එක්සත් ජාතික පක්ෂයේ බදුල්ල දිස්ත්‍රික් නායකයා වන පාර්ලිමේන්තු මන්ත්‍රී හරීන් ප්‍රනාන්දු මහතා එළඹෙන මහමැතිවරණයේදී ගම්පහ දිස්ත්‍රික්කයෙන් තරග කිරීමට සූදානමින් සිටින බව දැනගන්නට තිබේ.
පසුගිය වසර හතරහමාරක කාලය පුරා බදුල්ල දිස්ත්‍රික් ජනතාව අතර හරීන් ප්‍රනාන්දු මහතා විශාල ලෙස අප්‍රසාදයට පත්ව තිබීමත්, නැවත වතාවක් බදුල්ලෙන් තරග කොට ජයග්‍රහණය කිරීමේ අවස්ථාවක් හරීන් ප්‍රනාන්දුට නොමැති බව වාර්තා වී තිබීමත් මේ සදහා හේතු වී ඇති බව දැනගන්නට ඇත.
කවදත් එක්සත් ජාතික පක්ෂයට වාසිසහගත දිස්ත්‍රික්කයක් වන බදුල්ල පසුගිය ජනාධිපතිවරණයේදී හරීන් ප්‍රනාන්දු මහතාට අතිශය හිතවත් පුද්ගලයකු වන සජිත් ප්‍රේමදාස මහතා ඉදිරිපත්ව සිටියදීත් පරාජයට පත්ව තිබිණ.
එම පරාජයට හේතුව හරීන් ප්‍රනාන්දු මහතාට දිස්ත්‍රික්කය තුළ ඇති අප්‍රසාදය බවද පැවසේ.
කෙසේවෙතත් ගම්පහ දිස්ත්‍රික් එජාප නායකයා වන ජෝන් අමරතුංග මහතා දේශපාලනයෙන් සමුගන්නා බව ප්‍රකාශ කිරීමත් සමග හරීන් ප්‍රනාන්දු මහතා ගම්පහට පැමිණීමට මාන බලමින් සිටින බව දැනගන්නට ඇත.