• About us
  • Contact us
Thursday, July 23, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දැන්ම ලෑස්ති වෙන්න: 2021දී ආණ්ඩුවෙන් රස්සා ලක්ෂ 2ක් (PHOTOS)

December 29, 2020
in Exclusive
Reading Time: 5 mins read
A A
දැන්ම ලෑස්ති වෙන්න: 2021දී ආණ්ඩුවෙන් රස්සා ලක්ෂ 2ක් (PHOTOS)
Share on WhatsAppShare on Facebook

ග්‍රාමීය ආර්ථිකය ගොඩනැගීමේ වැඩසටහන යටතේ සමෘද්ධිලාභීන් ජීවනෝපාය මාර්ග වෙත යොමුකිරීමේ ක්‍රියාවලියේ නායකත්වය සමෘද්ධි කළමනාකරුවන්ට සහ සමෘද්ධි සංවර්ධන නිලධාරීන්ට හිමිවන බව ආර්ථික පුනර්ජීවන හා දරිද්‍රතාවය තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධන බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පවසයි.

ඊයේ (28) අරලියගහ මන්දිරයේදී සමෘද්ධි කළමනාකරුවන් සමඟ පැවති සාකච්ඡාවට එක්වෙමින් බැසිල් රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේය.

සමෘද්ධි ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා හා ව්‍යාපාර සංවර්ධනය සම්බන්ධයෙන් ගනු ලබන ඉදිරි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් මෙම සාකච්ඡාව පැවැත්විණි.

ග්‍රාම නිලධාරී වසම් මට්ටමින් කාන්තා ව්‍යවසායකයින් තෝරාගෙන, ව්‍යපාර පවත්වාගෙන යාමේ පුහුණුව සහ පහසුකම් සලසා දී ග්‍රාමීය කාන්තාව බලගැන්වීමටත් තරුණ විරැකියා ගැටලුවට විසදුම් ලබා දීමටත් මෙවර අයවැයෙන් වැඩි අවධානයක් යොමු කර ඇත.

කෘෂිකර්ම, සත්ව පාලන, ධීවර, පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, ගෘහ ආශ්‍රීත කර්මාන්ත, ආදී ස්වයං රැකියාමය අවස්ථා 200000 සඳහා මෙලෙස පහසුකම් සැලසීම සඳහා රජය අපේක්ෂා කරයි. මෙම වැඩපිළිවෙළ හරහා බිහිවන ග්‍රාමීය නිපැයුම් සඳහා අවශ්‍ය වෙළෙඳපොළ නිර්මාණය කිරීම කෙරෙහිද අයවැයෙන් අවධානය යොමු කර තිබෙන අතර ඒ වෙනුවෙන් නව වෙළෙඳසැල් 25000ක් ඇරඹීමටද නියමිතයි.

මේ නිසා දිවයිනම ආවරණය වන ශක්තිමත්ම දෙපාර්තමේන්තුව වන සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට 2021 අයවැය ග්‍රාමීය මට්ටමින් ක්‍රියාත්මක කිරීමේදී විශේෂ වගකීමක් පැවරෙන බව බැසිල් රාජපක්ෂ මහතා පැවසුවේය.

සමෘද්ධිලාභීන් සහ ඔවුන්ගේ පවුල් ගොඩනැංවීම වෙනුවෙන් සමෘද්ධි සංවර්ධන දෙපාර්තමේන්තුවට මසකට බිලියනයක් පමණ වැය වෙයි.

විරැකියාවෙන් පෙළෙන සමෘද්ධිලාභීන් ජීවනෝපාය සංවර්ධන කටයුතුවලට යොමුකර, ශක්තිමත් ආර්ථිකයක් ඇති පිරිසක් ලෙස බලගැන්වීම සඳහා ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටු සමඟ එක්වෙමින් කටයුතු කරන ලෙසද ඒ මහතා සමෘද්ධි කළමනාකරුවන්ට උපදෙස් දුන්නේය.

රජය අපේක්ෂා කරන අරමුණු සාර්ථක කර ගැනීම සඳහා කාන්තා ව්‍යවසායකයින් ඇති කිරීමේදී මූල්‍ය සාක්ෂරතාවය ලබාදෙමින් ඔවුන්ගේ ව්‍යාපාර සංවර්ධනය වෙනුවෙන් මගපෙන්වීම මෙන්ම විරැකියාවෙන් පෙලෙන ග්‍රාමීය තරුණ තරුණියන් සඳහා සුදුසු ජීවනෝපාය මාර්ග කෙරෙහි වැඩි අවධානයක් යොමු කරන ලෙසද එහිදි බැසිල් රාජපක්ෂ මහතා වැඩිදුරටත් උපදෙස් දුන්නේය.

මෙම සාකච්ඡාව සඳහා රාජ්‍ය අමාත්‍යවරුන් වන ෂෙහාන් සේමසිංහ, සීතා අරඹේපොළ, අජිත් නිවාඩ් කබ්රාල් ඇතුළු රාජ්‍ය නිලධාරින් පිරිසක් සහභාගි වූහ.

SendShareShare
Previous Post

මහින්දගේ අතට මිලියන 1.28ක මුදලක් (PHOTO)

Next Post

බබා පාට් එකෙන් කරපු බබ්බු බිස්නස් එක

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.