ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සභාපති මෛත්‍රිපාල සිරිසේන මහතා පක්ෂය ඇතුළේ ගෙන යන ක්‍රියාපිළිවෙතට විරෝධය පළ කරමින් පක්ෂයේ ප්‍රබල සාමාජිකයන් 4 දෙනකු මෙම සතියේ පොහොට්ටටුවට එක්වීමට සූදානමින් සිටී.
මේ වනවිට පොහොට්ටුවේ අපේක්ෂකයා නම් කර තිබියදී්ත් පක්ෂය ජනාධිපතිවරණයට අපේක්ෂකයකු ඉදිරිපත් කරනවාද, එසේත් නැතිනම් පොහොට්ටුව සමග එක්වනවාද යන්න තීන්දු කිරීම පමා කිරීම සම්බන්ධයෙන් මෛත්‍රිපාල සිරිසේන මහතාට විරෝධය පා මෙම තීන්දුව ගැනීමට එම නියෝජිතයන් තීන්දු කර ඇත.
ඒ අනුව පොහොට්ටුවට එක්වන මෙම ශ්‍රීලනිප ජ්‍යෙෂ්ඨයන් හතර දෙනාගේ කණ්ඩායමට නිමල් සිරිපාල ද සිල්වා මහතා නායකත්වය දෙන බවද දැනගන්නට ඇත.











