• About us
  • Contact us
Friday, July 24, 2026
No 1 epaper in Sri Lanka
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
  • Home
  • ePaperNEW
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH
No Result
View All Result
Mawratanews.lk | Sri Lanka Latest Sinhala News and Headlines
No Result
View All Result
 
Home Exclusive

දෙවියෝ කෝප වෙලාද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)

May 18, 2021
in Exclusive, Uncategorized
Reading Time: 6 mins read
A A
දෙවියෝ කෝප වෙලාද? (උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ ගුරුදා විග්‍රහය)
Share on WhatsAppShare on Facebook

‘ආණ්ඩුවට මොකද මේ වෙන්නේ…
හරියට ශාපයක් වගේ…

‘එක ප්‍රශ්නයක් ඉවර වෙන්න තව එකක්…’

‘ගන්න හැම තීරණයක්ම වරදිනවා…’

මේ දවස්වල ටොයියෝ පමණක් නොව බයියොත් කියන්නේ ඔය කතාවමය.

‘කොරෝනා ඉවරයි කියල එනවුන්ස් කරන කොටම බ්‍රැන්ඩික්ස් කොරෝනා පොකුර ආවා..’

‘රුසියාවේ සංචාරකයන් ගෙනැල්ලා සංචාරක හෝටල් වැඩ පටන් ගන්න කොටම අලුත් කොරෝනා ප්‍රභේදයක් ආවා.’

‘එන්නත තමයි කොරෝනාවලට බෙහෙත කියල එන්නත් දෙන්න යනකොටම එන්නත් නැති වුණා…’

මේ ටොයියෝ වේවා බයියෝ වේවා පාර තොටේ කියන කතාය.

‘මේක ශාපයක්වත් වෙන මොකක්වත් නොවේ ආණ්ඩුවේ අසමත්කම. මහ ඡන්දයට නාම යෝජනා නොගෙන රට වැහුවා නම් ලංකාවේ කොරෝනා හොයා ගන්නත් නැහැ. ලෝක සෞඛ්‍ය සංවිධානය එන්නත් අනුමත කරලා හැම රටකටම එන්නත් ඇණවුම් කරන්න කිව්වේ ගිය නොවැම්බර් මාසයේ. එන්නත් මිලදී ගන්න අමාරු රටවලට ලෝක සෞඛ්‍ය සංවිධානයේ මැදිහත් වීමෙන් නොමිලේ එන්නත් ප්‍රමාණයක් දෙන්න අයැදුම් කරන්න කීවා. ලංකාව අයැදුම් කළේ නැහැ. ධම්මික පැණිය බිබී හිටියා. සාමාන්‍යයෙන් රටක මිනිසුන්ගෙන් 60%කට එන්නත් ගැහුවාම ඇති. ඒ ටික ගිය නොවැම්බරයේ ඇණවුම් කළා නම් අද ලංකාව කොරෝනා නැති රටක්. ලෝකයේ කොරෝනාවලින් නිදහස් වෙලා තියෙන්නේ පොඩි ජනගහනයක් ඉන්න ලංකාව වගේ රටවල්. හේතුව එන්නත් ගහන්නේ සුළු ප්‍රමාණයකට. ලංකාවටත් ඒ වාසනාව තිබුණා. ආණ්ඩුවේ මෝඩකම් නිසා ඒ වාසනාව අහිමි වුණා.’

මේ පරණ වමේ දේශපාලනඥයෙක් කී කතාවය.

ඒ කතාව ඇත්තය. කොරෝනා ආ මුල් කාලයේ ආණ්ඩුවේ නායකයන් සහ මාධ්‍ය හිනා වුණේ ඉතාලියේ කොරෝනාවලින් මැරෙන මිනිසුන්ටය. ඇමෙරිකාව, මහ බි්‍රතාන්‍ය කොරෝනාවලින් විනාශ වෙන හැටි පෙන්න පෙන්නා මේ නායකයන් මේ මාධ්‍ය මිනිසුන්ව චූන් කළේ ගෝඨාභය නිසා ලංකාවේ එහෙම වෙන්නේ නැහැ කියාය.

ඉතාලියේ කොරෝනාවලින් මියගිය මිනිස්සු පොලිතීන් කවරවල දමල වළට දමනවා යැයි මෙරට පොලිසියේ මාධ්‍ය ප්‍රකාශක කී විට මෙරට ඉතාලි තානාපති කාර්යාලය එය සම්පූර්ණ අසත්‍යයක් කියා නිවේදනයක් නිකුත් කළේය. ඔවුන් එම නිවේදනය නිකුත් කළේ කොරෝනා නමැති වෛරසයක් නිසා තම රටේ මියයන මිනිසුන්ගේ මරණ උපහාසයට ගැනීම ගැන කනස්සල්ල පළ කරමිනි.

පහුගියදා ඉතාලිය අපූරු නිවේදනයක් නිකුත් කළේය. එනම් ලංකාවේ පුරවැසියන්ට ඉතාලියට පැමිණීම තහනම් කරමිනි. එම නිවේදනය ඉතාලිය කළේ එරට විවෘත කොට ඔවුන්ගේ වසන්ත නිවාඩුව රිසි සේ සමරන්න ඉතාලි වැසියන්ට ඉඩ ලබා දීමෙනි. ඔවුන් කොරෝනා ජය ගත්තේ මිනිසුන්ට එන්නත් දීමෙනි.

ආණ්ඩුවේ නායකයන් සහ මාධ්‍ය ඊළඟට හිනා වුණු රට ඇමෙරිකාවය. එවකට ජනාධිපති ට්‍රම්ප්ටත් කොරෝනා හැදිලයි උදම් ඇනූහ. වත්මන් ඇමෙරිකානු ජනාධිපති බයිඩන් ළඟදී ප්‍රකාශ කළේ මුඛ ආවරණ නැතිව ජනතාවට නිදහසේ සැරිසරන්න සියල්ල සූදානම් කොට ඇති බවය.

ආණ්ඩුවේ නායකයන් සහ මාධ්‍ය හිනා වුණු තවත් රටක් වූයේ බි්‍රතාන්‍යයය. බි්‍රතාන්‍යයේ අගමැති බොරිස් ජොන්සන්ටත් කොරෝනා හැදිලා යැයි ආණ්ඩුවේ නායකයන් සහ මාධ්‍ය කිව්වේ බි්‍රතාන්‍ය ඉවරයි කියන්නා වගේය. පහුගියදා බි්‍රතාන්‍ය අගමැති ජොන්සන් ජනතාව අමතා කීවේ එන්නත් ගහපු අයට එකිනෙකා සිප වැලඳ ගැනීමට අවසර දෙන බවය.

එදා ඉතාලියට, ඇමෙරිකාවට, බි්‍රතාන්‍යයට, යුරෝපයට හිනා වුණු ආණ්ඩුවේ නායකයන් සහ මාධ්‍ය අද බයෙන් බයෙන් ඉන්දියාවට හිනා වෙයි. ඉන්දියාවේ මිනිස්සු මැරෙන හැටි කියයි. හැබැයි කතාවට කියන්නේ ඉන්දියාවට උණ හැදුණාම ලංකාවට හෙම්බිරිස්සාව හැදෙනවා කියාය. මේ කතාව ප්‍රකට වුණත් ඉන්දියාවයි, ලංකාවයි ඒ තරමට දේශපාලන වශයෙන්, ආර්ථික වශයෙන්, සංස්කෘතික වශයෙන් සමීප යැයි කියන්නටය. වෛරසයට එහි වෙනසක් තිබිය නොහැකිය. ඒ නිසා ආණ්ඩුවේ නායකයන් සහ මාධ්‍ය කළයුතු වන්නේ ඉන්දියාවට සිනාසීම නොව ඉන්දියාවේ තත්ත්වයට ලංකාව පත් නොකරන්න වැඩ කිරීමය.

මේ ආණ්ඩුවේ නායකයන් සහ ආණ්ඩුවට කඩේ යන මාධ්‍ය පමණක් නොව ආණ්ඩුවට ඡන්දය දුන් පොදුජන පෙරමුණේ පාක්‍ෂිකයන්ද හතුරන්ට හිනා වෙන්න හරි දක්‍ෂය. හිනා වෙන්න පමණක් නොව ‘හූ’ කියන්නත් දක්‍ෂය.

රුවන්වැලි මහසෑය දුටුගැමුණු රජු හැදුවේ බුදුන් වහන්සේගේ ධාතු තැන්පත් කරලාය. මහ වංශයට අනුව රුවන්වැලි මහසෑය හැදුවේ හාස්කම්වලිනි. රුවන්වැලි මහසෑය හදන්න දුටුගැමුණුට දෙවි දේවතාවුන් ආශිර්වාද කළ බව, උදව්, උපකාර කළ බව මහවංශය කියා තිබේ. ගෝඨාභය ජනාධිපති වී දිවුරුම් දුන්නේ රුවන්වැලි මහසෑ භූමියේය. එදින රහතුන් වැඩියා යැයි කියන එම භූමියට පොදුජන පෙරමුණ පාක්‍ෂිකයන් පැමිණ සිටියේ තම නායකයා දිවුරුම් දෙන හැටි බලන්නටය. එම උත්සවයට එවකට අගමැති රනිල්ට සහ රනිල්ගේ ආණ්ඩුවේ මැති ඇමැතිවරුන්ටත් ආරාධනා කොට තිබුණි. එම උත්සවයට සහභාගි වූයේ රනිල් ඇතුළු රනිල්වාදී මැති ඇමැතිවරු කිහිප දෙනෙක් පමණි. ඔවුන් එම උත්සවයට සහභාගි වීමට රුවන්වැලි මහා සෑ භූමියට එන විට එම භූමියේ සිටි පොදුජන පෙරමුණු පාක්‍ෂිකයෝ මහ හයියෙන් ‘හූ’ කියන්න පටන් ගත්හ. ඔවුන් යළි පිටව යන විටත් මහ හයියෙන් ‘හූ’ කියන්න පටන් ගත්හ. දුටුගැමුණු රජු කාලයේ සිට මේ දක්වා රුවන්වැලි මහා සෑයේ භූමියෙන් ඇහුණේ සාධුකාරය පමණි. ‘හූ’ හඬ ඇහුණේ පලවැනි වතාවටය. ඒ ඓතිහාසික ශුද්ධ වූ භූමියේ ‘හූ’ හඬ නතර කරන්න කිසිවෙක් නොවීය. දුටුගැමුණු තම හතුරා වූ එළාරගේ සොහොනටත් ආචාර කරන්න යැයි නීති දමපු අයෙකි. ඔහු දෙවි දේවතාවුන්ගේ, රහතුන්ගේ ආශීර්වාදයෙන්, උදව්, උපකාරයෙන් බුදුන්ගේ වටිනාම ධාතු තැන්පත් කොට රුවන්වැලි මහසෑය හැදුවාය කියන්නේ දේශපාලන කෙළිකවටකම් කරන්න නොවේ.

කැලණිය පුද බිමකි. කැලණියට බුදුන් වැඩියහ. එහෙව් පුද බිමක මණිඅක්ඛිත නාග රාජයා පෙන්නා ජනාධිපතිවරණයේදී නයි නටවන්න යාම මේ ඓතිහාසික පුද බිමට කරපු නිග්‍රහයකි. සමාව දිය නොහැකි පාපයකි.

‘ඒකද අද මේ ආණ්ඩුවට මෙහෙම වෙලා තියෙන්නේ…’

ඒක නම් කියන්න දන්නේ නැත.

හැබැයි ආගම් සහ විශ්වාස සමග සෙල්ලම් කිරීම භයානකය. මුස්ලිම් ආගමත් ආගමකි. ඒ ආගම අදහන අයගේ විවිධ විශ්වාස තිබේ. මියගිය පසු භූමදානය කිරීම එවැනි විශ්වාසයකි. තමන්ට ජනාධිපතිවරණයේදී මුස්ලිම් ජනතාව ඡන්දය නොදුන් නිසා මේ ආණ්ඩුව මුස්ලිම්වරු රිදවන්නත්, සිංහල බෞද්ධ ඡන්ද ගන්න රට තුළ මුස්ලිම් විරෝධය අවුලන්නත් මේ විශ්වාස සමග සෙල්ලම් කළේය. ඒ විශ්වාසයන්ට හිනා වූහ. මුස්ලිම්වරු හැමදාම, හවස දොරවල් වහගෙන යාඥා කළහ. ඇත්තටම මුස්ලිම් දේහ වළ දැමීමෙන් කොරෝනා බෝ වෙනවා කියන කතාවේ විද්‍යාත්මක පදනමක් නොවීය. මුස්ලිම් විරෝධී මෝඩිගේ ඉන්දියාවත් මුස්ලිම් කොරෝනා දේහ වළලන්න ඉඩ දුනි. කොරෝනාවෙන් මියගිය මුස්ලිම් දේහ සමග ලංකා ආණ්ඩුව කළේ දේශපාලනයක් බව තේරුණේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේදී මුස්ලිම් රටවල ඡන්ද ගන්න කොරෝනා මුස්ලිම් දේහ භූමදානයට ඉඩ දෙමිනි.

ආගම් සහ විශ්වාස වසර දහස් ගණන් පැරැණිය. ඒවා සමග සෙල්ලම් කිරීමෙන් ලෙල්ලම් වෙන බව ආණ්ඩුව දැන්වත් තේරුම් ගතහොත් හොඳය.

උපුල් ජෝශප් ප්‍රනාන්දු

SendShareShare
Previous Post

60ට වැඩි අයට එන්නත දෙන්න සුදර්ශනී කැමැති වුණත් අධ්‍යක්ෂ ජෙනරාල් තවම කැමැත්ත දීලා නෑ!

Next Post

කොරෝනා ගැන සජිත් ප්‍රශ්න කරද්දී.. ජොනී සජිත්ට පිස්සා කියයි..සජිත් නොනවත්වා ප්‍රශ්න අහයි… (Vedio)

MORE NEWS

තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News
Exclusive

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News
Exclusive

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News
Exclusive

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News
Exclusive

සජිත්ගේ ආරාධනාව පිළිගෙන මුළු රටේම විපක්ෂය එක මිටට නොම්බර 30ට එකතු වෙයි! සජිත් රනිල්ට අතට අත දෙයි! VIDEO I Sri Lanka Latest News

Load More
තවත් වෙඩි තැබීමක්! එක්කෙනෙක් මරුට! දෙන්නෙක්ට තුවාලයි! අවුරුදු 3ක දරුවෙකුටත් වෙඩි වැදිලා!
Exclusive

දවසේ දෙවැනි වෙඩිල්ල දෙමටගොඩින් පත්තු වුණා! I Sri Lanka Latest News

දෙමටගොඩ, කුප්පියාවත්ත සුසාන භූමිය ආසන්නයේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.Sri Lanka Latest News යතුරුපැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයින්...

Read more
කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

කැලේදි හමුවුණු අරුම පුදුම බූරුවා! VIDEO I Sri Lanka Latest News

ලිංගික වෙබ් අඩවි විතරක් නෙමෙයි තවත් ලොකු වැරැද්දක් වෙලා! රාජ්‍ය ලාංඡනයේ ධර්ම චක්‍රය වෙනුවට මොඩියුලවලට ඉන්දියාවේ අශෝක චක්‍රය දාලා! වහාම මේ වැරැද්දත් නිවැරදි කරන්න! විපක්ෂනායක සජිත් පෙළපොත්වල තවත් වැරැද්දක් පෙන්වයි! VIDEO I Sri Lanka Latest News

ඒක කරන්න එපා..! මේක කරන්න! විපක්ෂ නායක සජිත්ගෙන් ආණ්ඩුවට උපදේශයක්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ගෝඨා බාප්පා වෙනුවෙන් නාමල් අද නීතීඥ කබාය දාගෙන උසාවි ඇවිත්! VIDEO I Sri Lanka Latest News

ලෝකයේම ආර්ථිකය කඩා වැටෙන්නයි යන්නේ! අවුරුදු 4කට පසු බොරතෙල් බැරලය ඩොලර් 90 පැන්නුවා! I Sri Lanka Latest News

ඊයෙ ‌ඩොලර් 95යි! අද 98යි! බොරතෙල් බැරලය දවසින් දවස නගිනවා! I Sri Lanka Latest News

  • About us
  • Contact us

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.

No Result
View All Result
  • Home
  • ePaper
  • Exclusive
  • News
  • Politics
  • Mahawanshaya
  • Astrology
  • Holiday
  • Heart
  • Business
  • ENGLISH

Copyright © 2019–2025 Free Media Independent Networks Pvt Ltd. All Rights Reserved. Developed by Turn Global.