පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වීමට නියමිත බවට එවක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතාගේ පියා වන නිහාල් ප්‍රනාන්දු මහතා දැනගත් ආකාරය පිළිබදව මේ වනවිට අනාවරණය වී තිබේ.
පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් සොයා බලන ජනාධිපති කොමිසමේදී මේ බව අනාවරණය විය.
ඒ අනුව පාස්කු ප්‍රහාරය සිදුවූ අප්‍රේල් 21 වන දිනට පෙර දින, එනම් අප්‍රේල් 20 වන දින පෙරවරු 8.12ට පමණ නිහාල් ප්‍රනාන්දු මහතාට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නන්දලාල් නමැති නිලධාරියකු කතා කොට මෙවැනි ප්‍රහාරයක් සිදුවිය හැකි බවට අනතුරු ඇගවීමක් කර තිබේ.
නන්දලාල් යනු මාවනැල්ලේ බුදුපිළිම කඩාදැමීම සම්බන්ධයෙන් සහ වනාතවිල්ලුව පිපිරුම සම්බන්ධයෙන් පරීක්ෂණ මෙහෙයවූ නිලධාරියාය.
එම දුරකතන ඇමතුම විනාඩි 6ක් පමණ සිදුව ඇති අතර ඒ වනවිටත් නිහාල් ප්‍රනාන්දු මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් නවලෝක රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිට ඇත.
කෙසේවෙතත් අදාළ ඇමතුමෙන් පසු නිහාල් ප්‍රනාන්දු මහතා ඒ පිළිබද සිය දියණිය දැනුවත් කිරීමට පියවර ගෙන ඇත.










