික්කය මෙවර තීන්දුවට විශාල බලපෑමක් කරනා බව අපි ඔබට පෙර සිටම කීවෙමු. මේ වන විට පෙර තිබුණ එජාප කොළඹ දැන් නැත. ඉස්සර කොළඹ වැඩිම ජනගහනය තිබුණේ මැද කොළඹය. ඒ නිසාම මැද කොළඹ දින්නාය කියන්නේ ලොකු ජයග්‍රහණයකි. මෙවරත් සජිත් මැද කොළඹ දින්නේ 80.33%ක දැවැන්ත ප්‍රතිශතයකිනි. නමුත් ඒ මනාප 80,076කි. මේ අවුරුද්ද වන විට මැද කොළඹ ඡන්ද ප්‍රමාණය එක ලක්ෂ විසිපන්දාහක් දක්වා අඩු වී තිබේ. නමුත් අනිත් පැත්තෙන් හෝමාගම ඡන්ද ප්‍රමාණය ලක්ෂ දෙකකට අඩු හයදාස් ගාණකි.
උතුර 4,79,059
එජාපය උතුර උඩින්ම දින්නේය. යාපනයේ ගෝඨාභයට මනාප ලැබුණේ 23,261කි. ඒ ලියාපදිංචි ඡන්ද සංඛ්‍යාව 5,64,714ක්ව තිබියදීය. ඡන්දය දුන් නොදුන් සියල්ලෝම ගත් විට යාපනයේ ගෝඨාට අකැමැති 5,41,453 ක් සිටිති. එය ප්‍රතිශතයක් ලෙස සියයට 95.55%කි. කැමැත්ත 4.45කි. සජිත් යාපනයෙන් පමණක් 83.66%ක ඡන්ද ප්‍රතිශතයක් ලබා ගත්තේය.
යාපනයේ එක් එක් මැතිවරණ කොට්ඨාස වෙන වෙන වෙනම ගත්විට සජිත් දිනූ ප්‍රතිශතයන් මෙසේය.
කයිට්ස් 69.82%
වඩුක්කොඩෙයි 82.44%
කන්කසන්තුරෙයි 83.20%
මනිපායි 84.69%
කෝපායි 83.44%
උඩුප්පිඩි 81.74%
පේදුරුතුඩුව 82.31%
චාවාකච්චේරි 84.75%
යාපනය 85.51%
කිලිනොච්චි 87.71%
නල්ලූර් 86.02%
උතුරත් නැඟෙනහිරත් එක් කර ගත්විට සජිත් ප්‍රේමදාස 1,152,624 ලබා ගත්තේය. නමුත් ගෝඨාභයට මුළු උතුරු නැඟෙනහිරින්ම ලැබෙන්නේ මනාප 2,77,019ක් පමණකි. එහි පරතරය මනාප 8,75,605කි. සාමාන්‍ය මට්ටමේ මැතිවරණයකදී නම් එයම විශාල ජයග්‍රහණයකට ප්‍රමාණවත්ය. 2015දී හංසයා උතුරු නැඟෙනහිර දිනන්නේ ලක්ෂ හයක පරතරයකිනි. නමුත් මෙදා කතන්දරය විසඳුණේ ඊට හාත්පසින්ම වෙනස් විදියටය.
උතුරටත් නැඟෙනහිරටත් අමතරව සාමාන්‍යයෙන් සුළු ජාතික ඡන්ද සහිත මැතිවරණ කොට්ඨාස නුවරඑළිය, මස්කෙළියයි.
මෙවර සජිත් මස්කෙළියෙන් මනාප 1,74,413ක් ලබා ගන්නේ ශ්‍රී ලංකා මැතිවරණ ඉතිහාසයේ වාර්තාවක් පිහිටුවමිනි. ඒ 1982 සිට ජනාධිපතිවරණයකදී එක මැතිවරණ කොට්ඨාසයකින් ලබාගත් වැඩිම මනාප ප්‍රමාණය වාර්තා කරමින්ය. නමුත් ඉන් හංසයෝ උදම් නොවිය යුතුය. 2015දී ඔවුන් නුවරඑළි, මස්කෙළියෙන් වැඩි ඡන්ද 1,13,810ක් ගනිද්දී මෙවර එය 98,914 දක්වා අඩු වී තිබේ. නමුත් මේ මනාපද එකතු කරගත් විට එජාපය ලංකාවේ සුළු ජාතික යැයි සම්මත කරගත් මනාපවලින් සජිත් පිලට ලැබුණ මනාප ප්‍රමාණය 1,327,037කි.
ඊට එරෙහිව ගෝඨා පිලේ මනාප ප්‍රමාණය 3,52,518 කි. පරතරය 9,74,519 කි. එය ප්‍රකාශිත මුළු ඡන්දවලින් ප්‍රතිශතයක් ලෙස ගත් විට 7.27%කි. මේ සියල්ලම එකතු වූ විට ප්‍රකාශිත මුළු ඡන්ද සංඛ්‍යාව 1,822,833කි. ඒ යාපනය, වන්නි, ත්‍රිකුණාමලය, මඩකළපුව, දිගාමඩුල්ල, නුවරඑළිය, මස්කෙළිය දිස්ත්‍රික්ක පහේ සහ නුවරඑළිය, මස්කෙළිය ඡන්ද බලප්‍රදේශයේ මනාප එකතුවයි. මේ ලක්ෂ දහඅට හැරුණ විට ප්‍රකාශිත ඉතිරි ඡන්ද ප්‍රමාණය 11,565,118කි. ඉන් මනාප 5,380,326 ගත්තා නම් ගෝඨාභය පරාජය වී අවසන්ය. ගෝඨා ජයග්‍රහණය වෙත යන්නට නම් දකුණෙන් පමණක් 6,184,788ක් ලබාගන්නට සිදුව තිබුණේය. මින් නුවරඑළියේ ඉතිරි ඡන්ද ප්‍රමාණයද ඉවත් කළ පසු ඉතිරි වෙන්නේ මැතිවරණ දිස්ත්‍රික්ක 16ක් පමණි. ගෝඨාට මනාප 6,093,613ක් ලබා ගන්නටත් සජිත්ට 5,284,522ලබා ගන්නටත් සිදුව තිබුණේය. 8,09,091 පරතරයක් තිබුණේය. ඉතිරි දිස්ත්‍රික්ක දාසයෙනුත් කොළඹ, පුත්තලම වැනි ආසනවල සජිත්ට විශාල වාසි සහිත කොට්ඨාස තිබේ.
මෙවරද කොළඹ ආසන හතර වූ මැද, උතුරු, නැඟෙනහිර, බටහිර කොළඹ හතර සජිත් දිනුවේ මනාප 1,83,003ක් ලබා ගනිමිනි. එයට එරෙහිව ගෝඨාට ලැබුණේ මනාප 59,590කි. ඒ පරතරයත් 1,23,413කි. ඉන් ගෝඨාට ලබා ගතයුතු පරතරය 9,32,504ක් දක්වා විශාල වෙයි. තව ඉතිරිව ඇත්තේ මැතිවරණ කොට්ඨාස ලෙස ගත් විට 128ක් පමණි. ඒ අනුව සෑම කොට්ඨාසයකින්ම මනාප 7,285ක පරතරයක් තබා ගන්නට ගෝඨාට සිදුවිය. නමුත් ලංකාවෙන්ම සජිත් දිනූ මැතිවරණ කොට්ඨාස ප්‍රමාණය 47කි. ඒ 47ට අප පෙර නොකී කොළඹ දිස්ත්‍රික්කයේ බොරැල්ල සහ දෙහිවලත් ගම්පහින් මීගමුවත් වත්තලත් එක්වෙයි. මේ හතරෙන්ම සජිත් වැඩි ඡන්ද 36,906ක් ලබා තිබේ. ඒත් සමඟම පරතරය 9,69,410ක් බවට පත්වෙයි. මහනුවර දිස්ත්‍රික්කයේ මැතිවරණ කොට්ඨාශ 13න් අතරින් හයක ජය ලබාගන්නට සජිත් සමත් වෙයි. ඒ වැඩි ඡන්ද 19,695ක් සමගිනි. ඒත් සමඟ පරතරය 9,89,105ක් බවට පත්වෙයි. සජිත් මාතලේද එක මැතිවරණ කොට්ඨාසයක ජය හිමිකරගනී. ඒ මාතලේ ඡන්ද බලප්‍රදේශයයි. පරතරය මනාප 765කි. 9,89,870ක් ලෙස ඉන් පරතරය වැඩි වෙයි. සජිත් දකුණේ දිනූ එකම ආසනය වූ ගාල්ල දිනන්නේ මනාප 140කිනි.
9,90,010ක් ලෙස සජිත් ඉදිරියට එයි. ඡන්ද 50,267ක දැවැන්ත පරතරයකින් සජිත් පුත්තලම ඡන්ද බලප්‍රදේශයේ ජය හිමිකර ගනී. පුත්තලමේ ප්‍රතිඵලයත් සමඟ සජිත්ගේ පරතරය 1,040,277කි. සජිත් බදුල්ලේ පස්සර, හාලි ඇල සහ බන්ඩාරවෙල ජයගන්නේ මේ පරතරයට තවත් මනාප 18,472ක් එකතුකරමිනි. ඒ අනුව සජිත් තමන් දිනූ ආසන 47න් 1,058,749ක පරතරයක් ලබාගත්තේය.
ගෝඨාට සටනට එන්නේ ඒ වාසි සහගත මනාප 1,058,749ක් ඇති සජිත් සමඟය. ඔහු සිය ආයුධය කරගනිතැයි සියල්ලෝම සිතූ දකුණ හොඳින් පාවිච්චි කළේය. ජනාධිපතිවරණ ඉතිහාසයක එජාප බලවේගයකට කිසිදා දිනිය හැකි නොවූ කඹුරුපිටිය මෙවර ඔවුන් දිනන්නේ ලංකාවෙන්ම වැඩිම මනාප ප්‍රතිශතය සමඟය. ඒ 71.53%කි. ගෝඨා දකුණෙන් පමණක් වැඩි ඡන්ද 6,74,100ක් ලබා ගන්නේ දකුණේ වීරයා වූ මහින්දවද දෙවැනි කරමිනි. මහින්ද 2015දී දකුණෙන් ගන්නේ වැඩි ඡන්ද 2,73,107 කි.
මහින්ද ගාල්ලෙන්
2005 – 3,47,233
2010 – 3,86,971
2015 – 3,77,126ක් ලබද්දී,
2019 – 4,66,148ක් ලබාගන්නට ගෝඨාභය සමත්ව තිබේ. මාතරදී,
2005 – 2,79,411
2010 – 2,96,155
2015 – 2,12,435
වෙද්දී,
2019 – 3,74,481
වී තිබේ. හම්බන්තොට කතාවත් එහෙමමය.
2005 – 2,02,918
2010 – 2,26,887
2015 – 2,43,295
2019 – 2,78,804කි.
මේ වැඩි ඡන්ද කතාව පුදුම සහගතය.
2005 – 3,09,693
2010 – 4,44,432
2015 – 2,73,107
2019 – 6,74,100කි.
එය වැඩි ඡන්ද ලෙස පමණක් මනාප 4,00,993ක වැඩි වීමකි. සජිත් සිය ජයග්‍රාහී කොට්ඨාස 47න් ලබාගත් පරතරය වූ 1,058,749 හඹායන්න ගෝඨා පටන්ගන්නේ මේ දකුණේ වූ ලක්ෂ හයෙනි. ඉන් පරතරය 3,84,649 අඩු වෙයි.
දකුණේ ප්‍රතිඵලයත් සමඟ පරතරය 3,84,649 දක්වා අඩු වෙද්දී කොළඹින් සජිත්ට එරෙහිව ලැබෙන්නේ ඇදහිය නොහැකි පන්නයේ පිළිතුරකි.
සජිත් පැරදවූ ආසන කීපයම ගෝඨාට විශාල ඡන්ද ප්‍රමාණයක් හිමිකර දෙයි. මේ පරතරයන් පමණි.
අවිස්සාවේල්ල 1,01,490
හෝමාගම 65,945
කැස්බෑව 61,632
කඩුවෙල 57,060
මහරගම 42,205
මොරටුව 21,255
කුරුණෑගල, රත්නපුර, මොනරාගල, කළුතර, අනුරාධපුර, පොළොන්නරුව, කෑගල්ල ගෝඨාභය දිනන්නේ සජිත්ට එකම එක ආසනයක්වත් දිනන්නට ඉඩ නොතබමිනි. මේ ජයග්‍රහණ පරතරය වැඩි ඡන්ද 8,03,396කි. ඒත් සමඟම පරතරය උඩු යටිකුරු වෙයි. සාමාන්‍යයෙන් මේ දිස්ත්‍රික්ක මහින්දලාගේ පිල ජයගන්නා එක සාමාන්‍ය දෙයකි. නමුත් ඒ පරතරයන් විශාල වශයෙන් වැඩි කරගන්නට මල්ලී සමත් වෙන්නේ අයියා පරදවමිනි.
ඒ මෙසේය.

                 2015    2019

කුරුණෑගල 80,226 2,35,317
රත්නපුර 86,539 1,83,541
මොනරාගල 67,499 1,16,275
කළුතර 46,486 1,98,707
අනුරාධපුර 42,754 1,39,875

2015 දී පොළොන්නරුව 42,334කින් පරාජය වූ රාජපක්ෂලා එය 1,39,875කින් ජය ලබයි. ඒ අතර එක දිස්ත්‍රික්කයකවත් ලක්ෂයක පරතරයක් ලබාගන්නට නොහැකි වූ රාජපක්ෂ පිලට වසර පහක් යන්නටත් පෙර ඒ සෑම දිස්ත්‍රික්කයක්ම ලක්ෂයකට වැඩි මනාප ප්‍රමාණයකින් ජයගන්නට හැකියාව ලැබේ. මේත් සමඟ ගෝඨාගේ වැඩි ඡන්ද ප්‍රමාණය මනාප 4,18,747කින් ඉහළ යයි.
2015දී ගම්පහ ජයගත් හංස පිලට මෙවර හිමිවන්නේ දැවැන්ත පරාජයකි. එය මෙවර දේශපාලන කරළියේ දැඩි සේ කතාබහට ලක්විය යුතු මාතෘකාවකි. මෙවර ගෝඨා වැඩිම ඡන්ද පරතරය ගන්නේ කොට්ඨාස දෙකක් පරාජය වූ ගම්පහිනි. ඒ මනාප 3,61,199කි.
2005 – 1,14,934
2010 – 2,84,210
මේ සියල්ල අභිභවමින් වාර්තාගත ජයක් ලබන්නට ගෝඨා සමත්ව තිබේ.
ගෝඨාභය ගම්පහ දිස්ත්‍රික්කයේ කැලණිය හැර දිනූ ආසන සියල්ලම මනාප විසිදාහකට වැඩි පරතරයකින් ජයගෙන තිබේ. ඒ පරතරයන් මෙසේය.
කැලණිය 16,147
දිවුලපිටිය 23,222
මීරිගම 26,294
අත්තනගල්ල 27,302
කටාන 28,512
ජාඇල 30,042
මිනුවන්ගොඩ 32,766
බියගම 34,430
දොම්පෙ 39,125
මහර 45,582
ගම්පහ 52,523
මෙය එජාපයට බරපතළ ප්‍රහාරයකි. මේ ලක්ෂ තුනේ එකතුවත් සමඟ ගෝඨාභය සිය ජයග්‍රහණයේ පරතරය වැඩි කරගත්තේය. ඊළඟ විශේෂ කාරණය වෙන්නේ මෙවර ඡන්ද භාවිතාවයයි. 2015 මැතිවරණයෙදී සීයට 81ක් වූ සමස්ත ඡන්ද භාවිතය මේ වසරේ හිතා ගන්නට බැරි මට්ටමකට ඉහළ ගොස් තිබේ.
මුල්කිරිගල 87.8%
ලග්ගල 87.43%
අම්පාර 87.2%
හිනිදුම 87.02%
තිස්සමහාරාමය 86.94%
තංගල්ල 86.81%
බණ්ඩාරගම 86.58%
දොම්පේ 86.41%
අගලවත්ත 86.33%
බුලත්සිංහල 86.27%
හක්මන 86.18%
ඒ අතරින් කීපයකි.
මිනිස්සු ඡන්දය දමනා එක හොඳය. මැතිවරණ ඉතිහාසයේ නිශ්චිත රේඛා බිඳී යා යුතුය. දේශපාලන කඳවුරු බිඳ වැටිය යුතුය. නමුත් බලය පවුල් අස්සේ විතැන් වීමද නතර විය යුතුය. මේ තීන්දු ජනබලය ගෝඨාභය රාජපක්ෂට ලැබෙන්නේ රට වෙනුවෙනි. රට ඔහුගේ පෞද්ගලික ඉඩමක් නොවේ. රට හදනා එක බාර ඔහුටය. ඔහු තමන්ට රට හැදිය හැකි බව පෙන්වා තිබේ. එහෙම නම් බලා ඉමු. අවුරුදු පහක් මාස හැටක් දින එක්දාස් අටසිය විසිහතක් ඔහුටද තිබේ.

ජීවන පහන් තිලිණ

SendShareShare
Previous Post

අධ්‍යක්ෂවරු මාව දැක්කෙ මැරයෙක් විදිහට

Next Post

ඔක්කොම පරදිනවා කියද්දි හරියටම ‌ගෝඨා දිනනවා කියපු කව්ද ‌මේ වීරක්කොඩි?

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
ආණ්ඩුවේ මහා පාවාදීම සජිත් ඔප්පු කර පෙන්වයි! අනුරගේ ‘පොහොසත් රටක්-ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්‍රකාශයේ 105 පිටුව සජිත් කියවයි! IMF ගිවිසුම වෙනස් නොකළොත් රට ආපහු අනතුරේ! ඝානා රාජ්‍යය ගිය පාරේ යන්න! මේ ගිවිසුම කලින් කිව්වා වගේ වෙනස් කරන්න! සජිත් අදත් පාර්ලිමේන්තුව හොල්ලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඩෙංගු වසංගතයක් වෙලා! ඒත් සෞඛ්‍ය ඇමති නිහඬයි! ගොවියො අනාථයි! වතුකම්කරුවන්ටත් ද්‍රෝහි වුණා! ආයුර්වේද ක්ෂේත්‍රයත් විනාසයි! I Sri Lanka Latest News

රටේ ජනතාව මුහුණ දෙන ප්‍රශ්නවලට විධිමත් ලෙස විසඳුම් දෙන්න වත්මන් රජයට නොහැකි වී ඇති බවත් අදටත් ගොවි ජනතාව අන්ත අසරණ...

Read more
ජාතීන් අතර අසමගිය හදන්න අපි කිසිසේත්ම ඉඩ දෙන්නේ නෑ! ආයෙ කතා දෙකක් නෑ ඕනම නීතියක් යොදාගනිමින් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා! අධිකරණ ඇමැතිගෙන් දැඩි ප්‍රකාශයක්! VIDEO I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය සිකුරාදා ගන්නවා! I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

මැයි 5.5%යි! ජුනි 6.8%යි! උද්ධමනය මාසෙන් මාසෙ වැඩිවෙද්දී සිසුන්ට දැන් දෙන මහපොළ ප්‍රමාණවත්ද? VIDEO I Sri Lanka Latest News

වොෂින්ටන්වල ගොඩනැගිල්ලක් ගන්න ගිහින් ඩොලර් ලක්ෂ තුනහමාරක් වංචා කරලා! අමෙරිකා අධිකරණය ඉදිරියේ හිටපු තානාපති ජාලිය වැරැද්ද පිළිගනී! දඬුවම් නියම කිරීම ජුලි 20!

රාජපක්ෂ පවුලේ තවත් ඥාතියෙකුට යළි වරෙන්තු! I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

යුද හමුදාපති අලුත්ම යුද්ධය අතට ගනී! PHOTOS I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.