කොරෝනා වයිරසය සමග සටන් කිරීමේදී රටේ ණය ගැනීමේ සීමාව ඉහළ නැංවීම අත්‍යවශ්‍ය බවත්, ඒ අනුව වහාම පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනැවිත් එම ණය සීමාව ඉහළ නැංවීම සම්මත කර ගන්නා ලෙසත් හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ආණ්ඩුවෙන් ඉල්ලීමක් කර අැත.
2020 ජනවාර් 01 දින සිට 2020 අප්‍රේල් 30 දින දක්වා කාලය සදහා 2019 ඹක්තෝබර් 23 වන දින පාර්ලිමේන්තුවේ යෝජනාවක් මගින් අනුමත කරන ලද ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 721ක් බවත්, දැනටමත් මෙම කාලසීමාව තුළ ආණ්ඩුව ඩොලර් බිලියන 650.15ක ණය ලබාගෙන තිබෙන බවත් හිටපු මුදල් අමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
පවතින තත්ත්වය මත මෙම ණය සීමාව ඉක්මවා යනු ඇති බවත්, ඒ අනුව වහාම පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගෙනැවිත් ණය සීමාව ඉහළ දැමීමට කටයුතු කළ යුතු බවත්, නොඑසේනම් නීතිමය ගැටලුවකට මුහුණ දීමට ආණ්ඩුවට සිදුවනු ඇති බවත් හිටපු මුදල් අමාත්‍යවරයා පෙන්වා දී ඇත.










