පාස්කු ප්‍රහාරයෙන් හානියට පත්වූ වින්දිතයන්ට පෞද්ගලිකවම වන්දි ගෙවන ලෙස ජනාධිපති කොමිෂන් සභා වාර්තාව මඟින් හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු ඉහළ පෙළේ චූදිතයන් කිහිපදෙනකුටම නිර්දේශ කොට ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.
මීට අමතරව අදාළ චූදිතයන් සියලු දෙනාටම එරෙහිව අධිකරණය හමුවේ නඩු පවරන ලෙස අදාළ වාර්තාව මඟින් නිර්දේශ කර ඇති බවද දැනගන්නට තිබේ.
විල්පත්තු වන විනාශය හේතුකොටගෙන හිටපු අමාත්‍ය රිෂාඩ් බදුර්දීන් මහතාට නැවැතත් විල්පත්තු වනයේ ශාක රෝපණය කරන ලෙසට ලබාදුන් අධිකරණ තීන්දුව අනුව යමින් මෙසේ පාස්කු ප්‍රහාරයෙන් හානියට පත් පවුල් සඳහා මෛත්‍රිපාල සිරිසේන මහතාට පෞද්ගලිකවම වන්දි ගෙවන ලෙස එම කොමිසම මඟින් නිර්දේශ කොට ඇති බවද දැනගන්නට තිබේ.