• About us
  • Contact us
Tuesday, July 21, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Uncategorized

‘පාස්කු ප්‍රහාරය තවමත් දේශපාලන වාසි තකා අඛණ්ඩව සූරාකෑමට ලක්ව තිබෙනවා’! ‘ජනාධිපතිවරු 3කට ගෙදර යන්නටත් පාස්කු ප්‍රහාරය බලපෑවා’! පාස්කු ප්‍රහාරයේ කරුණු හැසිරවීම වත්මන් රජය සහ වත්මන් ජනාධිපතිවරයාගේ පැවැත්ම අස්ථාවර කරයිද? මොකක්ද මේ ප්‍රහාරයේ ඇත්ත? මහාචාර්ය රොහාන් ගුණරත්නගේ විග්‍රහය! Sri Lanka Latest News

April 26, 2025
in Uncategorized
Reading Time: 6 mins read
A A
‘පාස්කු ප්‍රහාරය තවමත් දේශපාලන වාසි තකා අඛණ්ඩව සූරාකෑමට ලක්ව තිබෙනවා’! ‘ජනාධිපතිවරු 3කට ගෙදර යන්නටත් පාස්කු ප්‍රහාරය බලපෑවා’! පාස්කු ප්‍රහාරයේ කරුණු හැසිරවීම වත්මන් රජය සහ වත්මන් ජනාධිපතිවරයාගේ පැවැත්ම අස්ථාවර කරයිද? මොකක්ද මේ ප්‍රහාරයේ ඇත්ත? මහාචාර්ය රොහාන් ගුණරත්නගේ විග්‍රහය! Sri Lanka Latest News
Share on WhatsAppShare on Facebook


‘පාස්කු ප්‍රහාරය යනු ලෝකයේ වඩාත්ම හොඳින් විමර්ශනය කරන ලද ත්‍රස්ත ප්‍රහාරවලින් එකකි. අල්කයිඩාවේ 9/11 ප්‍රහාරයෙන් සහ 2023 ඔක්තෝබර් 07 දින සිදුකළ හමාස් සහ පලස්තීන ඉස්ලාමීය ජිහාඩ් ප්‍රහාරයෙන් පසු ශ්‍රී ලංකාවේ ඉස්ලාමීය රාජ්‍ය විසින් සිදුකරන ලද ‘පාස්කු ඉරිදා ප්‍රහාරය’ ලෝකයේ තුන්වැනි දරුණුතම ත්‍රස්ත ප්‍රහාරය ලෙස සැලකිය හැකිය. එයට අදාළ අපරාධකරුවන් හිතාමතාව සිවිල් වැසියන් ඝාතනය කළ නිසා මුළුමහත් ලෝකයම එම ම්ලේච්ඡත්වය දුටුවේය. ප්‍රහාරකයන් ඉස්ලාමීය දහම විකෘති කර, ‘අල්ලාහ්ට’ ආයාචනා කරමින් අහිංසක සිවිල් වැසියන් ඝාතනය කරමින් සහ ආබාධිත කරමින් මෙම මහා කුරිරු අපරාධය සිදුකළේය. ශ්‍රී ලංකාව වැනි දූපත් රාජ්‍යයක මෙවැනි බිහිසුණු ප්‍රහාරයක් සිදුවීම සාමාන්‍ය ජනතාව දැඩි කම්පනයට හා දැඩි කෝපයට පත්කළේය. මෙවැනි ශෝචනීය වටපිටාවකදී මෙම වසරේ අප්‍රේල් 21 වැනි දිනට පාස්කු ඉරිදා සංහාරයේ 06 වැනි අනුස්මරණය ශ්‍රී ලංකාව සනිටුහන් කරයි…’ Sri Lanka Latest News

කුමක්ද මෙලෙස ඇසෙන විශ්ලේෂණාත්මක කතාන්දරය? මෙය කියා සිටින්නේ කවරකු විසින්ද? මෙයට දින කීපයකට පෙරදී අපට මෙම සුවිශේෂ කතාව අසන්නට ලැබුණේ එක්තරා ප්‍රකට ඉංග්‍රීසි පුවත්පතක පළවූ ලිපියක් හරහාය. එනම් එම පුවත්පතට එක්තරා සුවිශේෂ විද්වතකු විසින් ලියා තැබූ ලේඛනයක් හරහා එම වතගොත අසන්නට ලැබිණි. මෙම ප්‍රවීණයා නම් මහාචාර්ය රොහාන් ගුණරත්නය. අප රට තුළත් ජාත්‍යන්තරයත් බොහෝ හොඳින් හඳුනාගත් මහාචාර්ය රොහාන් ගුණරත්න යනු ජාත්‍යන්තර ආරක්ෂක කටයුතු විශ්ලේෂකයකු සහ විශේෂඥවරයෙකි. ඔහු මුළුමහත් ලෝකය තුළම සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයන් ගැන පුළුල් විශ්ලේෂණයක යෙදුණු විද්වතකු ලෙස සැලකෙයි. බොහෝ පාර්ශ්ව විසින් ඔහු හඳුන්වනු ලබන්නේ ගෝලීය ආරක්ෂක පරිසරයේ තර්ජන පිළිබඳ විශේෂඥයකු ලෙසිනි. දැනට 63 වැනි වියේ පසුවන මහාචාර්ය ගුණරත්න යනු ජාතික හා ජාත්‍යන්තර ආරක්ෂාව පිළිබඳ වසර 30කට අධික අධ්‍යයන, ප්‍රතිපත්ති සහ මෙහෙයුම් පිළිබඳ අත්දැකීම් ඇති විද්වතෙකි. ඔහු වර්තමානයේ සිංගප්පූරුවේ නැන්යැං ජාතික තාක්ෂණ විශ්වවිද්‍යාලයේ ආරක්ෂක අධ්‍යයනය පිළිබඳ මහාචාර්යවරයෙකි. කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදිශිෂ්‍යයකු වන ඔහු, මහා බි්‍රතාන්‍යයේ, ඇමෙරිකාවේ විශ්වවිද්‍යාල දෙකකින් ආචාර්ය උපාධි හිමිකරගෙන ඇත. මහාචාර්ය රොහාන් ගුණරත්න මහතා මහා බි්‍රතාන්‍යයේ ගෝලීය සාම ආයතනයේ සභාපති ධුරයද, ත්‍රස්තවාදයේ මූල්‍යකරණයට එරෙහි වීමේ සම්මේලනයේ මහලේකම් ධුරයද දරා ඇත. ශ්‍රී ලංකාවේ පාස්කු ත්‍රස්ත ප්‍රහාරයේ 06 වැනි සංවත්සරයට අදාළ ඉහත විශ්ලේෂණාත්මක ලිපිය ඔහු ලියා තබා ඇත. එහි තවදුරටත් කියැවෙන්නේ කුමක්දැයි සොයා බලමු.

‘ශ්‍රී ලංකාවේ සිදුවූ වඩාත්ම විනාශකාරී ත්‍රස්ත ප්‍රහාරය වන ‘පාස්කු ඉරිදා ප්‍රහාරය’ පුද්ගලික සහ දේශපාලනික වාසි තකා අඛණ්ඩව සූරාකෑමට ලක්වෙමින් පවතී. 2025 අප්‍රේල් 21 වැනි දින පාස්කු ඉරිදා සංහාරයේ හයවැනි සංවත්සරය ශ්‍රී ලංකාව සනිටුහන් කරයි. ශ්‍රී ලංකාවේ බලවත්ම ආගමික නායකයකු වන මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් පාස්කු ඉරිදා ප්‍රහාරයේ වින්දිතයන්ට යුක්තිය ඉටුකරන ලෙස වත්මන් රජයට අවසාන නිවේදනයක් නිකුත් කර තිබේ. එසේ නොවුණහොත් සමාජ, දේශපාලන සහ ආර්ථික ස්ථාවරත්වයට හානි කරනු ලබන විවිධ මහජන විරෝධතා පවත්වන බවට කාදිනල්තුමා තර්ජනය කරයි. අනුප්‍රාප්තික ශ්‍රී ලාංකික නායකයන් හතරදෙනකුට සහ ඔවුන්ගේ රජයන්ට කාදිනල්තුමාට සත්‍යය ඒත්තුගැන්වීමට නොහැකි විය. පසුගිය කාලයේ මැතිවරණ ව්‍යාපාරයන් තුළ නොනවත්වා කටයුතු කළ කාදිනල්තුමාගේ බලපෑම හරහා මෛත්‍රිපාල සිරිසේන, ගෝඨාභය රාජපක්ෂ, සහ රනිල් වික්‍රමසිංහ යන ජනාධිපතිවරුන් බලයෙන් පහකිරීමට සැලකිය යුතු ලෙස දායක විය. මේ ආකාරයට පාස්කු ඉරිදා ප්‍රහාරයේ කරුණු හැසිරවීම වත්මන් රජයද අස්ථාවර කරන්නේද? එවැනි වටපිටාවකදී අද කාදිනල්තුමා ජනාධිපති අනුර කුමාර දිසානායක සමගද ගැටුම්කාරී මාවතකට පිවිස සිටියි. වත්මන් ජනාධිපතිවරයා කතෝලික ප්‍රජාවේ නායකයාට සත්‍යය ඒත්තු ගැන්වීමට අපොහොසත් වුවහොත් කාදිනල්තුමාගේ කෝපයට ලක්වන සිවුවැනි ශ්‍රී ලාංකික නායකයා ඔහු වනු ඇත. ශ්‍රී ලංකාවේ සාමයට සහ සහජීවනයට බරපතළ ලෙස හානි කළ පක්ෂ දේශපාලනය සහ දේශපාලනඥයන් කවුරුන්දැයි ජනතාවට තේරුම් ගැනීමට මෙය කාලයයි. සත්‍ය ලෙසම එය කාලීන අවශ්‍යතාවක්ව ඇත.’

මහාචාර්ය රොහාන් ගුණරත්න මහතාගේ මෙම ගැඹුරු, කාලීන විශ්ලේෂණය තවත් සුවිශේෂ කරුණු රැසක් සමාජයට හෙළිකරන ආකාරය දක්නට හැකිය. එම ලේඛනය තවදුරටත් මෙසේ කියා සිටියි.

‘අපිරිසිදු දේශපාලනය කිරීම නවතා පාස්කු ඉරිදා සංහාරයේ ප්‍රධාන සොයාගැනීම් ජාතියට හෙළිකිරීමට කාලය පැමිණ ඇත. දේශීය හා විදේශීය විමර්ශන ක්‍රියාවලීන් දෙකම නිගමනය කර ඇත්තේ පාස්කු ප්‍රහාරය මුස්ලිම් ආගමික අන්තවාදීන් විසින් සිදුකරන ලද්දක් බවයි. ඔවුන්ගේ බොහෝ සොයාගැනීම් ගෝලීය ප්‍රවණතාවට අනුකූල වන අතර, මෙලෙස ගෝලීය ත්‍රස්තවාදී ක්‍රියාවලීන් 90%කට වඩා මුස්ලිම් අන්තවාදීන් විසින් සිදුකරනු ලැබේ. ඉස්ලාම් දහමේ වරදක් නැත. එහෙත් දේශපාලනය හා පෞද්ගලික වාසි සඳහා තම ඇදහිල්ල වැරැදි ලෙස අර්ථකථනය කරන මුස්ලිම්වරුන් එම ප්‍රතිපත්ති වෙනස් කරනු ලබයි. ප්‍රජාතන්ත්‍රවාදයක් තුළ පාස්කු ඉරිදා වින්දිතයන්ට යුක්තිය ඉටුකිරීමට නම්, එය කුමන්ත්‍රණ මත නොව සත්‍ය සාක්ෂි මත පදනම් විය යුතුය. පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වූ පුද්ගලයන් කිහිප දෙනකු සමගම මම පුද්ගලිකවම සාකච්ඡා කර ඇත්තෙමි. ඉන් ඇතැමෙක් තවම අත්අඩංගුවේ පසුවෙති. ඔවුන් මට සහ ශ්‍රී ලාංකික හා විදේශීය විමර්ශකයන්ට පැවැසූ දේ මම විස්තරාත්මකව ලේඛනගත කර ඇත්තෙමි. මෙහිදී පෙනීගොස් ඇත්තේ ශ්‍රී ලාංකික සහ විදේශීය විමර්ශකයන්ගේ සොයාගැනීම්වල කිසිදු නොගැළපීමක් නොමැති බවයි. විෂමතාව ඇත්තේ දේශපාලනඥයන් පාස්කු ප්‍රහාරයේ කරුණු වැරැදි ලෙස අර්ථකථනය කර, වැරැදි ලෙස නිරූපණය කර ඇති ආකාරය තුළය…’

මෙම විශ්ලේෂණය තවත් බොහෝ තීව්‍ර, ගැඹුරු ආකාරයෙන් කරුණු විග්‍රහ කරන ආකාරය දක්නට හැකිය. අවුරුදු හයක් යනු කෙටි කාලයක් නොවේ. ඒ අනුව ගතවූ වසර හය තුළදී වගකිව යුතු රාජ්‍ය පාර්ශ්ව විසින් පාස්කු ප්‍රහාරයට අදාළව සිදුකරන ලද විවිධ ක්‍රියාවලීන් මෙසේ විග්‍රහ කර සිටියි.

‘ප්‍රහාරය වඩා හොඳින් අවබෝධ කරගැනීම සඳහා අනුප්‍රාප්තික ශ්‍රී ලංකා රජයන් කරුණු විමර්ශනය කිරීමේ ආයතන පිහිටුවන ලදී. මේ අනුව දේශීය විදේශීය රජයේ බලධාරීහු විමර්ශනයන් සිදුකර ඔවුන්ගේ සොයාගැනීම් වාර්තා කළහ…’


විමර්ශනයන් සිදුකළ දේශීය යාන්ත්‍රණ

  1. පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ විශේෂ ත්‍රිපුද්ගල විමර්ශන කමිටුවේ වාර්තාව (2019 ජුනි 10).
  2. පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ පාර්ලිමේන්තු තේරීම් කාරකසභාවේ වාර්තාව (2019 ඔක්තෝබර් 23).
  3. ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටුවේ වාර්තාව (2020 පෙබරවාරි 19).
  4. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳ ජනාධිපති විශේෂ විමර්ශන කොමිසමේ වාර්තාව (2021 ජනවාරි 31).
  5. පාස්කු ඉරිදා ප්‍රහාර පිළිබඳ ජනාධිපති කොමිසමේ සහ ජාතික ආරක්ෂාව පිළිබඳ අධීක්ෂණ කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සඳහා පත්කරන ලද කැබිනට් අමාත්‍ය අනුකමිටුවේ වාර්තාව (2021 අප්‍රේල් 05).
  6. පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර සම්බන්ධයෙන් චැනල් 4 නාලිකාවේ විකාශය වූ වැඩසටහනේ කරුණු විමර්ශනය කිරීම සඳහා වූ කමිටුවේ වාර්තාව (2024 ජුනි 15).
  7. විශ්‍රාමික විනිසුරු ඒ.එන්.ජේ. අල්විස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාර පිළිබඳ බුද්ධි සම්බන්ධීකරණය සහ විමර්ශන සඳහා පත්කරන ලද විමර්ශන කමිටුවේ වාර්තාව (2024 සැප්තැම්බර් 14).
  8. ‘මෙම ක්‍රියාවලීන්ට අමතරව නීතිය ක්‍රියාත්මක කරන බලධාරීන්, විශේෂයෙන් පොලිසිය පරීක්ෂණ සිදුකළහ. ත්‍රස්ත මර්දන හා විමර්ශන අංශය සහ අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුව විසින් පුද්ගලයන් 700ක් පමණ අත්අඩංගුවට ගෙන නීතිමය කටයුතු ආරම්භ කළහ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධකරුවන් හඳුනා ගැනීම සඳහා ජාත්‍යන්තර පරීක්ෂණයක් දක්වා විමර්ශනයන් පුළුල් කළේය. ඒ අනුව විදේශීය අපරාධ විමර්ශන කාර්යාංශ ගණනාවක්ම සහාය ලබාදුන්නේය. ඒවා මෙසේ ගෙනහැර දැක්විය හැකිය…’
    ● මහා බි්‍රතාන්‍යයේ ස්කොට්ලන්ඩ්යාර්ඩ් පොලිසිය
    ● ඇමෙරිකාවේ ෆෙඩරල් විමර්ශන කාර්යාංශය
    ● ඔස්ටේ්‍රලියානු ෆෙඩරල් පොලිසිය
    ● ඉන්දියාවේ ජාතික විමර්ශන ඒජන්සිය
    ● ජාත්‍යන්තර ඉන්ටර්පෝල් පොලිසිය
    ● මාලදිවයින් පොලිස් විමර්ශන සේවය
    එම විශ්ලේෂණය තවදුරටත් මෙසේ කරුණු විග්‍රහ කර සිටියි. පාස්කු ඉරිදා ප්‍රහාරය පිටුපස ශ්‍රී ලංකා හමුදාව සිටියාද යන පැනය මහාචාර්ය රොහාන් ගුණරත්න විසින් නගයි. ඔහු එයට පිළිතුරු සපයන්නේ මෙසේය.
    ‘ශ්‍රී ලංකාවේ ප්‍රතිරූපයට හා කීර්තිනාමයට හානි කළ තවත් කුමන්ත්‍රණ න්‍යායක් වූයේ එංගලන්තයේ චැනල්-4 රූපවාහිනිය විසින් විකාශය කරන ලද පාස්කු බෝම්බ ප්‍රහාර වැඩසටහනයි. මුස්ලිම් සරණාගතයකු මත පදනම්ව චැනල්-4 කියා සිටියේ රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් සුරේෂ් සලේ සමග ඉස්ලාමික ත්‍රස්ත නායක සහරාන් හෂීම් සම්බන්ධතා පවත්වා ඇති බවයි. මෙම පුද්ගලයන් දෙදෙනා අතර කිසිදු සම්බන්ධයක් පිළිබඳ කිසිදු කොමිෂන් සභා වාර්තාවක් හෝ මේ දක්වා පවත්වන ලද දේශීය හෝ විදේශීය පරීක්ෂණයක් මගින් හෝ සඳහන් කර නොමැත.’
    මහාචාර්ය රොහාන් ගුණරත්නගේ මෙම විශ්ලේෂණ බොහෝ දීර්ඝ එකකි. එහෙත් ඒ සියල්ලක්ම මෙහි ලියා තබන්නට ඉඩක් නොමැත. එහෙත් එම ලිපියේ අවසානයෙහි ඔහු පසුවදනක් මෙසේ සපයයි.
    ‘පාස්කු ඉරිදා ප්‍රහාරයෙන් දැන් වසර 6ක් ගතවී අවසානය. සත්‍යය සහ යුක්තිය සොයා යෑම, වින්දිතයන්ට සහ සමාජයට දැඩි කනස්සල්ලක් ලෙස පවතී. ප්‍රහාරවල සියදිවි නසාගත් අපරාධකරුවන් තවදුරටත් ජීවතුන් අතර නොමැති අතර, මූල්‍ය, ද්‍රව්‍යමය සහ දෘෂ්ටිවාදාත්මක ක්‍රම හරහා ඔවුන්ට සහාය දුන් බොහෝ පුද්ගලයන් හා ජාල හඳුනාගෙන ඇත. එසේම ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වෙමින් ඇත…’

‘මෙම නොවිසඳුණු භූ දර්ශනය තුළ කුමන්ත්‍රණ න්‍යායන් බහුලවී ඇති අතර, එය මහජන කතිකාව විකෘති කර වගවීම පිළිබඳ සාමූහික ලුහුබැඳීමට බාධා කරයි. සමහරුන්ට මෙම ඛේදවාචකය සමාජ-දේශපාලන මෙවලමක් හෝ පුද්ගලික න්‍යායපත්‍ර සඳහා වාහනයක් හෝ බවට පත්ව ඇති අතර, සත්‍යයට පැමිණවීමේ උත්සාහයක් තවදුරටත් සංකීර්ණ කරයි. යම් ප්‍රගතියක් තිබියදීත් එහෙත් වගවීම පිළිබඳ ප්‍රශ්න තවමත් පවතී. එසේම බොහෝ දෙනෙක් පරීක්ෂාවෙන් හා යුක්තියෙන් වැළකී සිටිති. මෙම වටපිටාවේදී ව්‍යාජ ආඛ්‍යාන සහ කුමන්ත්‍රණ න්‍යායන් ප්‍රවර්ධනය කරන රැඩිකල් දේශපාලනඥයන් සහ අනෙකුත් පුද්ගලයන්ට දඬුවම් කළ යුතුය. දැන් තීරණාත්මක ප්‍රශ්නය ඉතිරිව ඇත. සත්‍යය අනාවරණ කරගැනීමට සහ යුක්තිය ඉටුකිරීමට සැබැවින්ම කැපවී සිටින්නේ කවුද සහ මෙම ක්‍රියාවලිය අඳුරු කිරීමට හෝ ප්‍රමාද කිරීමට හෝ උත්සාහ කරන්නේ කවුද? වගකිව යුතු බලධාරීන් එයට පිළිතුර සොයාගත යුතුය…’

  • මහාචාර්ය රොහාන් ගුණරත්න
Sri Lanka Latest News

ප්‍රියන්ත හෙට්ටිගේ

SendShareShare
Previous Post

ගෙදරට ඇවිත් වෙඩි තියලා මරන සංස්කෘතියක් අද රටේ බිහිවෙලා! නීතිය ජනතා පරමාධිපත්‍යය නෙමෙයි අද රජ කරන්නේ T56යි උණ්ඩයයි.. කැලෑ නීතියයි! PHOTOS & VIDEO I Sri Lanka Latest News

Next Post

මෝදිත් එක්ක ගහපු ආරක්ෂක ගිවිසුම ආණ්ඩුව එළියට දැම්මෙ නෑ! නලින්ද කිව්වා ගිවිසුම එළියට දාන්න ඉන්දියාවෙන් අහන්න ඔන කියලා! තොරතුරු දැනගැනීමේ පනත යටතේ ඉල්ලන්න කිව්වා! ආණ්ඩුව හංගපු ගිවිසුම් හතෙන් ගිවිසුම් දෙකක් මෙන්න ගම්මන්පිල අද එළියට දැම්මා! ඉතුරු 5ත් එළියට දානවලු!  VIDEO I Sri Lanka Latest News

MORE NEWS

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News
Uncategorized

කතානායකට බරපතළ චෝදනාවක්! මේ පාර ලොන්ඩරි කේස් එකක්! හෙළිදරව්ව ගම්මන්පිලගෙන්! අල්ලස් කොමිසම ඇක්ෂන් එකක් ගනියිද? VIDEO I Sri Lanka Latest News

Uncategorized

දුප්පත් මිනිස්සුන්ට දෙන අස්වැසුමෙනුත් ගැහිල්ලක් ගහලා! මේක පුදුම රටක්! VIDEO I Sri Lanka Latest News

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News
Uncategorized

කරනවා කියපු කිසිම දෙයක් ජනතාවට කරන්නේ නැතිව ආණ්ඩුව දයාසිරිව දඩයම් කරන්නයි යන්නේ..! ලැජ්ජයි! දයාසිරි වෙනුවෙන් සජබය සහ සජිත් පෙරට එයි! VIDEO I Sri Lanka Latest News

‘සමාජ මාධ්‍ය රටට අහිතකරයි! අධිකාරියක් මගින් පාලනය කළ යුතුයි!’ රනිල් මෑතකදී පත්කළ වයඹ ආණ්ඩුකාර ලක්ෂ්මන් යාපා මුට්ටිය දාලා බලයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ව්‍යාපාරිකයෙක්ගෙන් මිලියනයක අල්ලසක් අරන්! හිටපු ඇමැති ලක්ෂ්මන් යාපාට මහාධිකරණයේ නඩු පවරයි!  I Sri Lanka Latest News

ඉරානයට අපාය පෙන්වනවා  -ට්‍රම්ප්..! මැදපෙරදිගම අපායක් කරනවා..-ඉරානය VIDEO I Sri Lanka Latest News
Uncategorized

ගැහුවාට විරෝධය! අමෙරිකානු සාම සාකච්ජාවලින් ඉරානය ඉවත් වෙයි! I Sri Lanka Latest News

තවත් ජංජාලයක්! ආණ්ඩුව ඩිජිටල් ID ටෙන්ඩරය බ්ලැක්ලිස්ට් වෙච්ච ඉන්දීය සමාගමකට දෙන්නයි යන්නේ..! I Sri Lanka Latest News
Uncategorized

O/L කරලත් ඉවරයි! A/L කරලත් ඉවරයි! අවුරුදු තුනහමාරක් ගිහිල්ලත් තවම සිසුන්ට ID එක ඇවිත් නෑ! දෙපාර්තමේන්තුවත් සද්ද නෑ! I Sri Lanka Latest News

Load More
ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

රටම අහන ප්‍රශ්න 3ක් විපක්ෂනායක සජිත් අද පාර්ලිමේන්තුවේදී ආණ්ඩුවෙන් අහයි! මහාභාණ්ඩාගාරෙන් අතුරුදන් වූ ඩොලර් මිලියන දෙකහමාරේ වගකීම ගන්නේ කව්ද? කව්ද මේ සල්ලි ආපහු ගෙවන්නේ..? වගකිවයුත්තන්ට ගත්ත විනය ක්‍රියාමාර්ග මොනවාද? VIDEO I Sri Lanka Latest News

2026 ජූලි 10 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද රාජ්‍ය මුදල් කාරක සභාවේ වාර්තාව මඟින් අනාවරණය කර ඇත්තේ 2025 නොවැම්බර් සිට...

Read more
හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

හර්ෂණට එරෙහි විශ්වාසභංගය දැන් කතානායක අතේ..!  I Sri Lanka Latest News

අනුරට අභියෝගයක්! නාමල් හිරේ යන්න සූදානම්! VIDEO I Sri Lanka Latest News

ජනාධිපතිට 75%ක් කැමැතිලු! කොහෙන්ද මේවට හිනාවෙන්නේ..? නාමල්ට ලොකු ප්‍රශ්නයක් ඇවිත්! I Sri Lanka Latest News

කංජිපානි ඉම්රාන් වෙස්වළාගෙන එළියට එයි! කාටවත් අඳුනගන්න බැරිවෙලා!

‘මම KPI කතා කරන්නේ..! මේක රෙකෝඩ් කරලා පොලිසියට දීපන්..! CID එකට දීපන්..! දකුණේ ඕන ලොක්කෙකුට දීපන්..! මම මැරෙන්න බයත් නෑ.. මරන්න බයත් නෑ.! පුළුවන් දෙයක් කරපන්..!’ රට පැන්න පාතාල නායක කංජිපානි ඉම්රාන්ගෙන් දෙවුන්දර බස්නායක නිළමේට ආ කෝල් එක..! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම්  කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

ආණ්ඩුවේ ඉන්නකොට අධිකරණයට ගහලා විපක්ෂයට ආවාම අධිකරණය ගැන හොඳ කියන දිව දෙකේ ප්‍රතිපත්ති අපි ළඟ නෑ! එදා ශිරාණි බණ්ඩාරනායක අගවිනිසුරු ධූරයෙන් අයින් කළේ මහ රෑ වෙනකම් පාර්ලිමේන්තුවේ නඩු අහලා! පළාත් පාලන ඡන්දය තියන්න කියපු විනිසුරුවරු පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවලට ගේන්න හැදුවා! ආණ්ඩුවේ ඉද්දී එකයි විපක්ෂයේ ඉද්දී එකයි එහෙම බෑ! අපි හැමදාම හිටියේ අධිකරණයේ ස්වාධීනත්වය වෙනුවෙන්! අද සුදු ඇඳගෙන ඇවිත් අධිකරණයේ ස්වාධීනත්වය ගැන කතා කරන අයගේ වෙස්මුහුණු විපක්ෂනායක සජිත් නීතීඥයන් ඉදිරියේම ගලවලා දමයි! VIDEO I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.