• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home News

මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා සල්ලි ‌හොඳට හම්බ කරලා ලොතරැයියේ සල්ලි මා ළගයි..

May 11, 2021
in News, Politics, Uncategorized
Reading Time: 2 mins read
A A
මම එන්නෙ ඩුබායි රටේ ඉඳලා සල්ලි ‌හොඳට හම්බ කරලා ලොතරැයියේ සල්ලි මා ළගයි..
Share on WhatsAppShare on Facebook

මිනිසුන්ගේ ජීවිත ක්ෂණයකින් අපි නොහිතන වෙලාවක දෛවය විසින් වෙනස් කරනවා. රටේ එක් පිරිසක් නැතිබැරිකම් අගහිඟකම් විඳිනකොට තවත් පිරිසක් සුඛෝපභෝගී ජීවිත ගෙවනවා. දුක්ඛිත ජීවිතවලින් ගොඩ එන්නට අපි නොයෙකුත් උත්සාහයන් දරනවා. එලෙස දුක්විඳින සමහර ජීවිත වෙනස් වන්නට යන්නේ ඉතා සුළු මොහොතක්. ඒ උත්සාහයන් සාර්ථක වන අවස්ථා ඇති බව මේ සිද්ධියෙන් අපට තේරුම් යනවා. සමහර වෙලාවට ජීවිත වැටෙනවා බින්දුවටම. ඒත් ආපහු නැගිටින්නේ හිතේ හයියෙන් නොහිතන මොහොතක ජීවිත උඩියටිකුරු කරගෙනයි. බුදු දහමට අනුව අපි සියල්ලන්ම ගෙනා කර්ම ශක්තිය මතයි. ඒ දෙවල් විසඳෙන්නේ අපිට අදහාගන්න බැරි විදියටයි. ඒ වගේ කතාවක් පසුගියදා අසන්නට ලැබුණා.

මොහොමඩ් මිෂ්ෆක්, රැකියාවක් සඳහා ඩුබායි බලා යන්නේ වයස අවුරුදු 26දීයි. දැන් ඔහුගේ වයස 36ක්. ඔහු ශ්‍රී ලාංකිකයෙක්. මිෂ්ෆක් අවුරුදු 10ක් තිස්සේ රැකියාව කරන්නේ ඩුබායිවල පෞද්ගලික ආයතනයක අලෙවි නිලධාරියකු ලෙසයි. මාසික වැටුප වශයෙන් ලැබුණේ ඩිරාම් 7,000ක මුදලකි. ඔහුට විශාල බලාපොරොත්තුවක් වගේම ආශාවක් තිබුණා තම බිරියව සහ දරුවන් දෙදෙනාව එක මොහොතකට හරි ඩුබායි රටට නිවාඩුවකට ගෙන්වා ගන්න. ඒත් ඒ බලාපොරොත්තුව ඉෂ්ට කරගැනීමට නොහැකි වූයේ ඔහුට සරිලන වැටුපක් නොලැබුණු නිසයි.

මේ අතර මිෂ්ෆක් තම මිතුරන් 20 දෙනකු දායක කරගෙන අබුඩාබිහි දිනුම් අදින “බිග් ටිකට්” නම් ලොතරැයියක් මිලදී ගෙන තිබුණේ එයින් හෝ ජීවිතය ගොඩයන්නට හැකි වේ යැයි හිතේ හීනයක් ඇතිවයි. ඒ ලොතරැයිය තනිව මිලදී ගන්නට පවා ඔහුට හැකියාවක් තිබුණේ නැහැ.

අබුඩාබිහි “බිග් ටිකට්” ලොතරැයිය ඒ රටේ සෑම මසකම 03 වැනිදා දිනුම් අදිනු ලබනවා. දැනට අවුරුදු 29ක් (1992 වර්ෂයේ) තිස්සේ මෙම ලොතරැයිය දිනුම් අදිනවා. මෙහි ත්‍යාග වශයෙන් ඩිරාම් මිලියන 10 සිට ඩිරාම් මිලියන 20 දක්වා ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරනමනවා. මේ ලොතරැයියෙන් බොහෝ දෙනකුගේ සිහින සැබෑ කරගන්නට හැකිවෙනවා. මෙම ටිකට්පතක මිල වනුයේ ඩිරාම් 500කි. (ශ්‍රි ලංකා මුදලින් රුපියල් 26,500/-කි) මෙම මුදලට වැට් අගයද එකතු කරලයි ටිකට් පත අලෙවි කරන්නේ. සමහර අවස්ථාවලදී ලොතරැයි 02ක් මිලදීගත් විට අමතර ටිකට්පතක් නොමිලයේ ලබාදෙනවා. මෙයින් දිනුම් අවස්ථා තුනක් උදාකරයි. ඒ අනුව පසුගිය මැයි 03 වැනිදා 227 වැනි දිනුම් ඇදීමේ වාරයේ දී ප්‍රථම ජයග්‍රාහණය හිමිවුණේ ශ්‍රී ලංකාවේ මොහොමඩ් මිෂ්ෆක්ටයි. ඔවුන් මේ ලොතරැයිය මිලදී ගන්නේ දැනට අවුරුදු 1 1/2ක සිටයි. මේ දිනුම් ඇදීමේ පළමු ත්‍යාගය වන ඩිරාම් මිලියන 12ක මුදලක් ජයග්‍රහණය කිරීමට ඔවුන් වාසනාවන්ත වුණා.

ලොතරැයියේ සෙසු ත්‍යාග අබුඩාබිහි සේවය කළ විවිධ රටවල පුද්ගලයන්ට හිමිවුණා. ඒ අනුව දෙවැනි, තෙවැනි, හයවැනි සහ අටවැනි ත්‍යාග සමග මෝටර් රථ ජයග්‍රහණය ඉන්දියාවේ පුද්ගලයන්ටද, හතරවැනි ත්‍යාගය ඩුබායිවල පුද්ගලයෙයකුටද, පස්වැනි ත්‍යාගය පකිස්ථානයටද, හත්වැනි ත්‍යාගය පිලිපීනයටද වශයෙන් ජයග්‍රහණ හිමිවුණා.
දිනුම් අදින අවස්ථාවේ මිෂ්ෆක් සිටියේ සිය මවුබිම වන ශ්‍රී ලංකාවට පැමිණයි. ඒ තම පියාගේ ශල්‍යකර්මයට මුදල් සොයාගැනීමට නොහැකිව අසීරු මොහොතකයි. ඔහු නොසිතන මොහොතක දුරකතන ඇමතුමක් ඔහුට ලැබුණා. ඒ, අබුඩාබිහි බිග් ටිකට් ලොතරැයිය දිනුම් ඇදීම ඉදිරිපත් කරන රිචඩ් ඉසාක් සහ බව්ච්රා ගෙන්. ඒ, පළමු ත්‍යාගය වන ඩිරාම් මිලියන 12ක මුදල (ශ්‍රී ලංකා මුදලින් ආසන්න වශයෙන් රුපියල් මිලියන 643 හෙවත් කෝටි 64ක් පමණ වේ) ජයග්‍රහණය කිරීමට මිෂ්ෆක් සමත්ව ඇති බව දන්වමින්. අනුක්‍රමික අංකය 054978 වශයෙන්ද ඔහුට දැනුම් දුන්නා. මෙයින් ඔහුට ඉවසුමක් නැතිවුණා. සතුටෙන් ඉපිල ගියා. මේ අතරතුර ඔහුට දුරකතන ඇමතුම් විශාල ප්‍රමාණයක් ගලා ආවා. ඔහුට දැනෙන්නට ඇති මේ මුළු ලෝකේම ඔහු අතට පත්වුණා වගේ. ඒ අවස්ථාවේ දුරකතනයෙන් ඔහු හැඟීම් ප්‍රකාශ කළේ මෙහෙමයි.

“මගේ කොටස ඩිරාම් 600,000ක් (ශ්‍රී ලංකා මුදලින් ආසන්නව රුපියල් 31,800,000 පමණ වන අතර) මේ සඳහා මම කෘතඥපූර්වක වෙනවා. මගේ පියා ශල්‍යකර්මයකට භාජන වුණා. මේ මුදල් එයට වියදම් කරන්න පුළුවන් වීම ලොකු පහසුවක් වෙනවා. ටිකට් පතට දායක වූ අනෙක් අය මා මෙන්ම අතිශයින් සතුටට පත්ව සිටිනවා. හැකි ඉක්මනින් තෑගි මුදල ගන්න කියලා ඔවුන් මට කිව්වා. මගේ අඩු වැටුප නිසා මගේ පවුල ඩුබායි ගෙන ඒමට මට නොහැකි වුණා. මම දිනුවා යැයි කීමට රිචඩ් මට කතා කළ විට, මගේ සතුටට සීමාවක් නැති වුණා” යනුවෙන් මිෂ්ෆක් තම සතුට ප්‍රකාශ කර තිබුණා.

ඔහු කියා සිටියේ දිනාගත් මුදලින් වැඩි ප්‍රමාණයක් තම පවුලේ මූල්‍ය ගැටලු විසඳීමට සහ තම බිරියට සහ දරුවන් දෙදෙනාට ගෙයක් සාදා දීමට යොදවන බවයි.

වැඩිපුර සල්ලි ලබන්න බොහෝ අය කැමතියි. ඒ මුදල් අපි යහපත් ලෙස ඉපයිය යුතුයි. ඒ වගේම මුදල් නිසි කළමනාකරණයක් නොකළහොත් ලැබුණු දෙයින් ප්‍රතිඵලයක් නැතුව යනවා. එක රැයකින් ඔහුගේ ජීවිතය වෙනස් කරගැනීමට ඔහුගේ දෛවයට හැකිවුණා. ඒ ඔහුගේ උත්සාහය සහ වාසනා ශක්තිය නිසයි. ඔහුට සමෘද්ධිමත් ජීවිතයක් ළඟාකරගන්න ශක්තිය ධෛර්ය මෙන්ම අප සියලු දෙනාගේ ආශීර්වාදය ලබාදෙමු.

නිලන්ති රේණුකා

SendShareShare
Previous Post

කොළඹ-ගම්පහ-කළුතර එන්නත විදින තැන් මෙන්න: මෙතනින් වෙලාව වෙන්කරගන්න

Next Post

මැරෙන්න යන ජනතාව ජීවත් කරවන්න සජිත් ‘විපක්ෂයෙන් හුස්මක්’ පිඹී (VIDEO)

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීම ගැන කතාකරන්න අනුර දිස්ත්‍රික් ලේකම්වරුන්-අමාත්‍යංශ ලේකම්වරුන්-දෙපාර්තමේන්තු ප්‍රධානීන් කැඳවයි! I Sri Lanka Latest News
Exclusive

ජනාධිපති කෝච්චි බස් ගැන දැඩි තීන්දුවක් ගනී! Sri Lanka Latest News

එහෙන් මෙහෙන් එහෙට මෙහෙට ගණන් හදන… සල්ලිවලට කොළේ වහල ගේම ගහන… අර ලොක්කව මේ ලොක්කව ෆෝම් කරන… ඡන්ද කාලෙ පැටව් ගහන ගණන් හැදුම…
Exclusive

ගෙවල් ඇතුළේ ආර්ථිකය 51.4%කින් කඩාවැටිලා! ජන මතයකින් හෙළිවෙයි! Sri Lanka Latest News

මාලිමාව ඉවරයි! දැන් තියෙන්නේ JVP එක! මෙන්න උදාහරණ! VIDEO I Sri Lanka Latest News
Exclusive

ජවිපෙ – මාලිමාව රට පුරා පාරට බහින සූදානමක්! Sri Lanka Latest News

මහා ජන සන්නිපාතය හමුවේ සජබ නායක සජිත්ගෙන් අනුරට විවෘත අභියෝගයක්! පුළුවන්නම් පළාත් සභා ඡන්දය තියන්න!  LIVE VIDEO I Sri Lanka Latest News
Exclusive

23 වැනිදා සජිත් මුළු විපක්ෂයම කොළඹට කැඳවයි! Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.