කොරෝනා රෝගයට ‘සුදර්ශනී පැණිය’, ‘ධම්මික බණ්ඩාර පැණිය’ උචිත බව ප්‍රසිද්ධියේම කියා සිටි රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා මේ වනවිට කොරෝනා එන්නතක් ලංකාවට ගෙන්වා ගැනීම සම්බන්ධයෙන් සාකච්ජා ආරම්භ කොට ඇති බව සදහන් කරයි.
ඒ අනුව චීනය සහ රුසියාව සමග සාකච්ජා ආරම්භ කොට ඇති බව ඒ මහතා අනාවරණය කොට ඇත.
බොහෝදුරට පෙබරවාරි මාසය වනවිට එන්නතක් ලංකාවට ගෙන්වා ගත හැකි බවද ඒ මහතා පෙන්වා දී තිබේ.










