• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

බබා පාට් එකෙන් කරපු බබ්බු බිස්නස් එක

December 29, 2020
in Uncategorized
Reading Time: 5 mins read
A A
Share on WhatsAppShare on Facebook

ගේම් තියෙනවා එක එක ජාතියෙ. මිනිස්සු විකුණනවා විකිණෙනවා. ඒක තමයි විදිය. ඒකෙ හරියක් වරදක් හොයන්න බෑ. දැන් මේ ලංකාවම ගේම් එකක්. ඒ නිසා මේ අකුරු පරිස්සමට කියවගන්න. සමහර වෙලාවට ගේම් ලස්සනට පේන්න ගන්නවා. ඊට පස්සෙ අකුරු කැත වෙනවා. ගේම්කාරයො “මරු” වෙන්න වෙන්න ඒ ගේම් එකට එරෙහි වෙන එක ගොන් පාට් එකක් වෙනවා. ඒ නිසා මේ ගේම් අස්සෙ කරක් ගැහිල්ලත් ගේමක්.
මොකද මිනිස්සුන්ගෙ හුස්ම අස්සෙ ගේමක් ගහගන්න එකෙක්ට අපිට ගේමක් ගහන එක නතිං. ඒ නිසාම අපි මේ ගමන යන්නෙ බොහෝම පරිස්සමට. ඒ නිසා මේ කතාවල අගමුල අපෙන් අහන්න එපා. මොකද අපිට එහෙමයි කියලා කියන්න බෑ සමහර දේක වැඩිදුර විස්තර මොනවාවත්ම.
කෙළින්ම බහිමු කතාවට. සමහර වෙලාවට ජීව විද්‍යාත්මක ප්‍රශ්න, සමහර බෙහෙත් හේත් ප්‍රශ්න, සමහර වෙලාවට මානසික ප්‍රශ්න. මේ මොනවම හරි බලපාල සමහරුන්ට දරුවො ලැබෙන්නෙ නෑ. ඒක කාලයත් එක්ක ටිකක් වැඩි වෙලා. මේ වෙනකොට තමන්ට දරු සම්පත් නෑ කියලා බරපතළ අපහසුතාවට පත් වුණ පවුල් විශාල ප්‍රමාණයක් ඉන්නවා. හරියට පරීක්ෂණයක් කළොත් එහෙම ලැයිස්තුවක්ම ඔබටත් හොයාගන්න පුළුවන්. ඒක ඒ තරම්ම ලේසියි. ඔබේ අහල පහළත් දන්න කියන පවුල්වලත් එහෙම වෙන්න පුළුවන්. සමහර විට ඔබේ පවුලේ වෙන්න පුළුවන්. තවත් සමහර විටක ඒ ප්‍රශ්නය ඔබේ වෙන්නත් පුළුවන් .
ඒක මේ ලෝකෙ තියෙන ලොකුම ප්‍රශ්නය නෙමෙයි. ඒත් ඔබ කියාවි තුවාලෙ තියෙන කෙනානෙ තුවාලෙ වේදනාව දන්නෙ කියලා. ඒත් ඇත්තටම මේ ලෝකෙ බැඳීම් වැඩි වෙන තරමටයි ප්‍රශ්න වැඩි.

කොහොම නමුත් අපි මේ උත්සහ කරන්නෙ ඒකට උත්තර දෙන්න නෙමෙයි. ඒත් ප්‍රශ්න අලුත් මූණකින් එන එක නතර කරන්න. මොකද ඔබට ප්‍රශ්නයක් තියෙන කොට ඒ ප්‍රශ්න අස්සෙ ඔබව හිරකරලා ගේමක් ගහන්න බලාගෙන ඉන්න අය ඉන්නවා. ඒ අයට ඔබව කොටු කරගන්න හරිම ලේසියි. මොකද යකඩයක් වුණත් රත්වුණාම තලන්න පුළුවන්.
දරුවො නැති අයට දරුවො හදාගන්න දෙන්න කැමති අයව හොයාගන්න උදව් කරන්න අය ඉන්නවා. එහෙම ඉන්න අය අතරෙ මෙන්න ඒකටත් ඒජන්සි සෙල්ලමක් පටන් අරගෙන. මේ ඒජන්සිය තියෙන තැන වැඩක් නෑ. ඒක හොයා ගන්න එක අඳුන ගන්න එක ඔයාලගෙ වැඩක්. මොකද මේ ආයතනවල නම් ගම් කියන්න අපිට බෑ.
හැබැයි අපි මේ සිදුවීමට අදාළ ෆේස්බුක් ගිණුම අස්සෙ ටිකක් කරක් ගහලා බැලුවා. මේ සටහන දැක්කෙ ඊට පස්සෙ. මේ සටහනට අදාළ කතාව සීයට සීයක්ම එහෙම පිටින්ම උපුටා ගැනීමක්. වගකීම් සියල්ල අදාළ ෆේස්බුක් ගිණුම සතුයි.
“හිතවතුනි, අවසන ගර්භාශ දේවෝත්තමයාගෙ සියලු කෙළි එතෙකින් නිමාවට පත් විය”
“කෝ උබලා මොනාද කරේ ඌව කෝ ඇරෙස්ට් කොළාද?” අහපු උන්ට දැන් දෙන්නට උත්තරයකි.
පුරවැසියන් ලෙස සිහිනෙන්වත් සැක නොකළ බිලිඳු ජාවරමක් ගැන අවදිව සිටින ඇසින් බලා මා ඇතුළු බොහෝ සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන් තමන්ගෙ පුරවැසි වගකීම නිසිලෙස ඉටුකොට තිබුණෙ බොහෝ කලකට පෙරය.
තිබුණේ හුදෙක් නෛතික පමාවකි. මීට කලින් වතාවෙ මේ ජාවාරම්කරු අත්අඩංගුවට ගැනීමට ළමාරක්ශක අධිකාරියෙ විශේෂ පොලිස් කණ්ඩායමක් පිටත්ව ගියත් ඔහු සිය නිවසේ නොසිට පළා ගියේය. ඉන්පසු මුදලට ගිජු නීති සහයෙන් පොලිසීයට ගොස් වැඬේ ෂේප් කරගත්තේ අඩුම තරමේ එක විනාඩියක් හෝ කූරු නොගැනය. නමුත් කිසිවෙක් නොවේ උත්සහය අත් හැර දැමුවෙ.

ඊයේ හවස් භාගයේ ඔහු විශේශ පොලිස් ඒකකයක් මගින් කළ විශේෂ වැටලිමකින් අත්අඩංගුවට පත් විය. ඒ සාක්කි සාධක අතටම අල්ලා බෙල්ල මුලින් කොටු කරගත් මෙහෙයුමකිනි.
අද උසාවියට ඉදිරිපත් කරන CSC Nation Lanka අධිපති මංජුල උක්වත්ත කොටු කරගැනීමෙ මෙහෙයුම පිටුපස එකී නොකී නම් ගම් කිව හැකි නොහැකි බොහෝ දෙනා සිටිති.
ඒ සියලුදෙනාට මගෙ හදපිරි ගෞරවාචාරය පුදනතුරේ ඔබගෙන් ඉල්ලා සිටිමට ඇත්තේ දීප්තිමත් පිටකවර දැමු බොහෝ පොත්වල ඇතුළාන්තය ඔබ හිතන තරම් සොඳුරු නැත. කරුණාකර සමාජය දෙස අවදි උන දෑසින් බලන්න.
මේ සොඳුරු ලෝකයේ රකුසන් ඉන්නෙ වෙස්වලාගෙනය. මේ කොටු කරගත්තෙ ලංකා ඉතිහාසයෙ මෙතෙක් හසුකරගත් විශාලතම ළදරු ජාවරම්වලින් එකකි.
“චාන්‍යා”
මේ සටහන තිබුණෙ අදාළ පුද්ගලයාගේ නමින් පවත්වාගෙන ෆේස්බුක් ගිණුමකට ඈඳලා පළකරලා. ඊට යටින් සටහන් කරලා තිබුණ නම තමයි මේ සමග තියෙන්නෙ.
ඔහුගෙ ගිණුමෙ හැම තැනම තියෙන්නෙ කරුණාව දයාව මෛත්‍රිය දෝරෙ ගලපු සටහන්.
“පණ දෙන්නම් කියා ආදරේ කරලා යම් හෙයකින් කුසට දරුවෙක් ආවාම ගබ්සා කරපං නැත්තම් තෝවයි බඬේ ඉන්න එකාවයි දෙන්නාම මරලා දානවා කීවාම අවිවාහක පෙම්වතියක් හෙවත් ගර්භණියක් කුමක් නම් කරන්නද, සමහර අය කියන්නේ තෝ අවලමියක් වේසාවියක් වටේ ගිය වනචරියක් කියාය.
නැහැ CSC Nation Lanka අපි නම් එහෙම කියන්නේ නැහැ. අපිට මේ ජීවිත දෙකම වටිනවා ගර්භණීය අපිට උත්තරීතර අම්මෙක්, කවුරු මොනවා කීවත් අපි ඔබත් කුසේ ඉන්න කිරිසප්පයත් සුරකිනවා.
ඒ නිසා අනිසී ගැබ් ගැනීමක් නම් ඔබ නොබියව අප වෙත එන්න. අපි ඔබව සුරක්ෂිත කරලා ඔබටත් කිරිසප්පයාටත් ජීවිතයක් දෙනවා ඒකාන්තයි
“යූ.ඒ.එස්. මංජුල ලසන්ත උක්වත්ත”
අපි මේ සටහනත් සම්පූර්ණයෙන්ම උපුටා ගත්තා. හැබැයි ඒකෙ තිබුණ දුරකථන අංක කීපය පමණක් අයින් කළා.
“අවංකව යැයි ඇය විශ්වාස කළ ප්‍රේමය ඇගේ කුසට දරුවෙක් පිළිසිඳගත් දාසිට මගහැර ගියේය.
ඇය ඒ බව තමන්ගේ පවුලේ අම්මා, තාත්තා, සහොදර, සහෝදරීයන්ට පැවසූ පසූ, ඇය ගෙදරින් එලවා දැමීය.
ඇය උත්සාහ කළේ සියදිවි නසාගන්නටය.

ඒ ඉරණම වෙනස් කළේ අධ්‍යාත්මික සමාජයක් සදහා වන සමාජීය පරිවර්තනයක් සදහා වූ ජාතික ආයතනයේ සභාපති යූ ඒ එස් මංජුල ලසන්ත උක්වත්ත මහත්මායි, ඇයට ජීවිතය ආදරය සෙනෙහස ආරක්ෂාව ලැබීමෙන් පසු මීට දින කීපයකට මත්තෙන් පුත් කුමරෙකු බිහිකළේය. ඒ ජිවිත දෙකම අද ඉමහත් ඉහළින් සුරක්ෂිතය, පව්කාර ප්‍රේමවන්තයා ආගිය අතක් නැත. ඔහු මුල සිටම සැලසුම් කර තිබූණේ දරුවා ගබ්සා කරන්නටය.
ආදරයණීය කාන්තාවනී, ගබ්සා කරන්න හෝ සියදිවි නසාගන්න හෝ සිහිනයකුදූ සිතන්නට එපා. මොන ආකාරයට ගැබ්ගත්තත් ඔබ අපිට උත්තරීතර මාතෘත්වයෙන් පිදු ලැබූ මව්තුමියෙක්මයි, අපි හිතන්නේ එලෙසමයි, අපි ඔබේ ජීවිතයට හා ඔබේ කුසෙහි ඉන්න කිරිසප්පයට පණ සේ ආදරෙයි. අපි ඔබව තනිකරන්නේ නැහැ. ඔබට අවනම්බුවක් වෙන්න ඉඩ තියන්නෙත් නැහැ, අනිවාර්යයෙන් ඔබව සුරකිනවා. ඔබට ජීවිතයක් දෙනවා. කතා කරන්න ඕනෑම ප්‍රශ්නයක්”
මේකත් එහෙමම එකක්. ආයතනයේ නම සහ තොරතුරු කීපයක් ඉවත් කරපු උපුටා දැක්වීමක්.
මේ මහත්තයා මීට වසරකට විතර කලින් හරිත ලෝකයක් වෙනුවෙන් හීන දැකපු කෙනෙක්. මේ හැම දරුවො ගැන හීනෙ දකින්න ගන්නෙ ඊට හුඟ කාලෙකට පස්සෙ වෙන්න පුළුවන්. සමහර විට මේවා ඔක්කොම එක පාරම ආපු සිතිවිලි වෙන්නත් බැරි නෑ. හැබැයි කොහොම නමුත් මේක නිවැරදි නීතිමය පසුබිමක නොවුණාය කියලයි කියන්නෙ. හැබැයි ඔහු මේ කිසිවක් රහසින් නොකළ බව නං ඔහුගෙ ෆෙස්බුක් ගිණුම බලන ඕනෑම කෙනෙක්ට පැහැදිලි වෙනවා.

ජීවන පහන් තිළිණ

SendShareShare
Previous Post

දැන්ම ලෑස්ති වෙන්න: 2021දී ආණ්ඩුවෙන් රස්සා ලක්ෂ 2ක් (PHOTOS)

Next Post

ලංකාව දකුණු අප්‍රිකාවට පරදිද්දී ඉන්දියාව ඔස්ට්‍රේලියාවට දුවන්න ගහයි

MORE NEWS

හෝමාගම රෝහල ළඟ නිදාගෙන හිටපු වයෝවෘද්ධ යාචකයෙක්ව ගිනිතබා මරලා! Sri Lanka Latest News
Uncategorized

හෝමාගම කර්මාන්ත ශාලාවේ ගින්නෙන් 5ක් මරුට! හිරවී සිටින අය සොයා තවදුරටත් මෙහෙයුම්! I Sri Lanka Latest News

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.