පොලිස් සේවයේ අධිකාරී ශ්‍රේණියේ නිලයන්ද ඇතුලු පුරප්පාඩු 6337ක් පවතින බව පොලිස් ආරංචි මාර්ග සදහන් කරයි.
පොලිස් සේවයේ නියෝජ්‍ය පොලිස්පතිධුර 02ක්, පොලිස් අධිකාරී ශ්‍රේණියේ තනතුරු 95ක් ඇතුළුව විවිධ පොලිස් තනතුරුවලින් බදවා ගැනීමට අනුමත නිලධාරීන් ගණන 7615 දෙනෙකි. ඒ අයගෙන් නියෝජ්‍ය පොලිස්පති ධූර දෙකද පොලිස් අධිකාරී ශ්‍රේණියේ නිලයන්ගෙන් 88 ක්ද ඇතුළුව 6337ක්ම ඇත්තේ පුරප්පාඩුවය.
පොලිස් මූලස්ථාන දත්තයන්ට අනුව සහයක සේවයේ සිටින්නේ නිලධාරීන් 1278 දෙනෙක් පමණි.
පිරවීමට පුරප්පාඩු රැසක් පොලිස් සේවයේ තිබියදී පොලිසියේ ස්ථිර සේවා නිලධාරීන්ගේ සංඛ්‍යාව ලක්ෂය දක්වා වැඩි කර ගැනීමට පොලිස් මූලස්ථානය සූදානම් වේ.
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිර්නායකයන්ට අනුව ජනගහනයෙන් ලක්ෂයකට සිටිය යුතු පොලිස් නිලධාරීන් සංඛ්‍යාව වන්නේ 222කි. ඉන්දියාවේ එම ගණන 150ක් වන අතර බංලගලාදේශයේ 160කි. එක්සත් රාජධානියේ 208කි. ස්විඩනයේ 195කි. හොංකොන්වල 462 කි. ශ්‍රී ලංකාවේ තත්වය 248කි.